The Leader News
BREAKING
Top Ad
Opinion

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රජා මට්ටමේ වගකීම: ආචාර්ය සුජාතා ගමගේ

T

The Leader Desk

May 13, 2025 • 9:14 AM

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රජා මට්ටමේ වගකීම: ආචාර්ය සුජාතා ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ඊට වඩා කණගාටු මෙවැනි සිද්ධි වැලක්වීමට බිම් මට්ටමේ යාන්ත්‍රණ ඇති බවත් ඒවා වහාම ක්‍රියාත්මක වෙන බවට සොයා බැලීමේ තම වගකීම ගැන ඇමතිවරිය දැන සිටින බවක් නොපෙනීමයි.
  • ඇත්තටම දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ මූලික වගකීම තියෙන්නේ පාසල් ප්‍රජාවට හා අදාල නිලධාරීන්ට.
  • ඒ සඳහා 1997 දී මධ්‍යම ආණ්ඩුව විසින් නිකුත් කළ රෙගුලාසිය 2015 දී පහත දැක්වෙන ලෙස යාවත්කාලීන වෙනවා.
  • Compulsory attendance of children in school Regulation No 1 of 2015 2015 රෙගුලාසියට අනුව සෑම පාසලකම පාසල් පැමිණීමේ කමිටුවක් තිබිය යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඊට වඩා කණගාටු මෙවැනි සිද්ධි වැලක්වීමට බිම් මට්ටමේ යාන්ත්‍රණ ඇති බවත් ඒවා වහාම ක්‍රියාත්මක වෙන බවට සොයා බැලීමේ තම වගකීම ගැන ඇමතිවරිය දැන සිටින බවක් නොපෙනීමයි.

 

ඇත්තටම දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ මූලික වගකීම තියෙන්නේ පාසල් ප්‍රජාවට හා අදාල නිලධාරීන්ට. ඒ සඳහා 1997 දී මධ්‍යම ආණ්ඩුව විසින් නිකුත් කළ රෙගුලාසිය 2015 දී පහත දැක්වෙන ලෙස යාවත්කාලීන වෙනවා. Compulsory attendance of children in school Regulation No 1 of 2015

2015 රෙගුලාසියට අනුව සෑම පාසලකම පාසල් පැමිණීමේ කමිටුවක් තිබිය යුතුයි. මෙම කමිටුවට විදුහල්පති හා අංශ ප්‍රධානීන් සමග ගුරුවරු, ශිෂ්‍ය නායකයින්, දෙමාපියන් හා ආදි ශිෂ්‍ය යන අයගෙන් දෙදෙනා බැගින් අයත් වෙනවා. මෙම කමිටුවට ලමයෙක් පාසලට නොඑන හැම කාරණයක්ම අදාලයි.

unnamed 29

මේ කමිටු වහාම සක්‍රිය කර පාසලේ ළමයින්ගේ අධ්‍යාපනයට බාධා වන සියළු කරුණු පිළිබඳව ළමයින්ට කිට්ටුම ප්‍රජාව වන පාසල් ප්‍රජාව නිරන්තර අවධානයෙන් සිට අදාල අධ්‍යාපන කොට්ඨාසයේ සහ පරිපාලන කොට්ඨාසය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඒවාට විසදුම් සොයන්න පුළුවන්.

ගුරුවරු, දෙමාපියන්, ආදී සිසුන්, සිසුන් අයත්වන කමිටුවක් තුලින් හොඳ විදුහල්පති කෙනෙක්ට පූර්ණ තොරතුරු ලැබෙනවා. වැරදි විදුහල්පති කෙනෙක්ට අත්තනෝමතිකව හැසිරෙන්න බැහැ.

 

education 1

විදුහල්පතිගෙන්  හෝ පාසලේ කමිටුවෙන් සාධාරණය ඉටු නොවෙනවා නම් ශිෂයෙකුට හෝ දෙමාපියන්ට ඉහල කමිටුවට හා ඊළඟ අදාළ අධිකාරීන් වෙත යන්න පුළුවන්. පාසලේ කමිටුවට ඉහලින්  පාසල් කමිටු සුපරීක්ෂණයට අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් ඉහළ කමිටුවක් තිබිය යුතුයි 2015 රෙගුලාසියෙන් නියම කරලා තියෙනවා. ඒ අතරම මධ්‍යම රජයේ පොදු පරිපාලන අධිකාරිය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා කටයුතු සඳහා වෙන්වුන නිලධාරියෙක් සිටිනවා.

අදාළ බලධාරීන්ගෙන් අවශ්‍ය දේ කෙරෙන්නේ නැතිනම් මැදිහත් වෙන්න තමයි අපි ජාතික, පළාත් හා ප්‍රාදේශීය යන තල තුනකින් මහජන නියෝජිතයෝ පත් කර ගන්නේ. මෙම අවාසනාවන්ත සිද්ධියේදී  මහජන නියෝජිතයින්ගේ ලබැදියාවේ ප්‍රශ්නයක් ඇති බවට සැකයක් තියෙනවා.  ඒ නිසා තමයි මහජන නියෝජිත ආයතන වලත් නිර්පාක්ෂික ජන සහභාගිත්ව යාන්ත්‍රණ අවශ්‍ය බව අපි යෝජනා කරලා තියෙන්නේ.

 

1601361815

ජාතික ළමා අධිකාරියට හෝ අදාල අමාත්‍යංශයට පණිවිඩය ගියත් ඒ අයට ක්‍රියාත්මක වන්න වෙන්නේ මේ බිම් මට්ටමේ තියෙන යාන්ත්‍රණ හරහායි.  මැති ඇමතින් හා  ළමා ආරක්ෂණ  අධිකාරියේ,   ළමා කටයුතු අමාත්‍යංශ යේ මෙන්ම කොළඹ ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරී විසින් තමන්ට කොළඹ සිට කළ හැකි සීමාවන් දැනගෙන තිබෙන විමධ්‍යගත යාන්ත්‍රණ වලට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.

නමුත් මොන පක්ෂය බලයේ සිටියත්  එතෙක් මෙතෙක් සිදු වෙලා තියෙන්නේ විමධ්‍යගත යාන්ත්‍රණ තිබෙද්දී මධ්‍යම රජයේ මැති ඇමතීන් හා නිලධාරීන්  විසින්  තමන්ට කරන්න බැරි වැඩ බදා ගෙන මධ්‍යම රජයේ පංගුව වැඩි කර ගැනීමයි.

ඒ තත්වය වෙනස් කරන්න බිම් මට්ටමේ දේශපාලන නායකත්වය හා සිවිල් සමාජීය නායකත්වය යන දෙකම අවශ්‍යයි. අලුතින් පත්වූ පළාත් පාලන සභිකයින් අතුරින් හා පවතින සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් අතුරින් එවැනි  නායකත්ව ජාලයක් හදා ගන්න පුළුවන් බව මට විශ්වාසයි.  



(සටහන | ආචාර්ය සුජාතා ගමගේ )
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය
gamage@gmail.com

ආචාර්ය සුජාතා ගමගේ

ප්‍රතිපත්ති විශ්ලේශිකා

ආචාර්ය සුජාතා ගමගේ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්‍රකට වන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.

View all stories by ආචාර්ය සුජාතා ගමගේ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...