The Leader News
BREAKING
Top Ad
Opinion

ජනපතිවරයාට එරෙහිව නඳුන් චින්තක පිපිර වූයේ කුමන්ත්‍රණ බෝම්බයක්ද? | ලොකු කුමා

T

The Leader Desk

May 17, 2025 • 10:19 AM

ජනපතිවරයාට එරෙහිව නඳුන් චින්තක පිපිර වූයේ කුමන්ත්‍රණ බෝම්බයක්ද? | ලොකු කුමා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නඳුන් චින්තක වික්‍රමරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැඩි ආරක්ෂාව මැදය.
  • එය එසේ තිබියදී පවා විශේෂ කාර්ය බලකාය ඉතා සැහැල්ලුවෙන් නඳුන් චින්තක වික්‍රමරත්නට මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමට ඉඩ ලබා දීම බරපතල ලෙස පොලීසියේ අවධානයට ගත යුතු සිද්ධියකි.
  • එය ඉතා සැළසුම් සහගතව සිදු කරන ලද සිදුවීමක් බවට සැක මතු වී තිබේ.
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර දැනට විශ්‍රාමව සිටින පොලිස් ප්‍රධානියකු මේ සිදුවීම සම්බන්ධයෙන් අප වෙත කළ ප්‍රකාශය මෙසේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නඳුන් චින්තක වික්‍රමරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැඩි ආරක්ෂාව මැදය.

නඳුන් චින්තක වික්‍රමරත්න ⁣ඉහත ප්‍රකාශය මාධ්‍ය වෙත ප්‍රකාශ කරන විට ඒ ප්‍රකාශය ඔහුට නිදහසේ කිරීම සඳහා වි⁣ශේෂ කාර්ය බලකාය සැළසුම් සහගත ආකාරයෙන් ඉඩ දෙන බව පෙනෙන්නට තිබේ.

ඉන් අනතුරුව සැකකරු බන්ධනාගාර වෑන් රථයට නග්ගා ගත් පසුවද ඔහුට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට හැකි ආකාරයෙන් වෑන් රථයේ වීදුරු කවුළු විවෘත කර⁣ දෙන ආකාරයද දැක ගත හැකි විය.

ගනේමුල්ල සංජීව ඝාතනය කරන ලද්දේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුලදීය. නඳුන් චින්තක වික්‍රමරත්නටද බාහිර පාර්ශවයන්හී තර්ජන පවතින බව වාර්තා වී තිබේ. එය එසේ තිබියදී පවා විශේෂ කාර්ය බලකාය ඉතා සැහැල්ලුවෙන් නඳුන් චින්තක වික්‍රමරත්නට මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමට ඉඩ ලබා දීම බරපතල ලෙස පොලීසියේ අවධානයට ගත යුතු සිද්ධියකි. එය ඉතා සැළසුම් සහගතව සිදු කරන ලද සිදුවීමක් බවට සැක මතු වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර දැනට විශ්‍රාමව සිටින පොලිස් ප්‍රධානියකු මේ සිදුවීම සම්බන්ධයෙන් අප වෙත කළ ප්‍රකාශය මෙසේය.


“මා මාධ්‍යයෙන් මේ සිද්ධිය දුටුවා. එම සැකකරු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරද්දි විශේෂ කාර්ය බලකාය සිය රාජකාරිය බැරෑරුම්ව කරන්නෙ නැති බව පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඒ බව වඩාත් තහවුරු වන්නේ ඒ සැකකරු වෑන් රථයේ නැග ගැනීමෙන් පසුව එහි වීදුරු කවුළු විවෘත කිරීමට ඉඩ දීම නිසා. දැඩි ආරක්ෂාවක් ය⁣ටතේ ගෙනියන සැකකරුවකුට වෑන් රථයේ කවුළු විවෘත කිරීමට ඉඩ දීම පවා සැක සහිත කාරණයක්. මේ සිද්ධිය පිටිපස බරපතල කුමන්ත්‍රණයක් තිබෙන බව මගේ සේවා අත්දැකීම් තුළ සිට පවසන්න පුළුවන්.

⁣මේ සමාජයේ අදහසක් පවතිනවා ටිරාන් අලස් ජනාධිපති අනුර දිසානායක මැතිතුමාගෙ හොඳ යාළුවෙක් කියල. මෙන්න මේ සමාජගත අදහස තමයි කුමන්ත්‍රණකරුවන් ඉලක්ක කර ගෙන තියෙන්නෙ. දැන් මේ සැකකරුගෙ ප්‍රකාශය සත්‍ය වුනත් අසත්‍ය වුනත් ඉන් අසීරුතාවට පත් වෙන්නෙ ජනපතිවරයා ඇතුළු ආණ්ඩුවයි. ඒ අසීරුතාව හරියටම මග හිටියොත් උඹ නසී. ගෙදර ⁣ගියොත් අඹු නසී වගේ සිද්ධියක්.

ටිරාන්ට එරෙහිව අනුර දිසානායක ජනපතිවරයා කිසිම නිත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ යැයි පැවසෙන සමාජ අදහස තහවුරු කරන්න ආණ්ඩුවට එරෙහි  විපක්ෂයට මේ සිද්ධිය හොඳ තුරුම්බුවක් වෙයි. කුමන්ත්‍රණකරුවන්ගෙ අවශ්‍යතාවත් එපමණයි.

 

anura and tiran

මා දිගින් දිගටම ජාජබයට සම්බන්ධ පොලිස් ඡ්‍යෙෂ්ඨයන් දැනුවත් කරල තියෙනවා විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කේන්ද්‍රීය කර ගනිමින් ආණ්ඩුවට එරෙහිව යටි බිම් ගත ඉතා රහසිගත කුමන්ත්‍රණයක් දියත් වෙන බව. ඒත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ.

විශේෂ කාර්ය බලකායෙ ප්‍රධානීන් බොහෝ දෙනෙකුට මේ ආණ්ඩුව ඇලජික්. බුද්ධි තොරතුරු පිළිබඳව ආණ්ඩුවෙ ආරක්ෂක ලොක්කො අවධානය යොමු කරනවා නම් විශේෂ කාර්ය බලකායෙ ඩබල් ගේම් එක හෙළි කරගන්න හැකි වෙයි.

ඇත්තටම මට තවමත් තිබෙන සම්බන්ධතා වලින් අනාවරණය වෙලා තියෙන්නෙ ජාජබ ආණ්ඩුවට හිතවත්ව විශේෂ කාර්ය බලකායෙ ප්‍රධානින් ඉන්නෙ ඉතා සුළු පිරිසක්. ඒ නිළධාරින් පවා ඉන්නෙ කිසිම දෙයක් කර කියා ගන්න බැරුවයි.

ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණකාරයො බිම් බෝම්බයක් පුපුරවල තියෙනවා , මේ අපරාධ සැකකරු යොදා ගෙන එච්චරයි, මට කියන්න තියෙන්නෙ.”

sxdtw45t
මේ විශ්‍රාමික පොලිස් ඡ්‍යෙෂ්ඨයා අනාවරණය කරන තොරතුරු බරපතලය. එහි ඇත්ත නැත්ත සෙවීම ආණ්ඩුවට බාරය. අපට නිගමනයක් දිය නොහැකිය.

එහි ඇත්තේ මේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමකි. එහෙත්  මේ ආණ්ඩුවේ කෙරුම්කාරයන් ඒ අනතුර තේරුම් ගන්නා බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම ආණ්ඩුවේ පණ්ඩිත කෙරුම්කාරයන්ට ලියන්නට ඇත්තේ ඔහොම යං කියා පමණය.

(සටහන | ලොකු කුමා)

උපුටා ගැනීම | srilankabrief.org

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපතිවරයාට එරෙහිව නඳුන් චින්තක පිපිර වූයේ කුමන්ත්‍රණ බෝම්බයක්ද? | ලොකු කුමා | The Leader