The Leader News
BREAKING
Top Ad
Opinion

අර්බුදය හමුවේ අනුර අදුරේ අතපත ගානවා - ශිරාල් ලක්තිලක

T

The Leader Desk

May 9, 2025 • 7:44 AM

අර්බුදය හමුවේ අනුර අදුරේ අතපත ගානවා - ශිරාල් ලක්තිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙලෙස පැවසුවේ ‘අනුරට බෑ: 2028 ණය ආපසු ගෙවීම හමුවේ මාලිමාණ්ඩුවේ දුගී බව!’ යන මැයෙන් ‘දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය’ විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුව අමතමිනි.
  • ඊයේ (මැයි 08) කොළඹ 05 ජානකී හෝටල් පරිශ්‍රයේ පැවති එම මාධ්‍ය හමුවේ දී ශිරාල් ලක්තිලක මතු දැක්වෙන අදහස් පළ කළේ ය.
  • එමෙන්ම රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවූ අභියෝගයට වඩා දරුණු අභියෝගයක් 2028 දී උදාවීමට නියමිතයි.
  • අනුර ජනාධිපතිවරයා මෙතෙක් ආ ගමන් මඟ තුළ එම අභියෝගයට මුහුණ දීමට අඳුරේ අතපත ගෑම විනා ශක්තිමත් වැඩපිළිවෙලක් තමන්ට නොමැති බව පෙන්වා දී අවසන්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙලෙස පැවසුවේ ‘අනුරට බෑ: 2028 ණය ආපසු ගෙවීම හමුවේ මාලිමාණ්ඩුවේ දුගී බව!’ යන මැයෙන් ‘දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය’ විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුව අමතමිනි.

ඊයේ (මැයි 08) කොළඹ 05 ජානකී හෝටල් පරිශ්‍රයේ පැවති එම මාධ්‍ය හමුවේ දී ශිරාල් ලක්තිලක මතු දැක්වෙන අදහස් පළ කළේ ය.

''2028 ආර්ථික අභියෝගයට මුහුණ දෙන්න අනුරට බැහැ''

 


''ශ්‍රී ලාංකිකයන් වන අප රටක් වශයෙන් මුහුණ දී සිටින දුෂ්ට අභියෝග මාලාව ජය ගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් තමන් සතුව ඇතැයි පෙන්වා දීමට පසුගිය මාස හයක කාලය තුළ අනුර කුමාර ජනාධිපතිවරයාට ඕනෑතරම් අවස්ථාව තිබුණ ද තමන් සතුව එවැනි වැඩපිළිවෙළක් ඇති බව පෙන්වා දීමට ඔහු අසමත් වෙලා තියෙනවා.

එමෙන්ම රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවූ අභියෝගයට වඩා දරුණු අභියෝගයක් 2028 දී උදාවීමට නියමිතයි. ඉහත අභියෝගය ජයගන්න නම් බහු පාර්ශවීය සංවාද තුළින් ගොඩනගන ශක්තිමත් වැඩපිළිවෙළක් තුළින් පමණ යි. අනුර ජනාධිපතිවරයා මෙතෙක් ආ ගමන් මඟ තුළ එම අභියෝගයට මුහුණ දීමට අඳුරේ අතපත ගෑම විනා ශක්තිමත් වැඩපිළිවෙලක් තමන්ට නොමැති බව පෙන්වා දී අවසන්. ඒ අනුව 2028 ආර්ථික අභියෝගයට මුහුණ දීමේ හැකියාවක් අනුරට නැති බව තමයි අපේ විශ්වාසය.''



''ණය ගෙවීමේ සත්‍ය මීටරය''

එම මාධ්‍ය හමුවේ දී ''ණය ගෙවීමේ සත්‍ය මීටරය'' දියත් කිරීම ද සිදුවිය.

රජය විසින් සිදු කරන ආර්ථික ක්‍රියාවලිය නිරීක්ෂණය සහ සත්‍ය තොරතුරු සමාජගත කිරීම සඳහා වූ, Real Time Update වෙබ් අඩවියක් වන sltruthmeter.com වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහිදී සිදු කරන ලදී.

මෙම වැඩ සටහන සහ මාධ්‍ය හමුව සඳහා නීතිඥ ශිරාල් ලක්‍තිලක, හැරුණු විට, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නිශාන්ත වර්ණසිංහ, ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය අතුලසිරි සමරකෝන්, නදීශ් ද සිල්වා, මහීල් බණ්ඩාර, මධුරි රණසිංහ සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන අය සහභාගී වුහ.


මෙම අවස්ථාවේ දිනන දකුණ සාමුහිකය නිකුත් කරන ලද 'රට හමුවේ ඇති දුෂ්ඨ අභියෝග පිළිබද ප්‍රකාශනයෙ'හි උපුටනයක් මතු දැක්වේ.


ශ්‍රී ලාංකිකයින් වන අප රටක් වශයෙන් මුහුණ දෙන  දුෂ්ට අභියෝගය  (Wicked Problem):

ණය ආර්ථිකය හා එයට බැඳුණු දස වැදෑරුම් ප්‍රාථමික ගතිකත්ව


1. ණය ගැනීම ප්‍රාථමික සංවර්ධන මූලෝපාය බවට පත්වීම (උදා: අතීත සහ වර්තමාන ශ්‍රී ලංකා රජයන්)

2. ධනය උත්පාදනය නොවීම සහ ඒ සඳහා වන හරයාත්මක හා මූලෝපායික ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට නොහැකිවීම (උදා: වර්තමාන රජයේ අයවැය ප්‍රකාශනය)

3. පරිභෝජනය පදනම් කරගත් කෙටි කාලීන වර්ධන වේගයක් ලබාගත හැකිවීම (උදා: දැනට 3%ක වර්ධන වේගයක් පවත්වාගෙන යන්නේ ප්‍රාග්ධන ආයෝජනයක් නොමැතිවය)

4. කෘතිම වත්කම් වර්ධනය (උදා: කොටස් වෙළඳපලෙහි වර්ධනය, ඉඩම් වෙළඳපල වර්ධනය)

5. වර්ධනයේ ලාභය ණය පියවීමට වැයවීම (උදා: පියවන බහුපාර්ශවීය හා ISB ණය පොලී හා 2028දී ගෙවන සමස්ත ණය වාරිකය)
 

6. රටක් ලෙස අන්වර්ථව ණය වීම (උදා: වාර්ෂිකව සිදුවන මුළු ණය බරේ වැඩිවීම 7%)

7. පරිභාහිර ආගන්තුක ආර්ථික පීඩන හමුවේ ඇතිවන ආර්ථික අසරණ භාව (උදා: අතීත කොවිඩ් බලපෑම / වර්තමාන ට්‍රම්ප් තීරු බදු)

8. ණය ආර්ථිකය විසින් ගොඩනගන මුල්‍ය ආර්ථිකයේ විශම චක්‍රය (උදා: රජයේ සමාජ-ආර්ථික ආයෝජන ඇනහිටීම තුළ හටගන්නා සමාජ අර්බුදය හා ඒ තුළ මුල්‍ය සංසරනය අඩාල වීම)

9. පුද්ගලයාගේ මිලදී ගැනීමේ හැකියාව පහළ යෑම හේතුවෙන් නිෂ්පාදන ආර්ථිකය කඩා වැටීම (උදා: අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් සීමාවී අවශ්‍ය භාණ්ඩ, ඕනෑ භාණ්ඩ මිලදී නොගැනීම නිසා වෙළඳපොළ කඩාවැටීම)

10. සමාජය තුළ අසමානාත්මතාවය ඉහළ යෑම (උදා: බහුවිධ අවධානම් සහිත සමාජයක් බිහිවීම)

ණය ආර්ථිකය තුළ පවතින දුෂ්ට අභියෝගය
 

ණය ආර්ථිකය විසඳන දවසක් ගැන සිතිය නොහැකි ය. මෙවැනි සංකීර්ණ අර්බුද සඳහා සරල විසඳුම් නොමැත. වරක් විසඳන්නට තැත්කළ විට, නව අභියෝගයක් ජනිත විය හැකි ය. එසේම, පවතින අර්බුද තවත් තීව්‍ර විය හැකි ය.

යෝජනා කරන විසඳුම් හොඳ ද, නරක ද, සත්‍යවාදී ද හෝ බොරු විසඳුම් දැයි ආරම්භයේදී කිව නොහැකි ය. ඒවා රඳාපවතින්නේ ඒ ඒ විසඳුම හඳුන්වාදෙන සන්දර්භය(ණය)  තුළ ය. අර්බුදයේ මුහුණත මෙන් ම, විසඳිය යුතු කරුණු, මගින් මගට, අදියරෙන් අදියරට වෙනස් වේ.
 
මෙවැනි අර්බුද තනි මනසකට හෝ තනි කණ්ඩායමකට විසඳිය නොහැකි වන අතර අවශ්‍ය වන්නේ බහුපාර්ශ්වීය සංවාද තුළින් ගොඩනගන නිර්මාණාත්මක හා ප්‍රායෝගික මනසකි (Design Thinking). ඒ තුළින් ගොඩනඟන විසඳුම් ක්‍රියාවලිය අනවරතව වර්ධනය කරමින් ඉදිරියට ගෙනයාමයි.
2028දී නැවත විදේශ ණය ගෙවීම ආරම්භ කරන විට පවතින ණය ආර්ථිකයෙන් මිදීමට රජයට වැඩපිළිවෙළක් තිබේද?
 
කෙමෙන් නැඟීසිටින ආර්ථිකය සහ IMF සංඥාව
1. ඒ සඳහා වන ශක්තිමත් ආර්ථික දැක්මක් (රනිල්ගේ චින්තනයෙන් හෝ IMF පරිවාසයෙන් ඔබ්බට යන) රජයට තිබේ ද?

2.  2025 සිට 2028 දක්වා වසර 03ක කාලය තුළ ඒ සඳහා වන අඩිතාලම මේවන විට රජය දමමින් සිටී ද?


රජයේ සහ අප ඉදිරියේ ඇති අභියෝගය

2028දී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරිකය – ඩොලර් බිලියන 3.107කි මෙම මුදල තුළ:

* මුළු මුදලට අදාළ වාර්ෂික ප්‍රාථමික ණය වාරිකය – ඩොලර් බිලියන 2.133කි.

* මුළු මුදලට අදාල වාර්ෂික පොලිය – ඩොලර් මිලියන 974කි.

මෙම පසුබිම තුළ රටේ ණය ආර්ථිකයට දැනටමත් සිදුවන පීඩනය පහත පරිදි ය.

*  2025දී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ආදායම – රු. බිලියන 5012 / USD බිලියන 16.7

* 2025දී ශ්‍රී ලංකාවේ අයවැය හිඟය – රු. බිලියන 2200 / USD බිලියන 7.3

* 2024දී ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය – USD බිලියන 6.07

* ඒ අනුව සෑම වසරක දී ම අලුතින් ණය වීම – USD 13.37 (දළ ඇස්තමේන්තු)

* වසරෙන් වසර සමුච්ඡිත වන රටේ මුළු ණය ප්‍රමාණය (2024 ජූනි මස වනවිට) – රු. බිලියන 28,563 / USD බිලියන 95.25


මෙම සමුච්ඡිත ණය ප්‍රමාණය තුළ:
කෙමෙන් නැඟීසිටින ආර්ථිකය සහ IMF සංඥාව
* දේශීය ණය – රු. බිලියන 17,555 / USD බිලියන 58.55 •විදේශීය ණය – රු. බිලියන 11,008 / USD බිලියන 38

* 2022දී ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කළ විට මුළු ණය      – USD බිලියන 83.6

* එහි විදේශ ණය – USD බිලියන 34.7
 
ඒ අනුව, 2022 සිට 2024 ජූනි තෙක් ශ්‍රී ලංකාවේ ණය බර USD බිලියන 8.65කින් ඉහළ ගොස් ඇත. එම පදනමින් බලන විට, සෑම වසරක දී ම 7%කින් ණය බර ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි ය. එනම්, 2027 අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය – USD බිලියන 141ක් විය හැකි ය. 2028දී ණය වාරිකය ඇතුළුව, පියවිය යුතු මුළු ණය රටේ ආදායමෙන් (2025ට අනුව) පියවා ගැනීමට නොහැකි වේ.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...