The Leader News
BREAKING
Top Ad
Opinion

යුද ජයග්‍රහණ සැමරුමට 'පුරවැසි අපේක්ෂා' එකතු කිරීම | කුසල් පෙරේරා

T

The Leader Desk

May 19, 2025 • 6:01 AM

යුද ජයග්‍රහණ සැමරුමට 'පුරවැසි අපේක්ෂා' එකතු කිරීම | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද, මැයි 19 වන දින, ආණ්ඩුව සමරන්නේ යුධ ජයග්‍රහණයේ 16 වන සංවත්සරයයි.
  • පසුගිය දිනවල ප්‍රවෘත්තිවල කියවුනේ ජනාධිපති අනුර කුමාර ඊට සහභාගි නොවන බවයි.
  • නමුත් ඊයේ ප්‍රවෘත්තියක් තිබුණා ජනාධිපති අද උත්සවයට සහභාගි වෙනවා කියලා. මේ යුධ ජයග්‍රහණය කියන්නේ අවුරුදු 25 ට වැඩි කාලයක් දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ ත්‍රස්තවාදයට එරෙහිව ආණ්ඩුව ගෙන ගිය සන්නද්ධ ගැටුම ජයග්‍රාහී ලෙස අවසන් කිරීමයි.
  • එය 2010 මැයි මාසයේ 15 වන දින, ජනාධිපති සතු ව්‍යවස්ථාමය බලය මත ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සී.
අකුරු ප්‍රමාණය (Font Size):

අද, මැයි 19 වන දින, ආණ්ඩුව සමරන්නේ යුධ ජයග්‍රහණයේ 16 වන සංවත්සරයයි. පසුගිය දිනවල ප්‍රවෘත්තිවල කියවුනේ ජනාධිපති අනුර කුමාර ඊට සහභාගි නොවන බවයි. නමුත් ඊයේ ප්‍රවෘත්තියක් තිබුණා ජනාධිපති අද උත්සවයට සහභාගි වෙනවා කියලා. 


මේ යුධ ජයග්‍රහණය කියන්නේ අවුරුදු 25 ට වැඩි කාලයක් දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ ත්‍රස්තවාදයට එරෙහිව ආණ්ඩුව ගෙන ගිය සන්නද්ධ ගැටුම ජයග්‍රාහී ලෙස අවසන් කිරීමයි. බෙදුම්වාදී ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊය, එහි ඓන්ද්‍රීය නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් සමග සමූලඝාතනය කර සන්නද්ධ ගැටුම් අවසන් කිරීමයි. 

 

WhatsApp Image 2025 05 19 at 10.49.51 AM

එය අපේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුරයේ දී හමුදා ගෞරව සමග සමරන පළමු අවස්ථාව නෙවෙයි. නමුත් ඇයි දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය සමූලඝාතනය කිරීම, සාමාන්‍ය දෙමළ ජනතාවත් එක්ක කිලිනොච්චියේ නැත්නම් මඩකළපුවේ සමරන්න බැරි? එයට හේතුවන අති බරපතල කාරණාවක් තියෙනවා. එය 2010 මැයි මාසයේ 15 වන දින, ජනාධිපති සතු ව්‍යවස්ථාමය බලය මත ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සී. ආර්. ද සිල්වාගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කළ “උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම”, මාස 15 ක ක්ෂේත්‍රගත විමර්ශන වලින්ද පසුව 2011 දෙසැම්බරයේ නිකුත් කළ වාර්තාවේ දක්වන්නේ, “ශ්‍රී ලංකාවෙහි ජනවාර්ගික ගැටුමේ මූල හේතුව පවත්නේ දෙමළ ජනතාවගේ අව්‍යාජ දුක් ගැනවිලි වලට විසඳුම් සෙවීමට අනුපිළිවෙළින් බලයට පත් ආණ්ඩු අසමත් වීම තුළ යැයි කොමිසම අදහස් කරයි” යනුවෙනි. (වාර්තාවේ අංක 9.184)

9.184

english 9.184

සන්නද්ධ ගැටුම් අවසන් කෙරුවට, සන්නද්ධ ගැටුම් වලට හේතුවුනු නිදහසින් පසු මෙතුවක් කාලයක් කොළඹ ආණ්ඩු විසින් නොවිසඳූ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සමග ගැටගැසුණු ප්‍රශ්න තවමත් ඉතිරියි. යුද්ධයෙන් පසුවද අවුරුදු 16 ක් තවම ඒවා ගැන කෙරෙන වැදගත් කතාවක් නැහැ. ඊට අමතරව, යුද්ධය හේතුවෙන් ගොඩ ගැසුණු මානුෂීය ප්‍රශ්නත් තියෙනවා. ඒවා යුද්ධයෙන් හෙම්බත් වුන ජනතාවගේ අතිශය පෞද්ගලික, ඉතා සංවේදී ප්‍රශ්න ගොන්නකි.

 

 109778855 amma.jpg
දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් මත ජාත්‍යන්තර ප්‍රජාව ලෙස පෙනී සිටින බටහිර බලවතුන් කතා කරන යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පැත්තකින් තියා, මේ රටේ පුරවැසියන් වන උතුරු-නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වගකීම ආණ්ඩුව බාර ගත යුතුය. ඒ වෙනුවෙන් අද (මැයි 19) යුධ ජයග්‍රහණය සැමරීමේදී අවුරුදු 30 ක යුද්ධයෙන් හෙම්බත්වූ උතුරු-නැගෙනහිර ජනතාවටත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින සෙසු ජනතාවටත් ආණ්ඩුව පැහැදිලිව දිය යුතු ප්‍රතිඥාවන් ඇත.


WhatsApp Image 2025 05 19 at 10.51.22 AM

“උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පිළිබඳ කොමිසම” විසඳුම් ලෙස නිර්දේශ කරන “ආරක්ෂක හමුදා සිවිල් ක්‍රියාකාරකම් වලට සම්බන්ධවීම සහ ආරක්ෂක හමුදා පෞද්ගලික ඉඩම් ප්‍රයෝජනයට ගැනීම ක්‍රමිකව නතර කිරීම” (අංක 9.171) සමග “මහජන කේන්ද්‍රීය ස්වරූපයක් ඇතිව අනිවාර්ය බලය බෙදීම” (අංක 9.231 සිට ඉදිරියට) වහා ආරම්භ කරන බවට ආණ්ඩුව ප්‍රතිඥා දිය යුතුයි. යුධ ජයග්‍රහණය සැමරීම සැමට අර්ථවත් වන්නේ එවිටය.


සිංහල පරිවර්තනය - ප්‍රධාන නිරීක්ෂණ හා නිර්දේශ / 09 වන පරිච්ඡේදය -  

Report of the COMMISSION OF INQUIRY ON LESSONS LEARNT AND RECONCILIATION

kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද ජයග්‍රහණ සැමරුමට 'පුරවැසි අපේක්ෂා' එකතු කිරීම | කුසල් පෙරේරා | The Leader