The Leader News
BREAKING
Top Ad
Opinion

පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවා ද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 7, 2025 • 7:40 AM

පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවා ද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු බව අමතකව ගිය ද, ජනාධිපතිවරයාගේ මාස හතක ධූර කාලය තුළ ලැබූ මෙම ප්‍රතිඵලය විසින් ඔහු යළි දෙපයින් සිටුවා තිබේ.
  • කොළඹ, ගම්පහ අගනාගරික ජනයා ඔවුන් පිළිගෙන ඇති බව පෙනේ.
  • උතුරු-නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනයා ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇත.
  • ජාතික ජන බලවේගය බොහෝ දුරට රාජ්‍ය නොවන සංවිධාන විසින් ප්‍රවර්ධනය කරන ලද සමාජ ප්‍රමිතීන්ට අනුකූල, නාගරික, සෝබනකාර, පාරිභෝජනවාදී මධ්‍යම පන්තිය තුළ ශක්තිමත් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු බව අමතකව ගිය ද, ජනාධිපතිවරයාගේ මාස හතක ධූර කාලය තුළ ලැබූ මෙම ප්‍රතිඵලය විසින් ඔහු යළි දෙපයින් සිටුවා තිබේ.

පළාත් පාලන මැතිවරණය ජනතා පරමාධිපත්‍යය සමග සම්බන්ධ ජාතික මැතිවරණයක් නොවේ. එහි අරමුණ නගර, ගම් පාලනය කිරීම සඳහා පළාත් පාලන ඒකක වෙනුවෙන් මහජන නියෝජිතයන් පත්කරගැනීමයි. පළාත් පාලනය සඳහා අවශ්‍ය වන්නේ ඒ සඳහා දක්ෂ ප්‍රාදේශීය නායකයන්ය. ඔවුන්ට මහජන සම්බන්ධතා පැවැත්වීමේ ඉහළ හැකියාවක් තිබිය යුතුය.

 

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?
එසේම, පළාත් පාලනයේදී ජාතික දේශපාලනයට වඩා වැදගත් වන්නේ පුද්ගල නායකත්වයයි. නිර්මාණය කර තිබෙන සමානුපාතික ක්‍රමය දේශපාලනික තරගකාරීත්වයෙන් තොරව පළාත් පාලනය සඳහා නියෝජනය තහවුරු දෙන ක්‍රමයකි. ගමට වැඩ කරන්නට අවශ්‍ය නම් පළාත් පාලනය ඒ තිබෙන විදිය නරක නැත.

ජාතික ජන බලවේග ආණ්ඩුව ද පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙහි කිසිදු වෙනසක් සිදු නොකර මැතිවරණ පැවැත්වීය. එහෙත්, ඔවුහු එය ජාතික දේශපාලනයේ පරමාධිපත්‍යය හා සම්බන්ධ මැතිවරණයක මට්ටමට ගෙන ආහ. ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත්ව ජනාධිපති ධූරයේ වරප්‍රසාද භාවිතා කරමින් දිවයින පුරා මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේය. මැතිවරණ වාසි ලබාගැනීම සඳහා දළදා වන්දනාවක් ද පාවිච්චි කළේය. එසේම, අති විශාල ධනස්කන්ධයක් වැය කරමින් මහා මැයි රැලියක් ද පැවැත්වූහ. රාජ්‍ය බලය මැතිවරණ ප්‍රචාරණය සඳහා විවිධාකාරයෙන් භාවිතා කළහ. අගමැතිනිය ඡන්ද නීති කඩන්නැයි පාක්ෂිකයන්ට උපදෙස් පවා දුන්නාය. ප්‍රතිඵලය කුමක්ද?

 

මෙම මැතිවරණය විසින් ජනතා පරමාධිපත්‍යය හමුවේ ජාතික ජන බලවේගයේ බලය ප්‍රශ්න කර තිබේ. ඔවුන් අසමත්ව ඇත. කොළඹ, ගම්පහ අගනාගරික ජනයා ඔවුන් පිළිගෙන ඇති බව පෙනේ. එහෙත්, ග්‍රාමීය ප්‍රදේශ රැසක ඔවුන්ගේ බලය ප්‍රශ්න කර තිබේ. කලුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළේ මතුගම, දොඩම්ගොඩ, අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිට, බුලත්සිංහල, මදුරාවල ප්‍රාදේශීය සභාවල මාලිමාවේ පසුබෑම කැපී පෙනේ. උතුරු-නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනයා ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇත. එසේ වූයේ ඇයි?

ජාතික ජන බලවේගය බොහෝ දුරට රාජ්‍ය නොවන සංවිධාන විසින් ප්‍රවර්ධනය කරන ලද සමාජ ප්‍රමිතීන්ට අනුකූල, නාගරික, සෝබනකාර, පාරිභෝජනවාදී මධ්‍යම පන්තිය තුළ ශක්තිමත් වී ඇත. ඔවුන්ගේ සාම්ප්‍රදායික බල පදනම වන මධ්‍යම පන්තියේ පහළ ස්ථරය තුළ ඔවුන්ගේ ශක්තිය දෙදරා ඇත.

අරාජිකත්වය වර්ධනය වී ඇත....

ලකප්' එකේ ඉන්න අයට පොලිසිය මානව හිමිකම් කියා දෙයි
ජාතික ජන බලවේගයේ මාස හතක පාලනය තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩාල වී ඇත. රට නැවත බංකොලොත් වීමේ අවදානමක් මතු කරමින් අනාගතය අවිනිශ්චිත වී ඇත. ජාත්‍යන්තර දේශපාලනයේ ස්වෛරීභාවය අහිමි කරගෙන ඇත. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් මහජන ආරක්ෂාව දුර්වල කර ඇත. පොලිසිය පසුබස්වමින් අපරාධ කල්ලි පාලනය ඉස්මතු වී ඇත. සමාජ බෙදීම් වැඩි වී ඇත. අරාජිකත්වය වර්ධනය වී ඇත.

මෙම මැතිවරණය විසින් ජාතික ජන බලවේග ආණ්ඩුවට ඉතා පැහැදිලි සංඥාවක් දී තිබේ. එය ඔවුන් නිවැරදිව කියවාගත යුතුය.

ජාතික ජන බලවේගය විසින් හොරුන් යයි බැහැර කරන ලද බලවේගය ජනතාව විසින් පිළිගෙන තිබේ. මෙය හොරු ප්‍රබන්ධකරණයට කනේ පහරකි.

ජාතික ජන බලවේගය ආණ්ඩුකරණයේදී පක්ෂ කල්ලියක් වීම නවත්වා සෙසු පක්ෂ සමග එක්ව කටයුතු කළ යුතුය. ඉදිරි අභියෝගවලදී එය අතිශය වැදගත් වේ. තමන් සුපිරිසිදු බලවේගයක් යයි බොරුවක් මත පදනම්ව සෙසු ජනයා බෙදා වෙන් කර බැහැර කිරීම නවත්වා සියල්ලන් ඇතුළත් කරගන්නා ආණ්ඩුකරණයකට ජාතික ජන බලවේගය යොමු විය යුතුය.

බොහෝ පළාත් පාලන ආයතනවල සභාපති ධූරය දිනාගත හැක්කේ තමන් මෙතෙක් හොරුන් යයි හංවඩු ගැසූ සෙසු පක්ෂවල සහයෝගයෙන් වීම ඉතා හොඳ තත්වයකි.

ජාතික ජන බලවේගය එක්කෝ වැඩි වැඩියෙන් සෙසු බලවේග සමග එක්වෙමින් සාමාන්‍ය දේශපාලන පක්ෂයක් බවට පත් විය යුතුය. නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ නම් ‘අසාමාන්‍ය, උද්ධච්ඡ, දෘෂ්ටිවාදී, ආන්තික’ පක්ෂය ලෙස යළි සීයට තුනට පල්ලම් බැසිය යුතුය. මෙය ‘ගෙදර ගියොත් අඹු නසී; මග සිටියොත් තෝ නසී’ තත්වයකි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැන මෙතෙක් අවසන් තීරණයක් නෑ

දැන්වත්, පක්ෂ ලේකම්ලාගේ, දිසා ලේකම්ලාගේ අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ලබාදී ඔවුන්ට නායකයන් ලෙස ගොඩනැගෙන්නට අවස්ථාව ලබාදිය යුතුය. ඔවුන් කැඩී යනු ඇතැයි හුඹස් බියෙන් වැඩක් නැත. 2004 අත්දැකීම සිහිපත් කරගත යුතුය. ඒ රැල්ලෙන් පත් වූ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීන් අතරින් විශාල පිරිසක් පක්ෂයෙන් ඉවත් වූහ. නායකයන් ලෙස කොහේ හෝ ඉතිරි වූයේ සුළු පිරිසකි.

මෙම මැතිවරණය විසින් විපක්ෂයට ද වැදගත් පණිවුඩයක් ලබාදී ඇත.

ඉදිරියේදී ඇති වන අභියෝගය හමුවේ විපක්ෂයට පැත්තකට වී බලා සිටිය නොහැකිය.

සජිත්ගේ නායකත්වය පිළිගත යුතුය.. නාමල් ගේ නැගී එන නායකත්වයට ඉඩ දිය යුතුය..

 

රනිල් ගෙදර යනවාලු ! - සජිත් සමග ඡන්දයකට නොඑයි!!


බොහෝ දුරට සමාන අරමුණු සහිත සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කළ යුතුය. සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිගත යුතුය.


බොහෝ දුරට සමාන අරමුණු සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා තවත් කණ්ඩායම් නැවත එක්සත් විය යුතුය. නාමල් රාජපක්ෂගේ නැගී එන නායකත්වයට ඉඩ දිය යුතුය.

ජාතික ජන බලවේගයේ පක්ෂ ඒකාධිපති වියරුවට එරෙහිව මෙම බලවේග දෙක ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතුය.

ඉදිරියේදී ඇති වීමට ඉඩ තිබෙන ආර්ථික අර්බුදය හමුවේ කලින් ජවිපෙ කළ පරිද්දෙන් කෙසේ හෝ බලය ලබාගැනීම වෙනුවට ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ වගකීම් සහගත දේශපාලනයකට විපක්ෂය යොමු විය යුතුය. ඉදිරි නායකත්වය භාරගැනීමට අලුතින් ගොඩනැගෙන තරුණ තරුණියන්ට වැඩි අවස්ථා ලබාදිය යුතුය.

අපි දේශපාලනික ප්‍රහාරවලට බය නැහැ - නාමල් රාජපක්ෂ

 

මෙම මැතිවරණයේදී වඩාත්ම කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ඉදිරියට පැමිණීමයි. කොවිඩ් අධිවසංගතය හා වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ වැරදි නායකත්වය හා වැරදි ආරක්ෂක ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට හා සාමාජිකයන්ට ගෙවල් ගිනි තැබීම්, මහමග පොලුවලින් ගසා මරාදැමීම්, දේපළ විනාශයන් ඇතුළු ත්‍රස්තවාදී භීෂණයකට මුහුණ දෙන්නට සිදු විය. ඔවුන්ට තම වැරදි නිවැරදි කරගෙන පුනරුත්ථාපනය වීමටත්, ත්‍රස්තවාදය පරාජය කරමින් යළි නැගී සිටීමටත් අවස්ථාව ලැබිය යුතුය.

ඔබත් එකසිය නම‍යෙ කෑල්ලක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ)(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...