The Leader News
BREAKING
Top Ad
Opinion

නාමල්ගේ වික්‍රමය | එරන්ද ගිනිගේ

T

The Leader Desk

May 7, 2025 • 10:31 AM

නාමල්ගේ වික්‍රමය | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම් නාමල් සිය පක්ෂය සමග වේගයෙන් නැගිටිමින් සිටින බව ය.
  • අරගලයෙන් ගුටිබැට කා ළිඳේ පතුලට ම වැටුණු පොහොට්ටුව තමන්ගේ තනි අතට අර ගත් තරුණ නාමල් සැබැවින් ම කර ඇත්තේ වික්‍රමයකි.
  • ජනපති සහ අගමැති ඇතුළු මුළු ඇමති මණ්ඩලයම පැය 24 ම මැතිවරණ ව්‍යාපාරය කළා.
  • /3 ක බලයක් සහිත ආණ්ඩුවක් එක්ක මාස 6 ක් ඇතුළත මැතිවරණයක දී හැප්පෙන එක ලේසි නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම් නාමල් සිය පක්ෂය සමග වේගයෙන් නැගිටිමින් සිටින බව ය. එය සුළු පටු වැඩක් නොවේ. අරගලයෙන් ගුටිබැට කා ළිඳේ පතුලට ම වැටුණු පොහොට්ටුව තමන්ගේ තනි අතට අර ගත් තරුණ නාමල් සැබැවින් ම කර ඇත්තේ වික්‍රමයකි. මම හිතන්නේ සතුරන් වුවත් නාමල්ගේ මේ නායකත්වයට හිස නවා ආචාර කරනවා. එහෙම වුණේ කොහොම ද?

මේ වික්‍රමය කරන්න නාමල්ට මුදල් තිබුණේ නැහැ. මහා ධනපති දානපතියන් හිටියේ නැහැ. ජ්‍යෙෂ්ඨ රාජපක්ෂලා දේශපාලනයෙන් ඈත් වෙලා. එස්. එම්ලා, එස් බීලා, මහින්දානන්දලා, පවිත්‍රලා, කාංචනලා, සේමසිංහලා කවුරුවත් හිටියේ නැහැ. විමල් වීරවංශ, ගම්මන්පිල වැනි ප්‍රසිද්ධ කථිකයන් නැහැ. දිලිත්ට වගේ ටෙලිවිෂන් චැනල් නැහැ. නාමල්ට හිටියේ කුඩා කණ්ඩායමක්. අත්දැකීම් බහුල ජොන්ස්ටන් වගේ කිහිප දෙනෙකු හිටියට වැඩිපුර හිටියේ අලුත් තරුණ පිරිසක්. ඒ කණ්ඩායම සමග නාමල් මේ මැච් එකේ ගහපු ඉනිම හරියට අර්ජුන රණතුංග තරුණ කාලේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම රැක ගන්න නායකත්වය දුන්නා වගේ.

ආණ්ඩුව ඔවුන්ගේ මුළු බලයම අවභාවිත කළා. ජනපති සහ අගමැති ඇතුළු මුළු ඇමති මණ්ඩලයම පැය 24 ම මැතිවරණ ව්‍යාපාරය කළා. බස් පන්දාහක සෙනග කොළඹට ගෙනල්ලා පත මැයි රැළියක් කළා. 2/3 ක බලයක් සහිත ආණ්ඩුවක් එක්ක මාස 6 ක් ඇතුළත මැතිවරණයක දී හැප්පෙන එක ලේසි නැහැ. සජබට කොහොමත් ඔවුන්ගේ ඡන්ද පදනම තිබෙනවා. නාමල්ට තිබුණේ අපේ පාක්ෂිකයාගේ විශ්වාසය නැවත දිනා ගැනීමේ අමාරු සටනක්. මාලිමාවේ මර්දනය මැද්දේ ඒක කරන එක කිසි සේත්ම ලෙහෙසි නැහැ. එහෙම බැලුවම පොහොට්ටුවට නාමල් අර ගෙන දීලා තිබෙන මේ ජයග්‍රහණය අති විශිෂ්ටයි.

 


ලංකාවේ ඊළඟ රාජ්‍ය නායකයා වෙන්නේ නාමල් බව දැන් බොහෝ අය කියනවා. අනුරට ඔය කටුඔටුන්න බර වැඩි බව දැන් කාටත් පැහැදිලියි. ඔහුට රටකට නායකත්වය දෙන්න බැහැ. ඔහු දිනුවේ ඔහුගේ හැකියාවෙන් නොවෙයි. USAID ඩොලර් අරගලය හරහා අපේ කඳවුර බිඳ දැමීමේ ප්‍රතිඵලයක් හැටියට පමණයි ඔහු බලයට එන්නේ. මාලිමා ආණ්ඩුවේ ඇමතිලා කිව්ව බොරු වහන්න තව තවත් බොරු කියනවා කියලා ජනතාවට අවබෝධ වෙලා. මාලිමාව නැග්ග වේගයෙන්ම බහිනවා. කොහොමත් ඔවුන්ට එක අඟලකින් මේ රට ඉදිරියට ගෙනියන්න බැරි බව දැන් ඕනෑම අයෙකුට තේරෙනවා.

රාජ්‍ය නායකයෙකු වෙන්න නම් තමන්ගේ ම ස්වීය නායකත්වයක් තිබිය යුතුයි. මම විශ්වාස නොකළත් නාමල් දැඩිව විශ්වාස කරනවා ලංකාවට විශාල ආර්ථික දියුණුවක් ලබන්න පුළුවන් කියලා. ඒ සඳහා ඔහුට දැක්මක් තිබෙනවා. ඔහු ඒ ගැන නිතර කියවනවා. නායකයෙකුට එහෙම දැක්මක් තිබිය යුතුම යි. නාමල් 21 වන සියවසේ මිනිහෙක්. සජිත්, අනුර, රනිල්, දිලිත් ඔක්කොම වයසයි. ඔවුන් පරණයි. නාමල් අලුත්. අරගොල්ලෝ අතීතය. නාමල් තමයි අනාගතය.

මටත් ඒක තේරුණේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ - නාමල්

නාමල් හැන්ඩියා. කවුරු කොහොම කිව්වත් ජාත්‍යන්තරය ඉදිරියේ රටක් නියෝජනය කරන්න නම් හොඳ පෞරුෂයක් තිබිය යුතුයි. නැත්නම් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ජාතික ඇඳුම නම් ජාතික ඇඳුම, ෆුල් සූට් නම් ෆුල් සූට් දෙකම අඳින්න පුළුවන් නාමල්ට ඕන රාජ්‍ය නායකයෙක් එක්ක ඉතා පහසුවෙන් ලස්සනට ඉංග්‍රීසියෙන් කථා කරන්න පුළුවන්. නාමල් ප්‍රියමනාප කෙනෙක්. වෙන කිසිම දේශපාලකයෙකුට නැති පුද්ගල නායකත්ව ලක්ෂණ (Personal Leadership Traits) නාමල්ට තියෙනවා. මම හිතන්නේ නාමල්ට මේ ජයග්‍රහණය ගන්න පුළුවන් වුණේ ඔහුගේ මෙම නායකත්ව හැකියාව නිසා බවයි.

නාමල්ගේ මෙම වේගවත් නැගීමට අනුරත් සෑහෙන්න දායක වුණා. ජාතියේ නූතන ගැලවුම්කාරයා වන මහින්ද රාජපක්ෂ මහතා සිය නිවසින් එළියට දැමීමට උත්සාහ කිරීම, සිංහල බෞද්ධයන්ගේ නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම වගේ මෝඩ ගෝත්‍රික වැඩ නිසා රාජපක්ෂලා කෙරෙහි මිනිස්සුන්ගේ හිත්වල අනුකම්පාවක් ඇති වුණා. රාජපක්ෂලාට ගහන්න ගහන්න නාමල් තව තවත් ජනතාව අතරට යනවා. ඒ මර්දනය මැද්දේ නාමල් බය නැතුව හිනා වෙවී ඉන්න හැටි දැක්කම පොහොට්ටුවේ මිනිස්සු අනුප්‍රාණය ලබනවා.

දැන් ඉතින් මේ බෝට්ටුව යන දිශාව පැහැදිලියි. නාමල්ට තියෙන්නේ පක්ෂය සංවිධානය කරන්න විතරයි. හරියට බැලුවොත් දැන් ලංකාවේ තිබෙන වඩාත්ම පිරිසිදු පක්ෂය පොහොට්ටුව යි. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට දැන් බය වෙන්න දෙයක් නැහැ. නාමල්ට වැඩේ හොඳටම පුළුවන් කියලා ඔහු ක්‍රියාවෙන් පෙන්වා තිබෙනවා. අපිට කරන්න තියෙන්නේ ඔහුට දෙන්න පුළුවන් සහායක් දෙන එක පමණයි. ඔහු ඉදිරියේදී ලංකාවට විශාල සේවයක් කරයි. දිස් ඉස් පොලිටික්ස්.

ජනතාවාදයේ මධුසමය - (එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 මැයි 7
eranda.ginige@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...