The Leader News
BREAKING
Top Ad
Opinion

අද මංගලගෙ උපන්දිනේ....

T

The Leader Desk

April 21, 2025 • 7:28 AM

අද මංගලගෙ උපන්දිනේ....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල, රැඩිකල් ලිබරල් මැද තැනක් ලංකාවෙ දේශපාලනයේ සළකුනු කළා.
  • ජීවිතේට ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි සාදය.
  • (සටහන | චින්තන ධර්මදාස) දේශපාලන හා සමාජ විශ්ලේෂක අධ්‍යක්ෂ - facultyofsex vyadhadeva@gmail.com (උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..) 2025 අප්‍රේල් 21.
අකුරු ප්‍රමාණය (Font Size):

මංගල, රැඩිකල් ලිබරල් මැද තැනක් ලංකාවෙ දේශපාලනයේ සළකුනු කළා.

මංගලව මං අදුරගන්නෙ ගොඩක් කල් ඈත ඉඳන් බලන් ඉඳලා. ඒ හරිම නිර්මාණශීලී දේශපාලන චර්යාව මාව විස්මයට පත් කරපු එකක් වුනා. ඒකෙ හොඳ නරක විනිශ්චයට වඩා මං කැමති ඒ දේශපාලනයේ තිබුනු ක්‍රියේටිවිටි එකට.

 

මංගල : අළුත් ගමන මග නවතා නො එන ගමන් ගිය සොඳුරු මිනිසා -ග්‍රේෂන් ඒ. පීරිස්

හැමදාම මං මතක් කරනවා වගේ මංගල කියන්නෙ පාලම් හදපු මිනිහෙක්. තාප්ප කඩන්න මිසක් හදන්න කිසි දවසක එයාගෙ පෙනී සිටීමක් තිබුනෙ නෑ.

mangala

 

මංගලගෙ දේශපාලනයට ඉහලින් ආදරය තිබුන. එයා තමන්ව හඳුන්වාදුන්නෙ කේමාගේ පුතා කියල. අම්මාගෙ අයිතියෙන්. තාත්තාගෙ අයිතියෙන් නෙමෙයි. ඒ ස්ත්‍රීත්වය, ඒ ආදරය මංගලගෙ දේශපාලනයේ හැමතැනකම තිබුන. ඒක ලංකාවෙ දේශපාලනය කරන ගැහැණුන්ගෙවත් නැති ෆෙමිනින් දේශපාලනයක්.

කාලයක් බලාගෙන ඉඳලා අවසාන කාලයේදී ඇසුරු කරන්න ලැබුනු මංගලගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජීවිතේට ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි සාදය. මංගලගේ ජීවිතය දේශපාලනය හැමදෙයක්ම සාදයක්. මිත්‍රත්වයෙන්, ආදරයෙන්, මත්වෙමින් සාකච්ඡා දිගහැරෙන රාත්‍රීන්. වාද කරමින්, එකිනෙකා පරයා නැගෙන්නට හදමින්, සත්‍ය වෙනුවෙන් සටන් වදින සාකච්ඡා නෙමෙයි. අනෙකාව තේරුම් ගන්නා, මුහුවෙනසුලු සාකච්ඡා. මංගල ඉන්න හැමතැනකම ඒ ගුණය තිබුන. තාප්ප හදන්න දෙන්නෙ නැති ගුණය.

 

රැඩිකල් මැද මංගල - (චින්තන ධර්මදාස)

මංගල කියන්නෙ දේශපාලනයේ විපරීත පිහිටුමක්. දකුණත් වමත් අතර එහා මෙහා යන්න පුළුවන් යාත්‍රිකයෙක්. සියලු දේශපාලන න්‍යායවාදීන්ට වඩා ‍රැඩිකල් ආස්ථානයන් වෙනුවෙන් ප්‍රායෝගිකව පෙනී හිටපු අසමාන්‍යයෙක්. ජනතාව හෝ බහුතරය වෙනුවට පුද්ගලයාගේ අයිතිය, නිදහස ගරු කරන ශිෂ්ට දේශපාලනයක් වෙනුවෙන් අමාරුම ආමන්ත්‍රණයන් තෝරගත්ත සදාතනික ඉන්ස්පිරේෂන් එකක්.

මංගල කියන්නෙ එක්කෙනයි. ඒ පොලිටිකල් ආර්ට් එක දැක්කෙ එච්චරයි.

මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා | Chinthana Dharmadasa(සටහන | චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
2025 අප්‍රේල් 21


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අද මංගලගෙ උපන්දිනේ.... | The Leader