The Leader News
BREAKING
Top Ad
Opinion

ගැරඬිඇල්ල බස් අනතුර හා පද්ධති දෝෂ | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 12, 2025 • 7:05 AM

ගැරඬිඇල්ල බස් අනතුර හා පද්ධති දෝෂ | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුමන හෝ හේතුවක් මත මිනිස් ජීවිතවල කිසිදු වටිනාකමක් නොදැනෙන, ඝාතනය ජීවිතයේ දෛනික අංගයක් බවට පත් වූ වර්ධනය වන අරාජිකත්වයක් මැදට අප ඇද වැටී ඇත.
  • මේ සියල්ල පසුපස දේශපාලන ප්‍රශ්නයක් ඇත.
  • ⁠ ⁠මාර්ග නීති ගැන අධ්‍යාපනයේ මට්ටම කෙතරම්ද යත්, පාරේ පයින් යන විට යා යුත්තේ දකුණු පැත්තෙන් බවවත් අවබෝධ කරදීමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අසමත්ය.
  • ⁠ ⁠සමාජය අධික ලෙස සල්ලි පසුපස ධාවනයකට ඇද වැටී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කුමන හෝ හේතුවක් මත මිනිස් ජීවිතවල කිසිදු වටිනාකමක් නොදැනෙන, ඝාතනය ජීවිතයේ දෛනික අංගයක් බවට පත් වූ වර්ධනය වන අරාජිකත්වයක් මැදට අප ඇද වැටී ඇත.

ආණ්ඩුව පුද්ගල සංදර්ශන නවතා සිස්ටම් හදන්නට/ වෙනස් කරන්නට කටයුතු කළ යුතුය. ඔවුන්ට ජනවරමක් ලැබුණේ ඒ වෙනුවෙන්ය. එහෙත්, ගත වූ මාස හත තුළ සිදු කළ යමක් තිබේද?

ඊයේ බස් අනතුරට හේතුව පද්ධති දෝෂයි. මේ සියල්ල පසුපස දේශපාලන ප්‍රශ්නයක් ඇත.

 

People gather near the wreckage of a bus following an accident in the central hilly region of Kotmale, in Sri Lanka, on May 11, 2025. An overcrowded bus carrying dozens of Buddhist pilgrims crashed into a precipice in Sri Lanka on Sunday, killing at least 21 and injuring 24, a minister said. (Photo by AFP) (Photo by -/AFP via Getty Images)
1.⁠ ⁠ලංගම/ ප්‍රයිවෙට් කියා වෙනසක් නැත. බස් සේවකයන්ට විනයක් නැත.

2.⁠ ⁠මිනිස් ජීවිතවල වටිනාකම ගැන තබා බොහෝ බස් සේවකයන්ට තමන්ගේ, තම පවුලේ ජීවිතවල හෝ වටිනාකම ගැන අවබෝධයක් නැත.

3.⁠ ⁠පෞද්ගලික බස් මුදලාලිලාට මෙන්ම ලංගමට ද අවශ්‍ය සල්ලි හොයන්නටය. සේවය ගැන හැඟීමක් කිසිවකුට නැත.

 

496182890 1021736736835019 1050840170125242317 n
4.⁠ ⁠මාර්ග නීති ගැන අධ්‍යාපනයේ මට්ටම කෙතරම්ද යත්, පාරේ පයින් යන විට යා යුත්තේ දකුණු පැත්තෙන් බවවත් අවබෝධ කරදීමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අසමත්ය.

5.⁠ ⁠සමාජය අධික ලෙස සල්ලි පසුපස ධාවනයකට ඇද වැටී ඇත. අනවශ්‍ය පරිදි ගමන් බිමන්, ට්‍රිප් යාම ද මේ පාරිභෝජනවාදී උන්මාදයේ ලක්ෂණයකි. ආර්ථිකය පදනම් වන්නේ මෙම පාරිභෝජනවාදය මත රජය උපයන ආදායම් මත බැවින් ආණ්ඩු මෙය තව තවත් දිරිගන්වයි. ධනේශ්වර ක්‍රමය වෙනස් කරන්නට පැමිණි අය ද එය හැර අන් විකල්පයක් නොමැතිය යන තත්වයට ඇද වැටී ඇත. ඔවුන්ට ක්‍රමයේ ගැටලුව ගැන කිසිදු ගැඹුරු දැක්මක් නැත.

 

496799178 1021737086834984 7206352995411832475 n
6.⁠ ⁠බස් සේවකයන්ගේ අධිවේගයට බස් මගීන්ගේ ද දිරිගැන්වීම් තිබෙන බව අමතක නොකළ යුතුය. මෙය සමාජ ප්‍රශ්නයකි. මුළු මහත් සමාජයම කුණු වී ඇත. ජනතාවට මග පෙන්වන නායකත්වයක් අවශ්‍ය එම නිසාය. ජනතාව පසුපස යන නායකයන්ට සමාජය වෙනස් කළ නොහැකිය.

ශ්‍රී සඟරාව ගැන මතක | අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

සබැඳි පුවත :

කොත්මලේ බස් අනතුර: මිය ගිය පුද්ගලයින් ගණන 21ක් දක්වා ඉහළට


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගැරඬිඇල්ල බස් අනතුර හා පද්ධති දෝෂ | අජිත් පැරකුම් ජයසිංහ | The Leader