නමුත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එය නොතකා හරිමින් සිටී. ඒ විපක්ෂය තමන්ගේ බලය අහිමිවිම හේතුවෙන් උමතුව ඇති බව පවසමිනි. එය ද අසත්‍යයක් නොවේ. එබැවින් පැරණි මජර දේශපාලනය මෙරටට නැවත අවශ්‍ය ද නොවේ. එහෙත් ආණ්ඩුව විපක්ෂය විසින් කරනු ලබන විවේචන දෙස සාධනීය ලෙස බැලිය යුතු ය; අවධානය යොමු කළ යුතු ය; ඒ සඳහා පිළියම් සෙවිය යුතු ය. සරලව ම පවසන්නේ නම් විපක්ෂය වෙතින් චෝදනා එල්ල නොවන තත්ත්වයට රට පාලනය කිරීමට ඔවුන්ට හැකි විය යුතු ය. නමුදු එබඳු තත්ත්වයක් දක්නට නොමැත.
මේ වන විට යට කී තත්ත්වය දෙස අවධානය යොමු කරමින් සිටින, මාලිමා සන්ධානය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කළ පිරිස් අතුරෙන් ඇතැම් අය ද තම විවේචනය වක්‍රව සහ ඍජුව ම ප්‍රකාශයට පත් කිරීම අරඹා ඇත.
මතු පළවන්නේ මාලිමා සන්ධානය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කළ පුද්ගලයෙක් මේ වන විට ආණ්ඩුවේ තත්ත්වය පිළිබඳ දක්වන ඍජු අදහස් ගොන්නකි. ආණ්ඩුවක් ලෙස ඔවුන් මෙබඳු ප්‍රකාශ මායිම් නොකර සිටීම තරම් නොවේ; කළ යුත්තේ එම අදහස් පිළිබඳ සිය අවධානය යොමු කර පිළියම් යෙදීම ය.
ආණ්ඩුවට එරෙහි විවේචන සාධනීය ද...? මාලිමා පාක්ෂිකයකුගේ පැහැදිලි කිරීමක් (වීඩියෝ)
T
The Leader Desk
May 19, 2025 • 11:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නමුත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එය නොතකා හරිමින් සිටී.
- ඒ විපක්ෂය තමන්ගේ බලය අහිමිවිම හේතුවෙන් උමතුව ඇති බව පවසමිනි.
- එහෙත් ආණ්ඩුව විපක්ෂය විසින් කරනු ලබන විවේචන දෙස සාධනීය ලෙස බැලිය යුතු ය; අවධානය යොමු කළ යුතු ය; ඒ සඳහා පිළියම් සෙවිය යුතු ය.
- සරලව ම පවසන්නේ නම් විපක්ෂය වෙතින් චෝදනා එල්ල නොවන තත්ත්වයට රට පාලනය කිරීමට ඔවුන්ට හැකි විය යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


