The Leader News
BREAKING
Top Ad
Opinion

ව්‍යාජ සුඛෝපභොගී වාහන වෙන්දේසිය නීතිමය වරදක් වන හැටි | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 17, 2025 • 6:57 AM

 ව්‍යාජ සුඛෝපභොගී වාහන වෙන්දේසිය නීතිමය වරදක් වන හැටි | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ දුරට මෙම වෙන්දේසි ක්‍රියාවලිය නිවැරදි විය හැකිය.
  • මෙමගින් සිදුකරනු ලැබුවේ රාජ්‍ය දේපළ දේශපාලන ප්‍රොපගැන්ඩාවක් වෙනුවෙන් අවභාවිතා කිරීමකි.
  • එසේම, මෙමගින් සිතාමතාම මහජනයා නොමග යවන ලද අතර, මහජන කැළඹීමක් ඇති කිරීමටත්, කැරැලි ගැසීමට පෙළඹවීමක් ඇති කිරීමටත් උත්සාහ කරන ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):


බොහෝ දුරට මෙම වෙන්දේසි ක්‍රියාවලිය නිවැරදි විය හැකිය. තක්සේරු කිරීම් හා වෙන්දේසියේදී ලැබුණු මිල ගණන් ද සාධාරණ විය හැකිය.

එහෙත්, මෙම වාහනවල මෙම මොහොතේ වෙළඳපොළ වටිනාකම මීට වඩා වැඩිය. එය කෘත්‍රිම මිලක් නිසා එම මිලට රජයට වාහන වෙන්දේසි කරන්නට ලැබෙන්නේ නැත.

එහෙත්, මෙහි ගැටලු රැසක් තිබේ. රජය මෙම වාහන වෙන්දේසි කරන්නට තීරණය කළේ ඇයි? එම වාහන සැබැවින්ම අතිරික්ත වූ නිසාද? දේශපාලකයන් පැවසූ පරිදි ඒවා අනවශ්‍ය තරම් සුඛෝපභෝගී වූ නිසාද? ඔවුන් පැවසූ පරිදි, අධික වටිනාකමකින් යුතු වූ මෙම වාහනවලට වෙන්දේසියේදී එවැනි අධික මිලක් නොලැබුණේ ඇයි?

  

මෙමගින් සිදුකරනු ලැබුවේ රාජ්‍ය දේපළ දේශපාලන ප්‍රොපගැන්ඩාවක් වෙනුවෙන් අවභාවිතා කිරීමකි. එය නීති විරෝධී ක්‍රියාවකි.

එසේම, එමගින් එම වාහන පාවිච්චි කළ දේශපාලකයන් හා නිලධාරීන් සම්බන්ධයෙන් අපහාසාත්මක චිත්‍රයක් නිර්මාණය කර, ඔවුන්ට එරෙහිව සමාජ වෛරයක් නිර්මාණය කරන ලදි. එය නීති විරෝධී ක්‍රියාවකි.

luxury Vehicle 2024.06.20 1

එසේම, මෙමගින් සිතාමතාම මහජනයා නොමග යවන ලද අතර, මහජන කැළඹීමක් ඇති කිරීමටත්, කැරැලි ගැසීමට පෙළඹවීමක් ඇති කිරීමටත් උත්සාහ කරන ලදි. එය ද නීති විරෝධී ක්‍රියාවකි.

ඒ නිසා මේ සම්බන්ධයෙන් අදාළ වින්දිතයන් පැමිණිලි කළත්, නැතත්, අනාගත රජයක් යටතේ විමර්ශනයක් පැවැත්විය යුතුය. වැරදිකරුවන් වන සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

Ajith parakum J
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...