The Leader News
BREAKING
Top Ad
Opinion

'මහජන දිනය අද නොවේ හෙට යි' - රාජ්‍ය ආයතන වලට බාලගිරි දෝෂය ද ? | ජනක සුරංග

T

The Leader Desk

May 19, 2025 • 3:51 PM

'මහජන දිනය අද නොවේ හෙට යි' - රාජ්‍ය ආයතන වලට බාලගිරි දෝෂය ද ? | ජනක සුරංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයට හේතුව නම් දරුවන් බය කිරීමට හා දරුවන් ලෙඩ කිරීමෙන් පීඩාවට පත් කිරීමට පැමිණෙන 'බාලගිරි' නම් ගිරි යක්ෂ වේෂයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමයි.
  • මෙසේ රාත්‍රී කාලයේදී දරුවන් බිය කිරීමට පැමිණෙන බාලගිරි යක්ෂ වේෂය රැවටීමට ලක් කිරීමට 'අද නොවේ හෙට' යනුවෙන් ලියා තිබෙන බව ජනශ්‍රැතියේ සඳහන්ව එන එක්තරා රසවත් විස්තර කිරීමකි.
  • පසුගිය දිනෙක කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනයක මහජන දිනය දවසේ එහි ප්‍රධාන නිල තලය දරන නිළධාරිනිය හමුවීමට නොහැකි බව, එදින සේවය ලබා ගැනීමට පැමිණි සියලු මහජනතාවට ප්‍රකාශ කරන ලදි.
  • මේ අවස්ථාවේ දී අනිවාර්යෙන්ම දිවයිනේ නන්දෙසින් මහජන දිනයේ සේවය ලබා ගැනීමට පැමිණෙන සෑම කෙනෙකුගේම බලාපොරොත්තු සුන් වීමක් සිදුවන අතර, එසේ නැවත හැරී යාමට අකමැතිව ගැටලු ඇතිකර ගන්නා පුද්ගලයන් ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

යනුවෙන් ලියා තබති. එයට හේතුව නම් දරුවන් බය කිරීමට හා දරුවන් ලෙඩ කිරීමෙන් පීඩාවට පත් කිරීමට පැමිණෙන 'බාලගිරි' නම් ගිරි යක්ෂ වේෂයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමයි. මෙසේ රාත්‍රී කාලයේදී දරුවන් බිය කිරීමට පැමිණෙන බාලගිරි යක්ෂ වේෂය රැවටීමට ලක් කිරීමට 'අද නොවේ හෙට' යනුවෙන් ලියා තිබෙන බව ජනශ්‍රැතියේ සඳහන්ව එන එක්තරා රසවත් විස්තර කිරීමකි. ඒ එදා ඈත අතීතයේය. දැන් නම් මේ සෙල්ලම කෙරෙන්නේ රාජ්‍ය ආයතනවලය.

මහජන දිනයට වැඩ ද ? අකුරට වැඩ ද ?

පසුගිය දිනෙක කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනයක මහජන දිනය දවසේ එහි ප්‍රධාන නිල තලය දරන නිළධාරිනිය හමුවීමට නොහැකි බව, එදින සේවය ලබා ගැනීමට පැමිණි සියලු මහජනතාවට ප්‍රකාශ කරන ලදි. මේ අවස්ථාවේ දී අනිවාර්යෙන්ම දිවයිනේ නන්දෙසින් මහජන දිනයේ සේවය ලබා ගැනීමට පැමිණෙන සෑම කෙනෙකුගේම බලාපොරොත්තු සුන් වීමක් සිදුවන අතර, එසේ නැවත හැරී යාමට අකමැතිව ගැටලු ඇතිකර ගන්නා පුද්ගලයන් ද වේ.

එසේ තම ගැටළු වලට විසඳුම් ලබා මිස ආපසු හැරී යාමට අකමැති ජනතාව පහළ ශ්‍රේණියක නිලධාරියෙක්ට යොමුකර, ඉන් අනතුරුව ගැටළුවට පැලැස්තර විසඳුමක් ලබාදීම සාමාන්‍යයෙන් සිරිතය.

මේ ආකාරයට මහජන දිනයන් වලදී පවා ජනතාවට තමන්ට රිසිසේ සුදුසු නිලධාරින් හමුවී තම ගමට, රටට අදාල ප්‍රශ්න ගැටලු සාකච්ඡාව කොට විසඳීම් ලබා ගැනීමට නොහැකි වුවත්, එම දිනයන් වලට අදාළව නිවාඩු ගැනීම්, කාර්යාල පරිශ්‍රය තුළ විශේෂ උත්සව, රාජකාරී වේලාවන් තුළම පැවැත්වෙන විවිධ විසිතුරු වෙළඳ සැල් හා වෙනත් අතිරේක කටයුතු නිසා මහජනතාව විවිධ අපහසුතාවයන්ට ලක්වීමත් නිරන්තරයෙන් සිදුවේ. එය කලක පටන් මෙරට අති බහුතර රාජ්‍ය ආයතන ප්‍රමාණයක පොදු චාරිත්‍රයක් ද වී තිබේ.

පසුගිය දිනයක රාජ්‍ය ආයතනයක තුළ පුද්ගලයකු යකා නැටූ සිද්ධිය බොහෝ දෙනාගේ මතකයේ තවමත් පවතී. එවැනි ආකාරයට සිය මානසික පීඩනයන් මුදාහැරීමට ජනතාවට සිදුවන්නේ මෙවැනි ආකාරයේ සිදුවීම් ගණනාවකට පිළිතුරු වශයෙනි.

නීතිය හා පැමිණිලි පෙට්ටියට තිත වැටුණු හැටි..

"රාජ්‍ය ආයතන වෙතට පැමිණෙන පොදු මහජනතාවට අදාළ නිලධාරීන් මුණගැසීමට හා ස්වක්‍රීය  අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකිවනු පිණිස සියලුම රාජ්‍ය ආයතනවල සේවය කරනු ලබන නිලධාරින් අදාළ සඳුදා දිනයේ තම කාර්‍යාලයේ රැඳී සිටීම අනිවාර්යයි"

“ සත්‍ය වශයෙන්ම රාජ්‍ය ආයතනවලට පැමිණ සේවා ලබාගන්නා ජනතාවට සිය අදහස් පළ කිරීමට හා රාජ්‍ය ආයතන වල සිදුවන ගැටළු, දෝෂ පිළිබඳ ලියා තැබීමට ඇති පැමිණිලි පෙට්ටිය පඩික්කමක් ගානටවත් ගණන් නොගන්නා තත්ත්වයකට පත්ව තිබේ. “

සඳුදා දිනය රාජ්‍ය ආයතන වල මහජන දිනය ලෙස නම් කරන ලද PS/GPA/Circular/29/2020 දරන ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව, " රාජ්‍ය ආයතන වෙතට පැමිණෙන පොදු මහජනතාවට අදාළ නිලධාරීන් මුණගැසීමට හා ස්වක්‍රීය අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකිවනු පිණිස සියලුම රාජ්‍ය ආයතනවල සේවය කරනු ලබන නිලධාරින් අදාළ සඳුදා දිනයේ තම කාර්‍යාලයේ රැඳී සිටින බවට සියළුම ආයතන ප්‍රධානීන් විසින් වග බලා ගතයුතු බව " අවධාරණය කර තිබේ.

පවත්නා නීතිය එසේ වුවත් ඡන්ද කාලයට ගෙයින් ගෙට ගොස් ජනතා ගැටලු සොයා බලන මහජන නියෝජිතයන් විසින් අනාරාධිතව පවා ගම් දනව් සිසාරා සරමින් රැයක් දවාලක් නොබලමින් කෑ මොර දුන්නත්, ඡන්දය දිනා ගැනීමෙන් පසු ඔවුන්ට හිසේ කෙස් ගානටත් වඩා වැඩ වැඩිය. පුදුම සහගත කාරණය නම් මහජන දිනයට , මහජනතාව මුණ ගැසී සිය සේවය ලබාදීමට තරම්වත් වෙලාවක් නොමැති වී යෑමයි.

ඡන්දයට ඉදිරිපත් නොවුනත් රාජ්‍ය නිලධාරීන් ද බහුතරයක් මහජන දිනයේ දී සිය රාජකාරිය හා දායකත්වය ජනතාව තෘප්තිමත් වන අයුරින් ලබාදීමට අසමත් වන බව ප්‍රායෝගිකව බොහෝ තැන්වල ඔප්පු වී තිබේ.

පඩික්කමට ගිය මහජන පැමිණිලි පෙට්ටිය

මහජන දිනයට පත් වී ඇති මෙම ඉරණම අද වන විට " පොදු මහජන පැමිණිලි " සඳහා ද අත්වී තිබීම කණගාටුදායක කරුණකි.

" සත්‍ය වශයෙන්ම රාජ්‍ය ආයතනවලට පැමිණ සේවා ලබාගන්නා ජනතාවට සිය අදහස් පළ කිරීමට හා රාජ්‍ය ආයතන වල සිදුවන ගැටළු, දෝෂ පිළිබඳ ලියා තැබීමට ඇති පැමිණිලි පෙට්ටිය පඩික්කමක් ගානටවත් ගණන් නොගන්නා තත්ත්වයකට පත්ව තිබේ. "

වර්තමානයේදී මහජන පැමිණිලි පෙට්ටිය ද ආයතනවල තබා ඇත්තේ මුල්ලකය. සමහර විට එය පඩික්කමක් ලෙස හෝ ඉඳගැනීමට භාවිතා කරන බංකුවක් ලෙස දිස්විය විය හැකිය. පෙට්ටියට සිදුවූ දේ සිතාගත හැකිනම් ඒවා තුළට යොමු කරන පැමිණිලි පිළිබඳ ද ජනතාවට සිතාගත හැකි විය යුතුය.

ජනතාව මෙයින් ධාරණය කරගත යුත්තේ නිවැරදි පාලන තන්ත්‍රයක් හා රාජ්‍ය ව්‍යුහයක් තනාගත නොහැකිනම් තමන්ටද සිදුවන්නේ සදාකල් පඩික්කමක් ගානට වැටී සිටීමට බවයි.

කෙසේ වෙතත් දේශපාලකයන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ද වරද දුටු විට පෙන්වා ඒවා අභියෝගයට ලක් කිරීම ද පුරවැසියාගේ අනිවාර්යය යුතුකමක් වන්නේය. නැතහොත් රටේ සිදුවන සෑම වරදක්ම 225ට බැර කළ යුතු බව සිතාගෙනම සිට මියා යා හැකිය.


තොරතුරු කොමිසමත් දියාරු වෙන ලකුණු !

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීමට තිබෙන ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන් මේ වන විට එම කොමිසමේ කටයුතු අකර්මණ්‍ය වෙමින් පවතී. එහි සභාපති ලෙස කටයුතු කල හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එම තනතුරෙන් මීට ඉල්ලා අස්වී දැන් මාසකටත් අධික කාලයක් ගත්වී ඇතත් මේ වන තෙක් සුදුස්සෙකු ඒ සඳහා පත්කර නොමැත.

ජනාධිපතිව ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර එම සභාපති ධූරය සඳහා ඉතා කඩිනම්ව පත් නොකිරීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් ද විවිධ අපහසුතාවයන්ට පත් වී ඇත.

නිරන්තරයෙන් තොරතුරු පනත භාවිතයට ගන්නා මාධ්‍යවේදීන් හා සාමාන්‍යය මහජනතාවගේ දොස් නැගීම් ද මේ දිනවලදී තොරතුරු කොමිෂන් සභාව වෙත පිවිසෙන ඕනෑම කෙනෙකුට ඇසිය දැකිය හැකි කාරණයකි.

සභාපති පුටුව තවම හිස්.. අභියාචනා විමර්ශණ ප්‍රමාදයි..

සභාපතිවරයාගේ පුටුව හිස්වීම පමණක් නොව ඊට පෙර සිටම තවත් කොමිෂන් සාමාජිකයෙක්ගේ පුරප්පාඩුවක් මාස තුනක් තිස්සේ අඛණ්ඩව පවතින අතර එම ඌනතාවය සම්පූර්ණ කිරීමටද තවමත් බලධාරීන් ක්‍රියා කර නැත.

මේ නිසා තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කරමින් කොම්ෂන් සභාව ඉදිරියේ විමර්ශනයට ගන්නා අභියාචනාවලදී නිසි ඝණ පූර්ණය සහිතව ඒවා විමර්ශනය කිරීමටත් , තීන්දු ලබා දීමටත්, එම තීන්දු රජයේ පාර්ශව හා සාමාන්‍ය ජනතාව වෙත ලිඛිතව ලබා දීමටත් කාර්යක්ෂම ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයක් කොමිෂන් සභාව හා කාර්යමණ්ඩලයට මූහුණ දීමට සිදුවුව තිබේ.

කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නෑ, ප්‍රතිපාදන මදි....

තොරතුරු දැනගැනීම යනු රටේ ජනතාවගේ මූලික අයිතියකි. එබැවින් එම කොමිෂන් සභාවට තම සේවා කටයුතු පුළුල්ව පවත්වාගෙන යාමටත් මහජනතාවට උපරිම සේවයක් ලබන ආකාරයට ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කාර්ය මණ්ඩලය හා ප්‍රතිපාදන ළඟා කරදීම අත්‍යවශ්‍ය කාරණා වේ.

නමුත් කොමිෂන් සභාව පාර්ශවයෙන් මේ සම්බන්ධව පවසනු ලබන්නේ වෙනත් කොමිෂන් සභා හා ඒවායේ කටයුතු වෙනුවෙන් පවතින ප්‍රමාණවත් තරම් වූ දීමනා හා කාර්ය මණ්ඩල තොරතුරු කොමිෂන් සභාවේ කටයුතු සඳහා හිමි නොවන බවයි. ඒ නිසා බඳවා ගනු ලබන සේවකයන් ද කෙටි කලකින් සේවය හැර යන බව පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණු තවත් සුවිශේෂී කාරණයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

මේ තත්ත්වය තොරතුරු කොමිෂන් සභාවේ අනාගතයට හා රටේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් අහිතකර ලෙස බලපාන බවද අමුතුවෙන් කිව යුතු නොවේ.

ජනතා සහනය කොහෙද ?

මේ සියළු කාරණා අතරේ ජනතාවට, අවශ්‍ය වන්නේ සැබෑ සහනයකි. කාර්යක්ෂම හා සුහදශීලී රාජ්‍ය සේවයකි. එය ඔබ එදිනෙදා කටයුතු වෙනුවෙන් පියමනින ගමේ රෝහල,  පාසල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රටේ සියළු ප්‍රධාන රාජ්‍ය පරිපාලනයක් සහිත සෑම ආයතනයකින්ම එක සේ ලැබිය යුත්තකි.

කෙතරම් ජනතාවාදී ආණ්ඩුවක් රටක සිටියත්, එම ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කරනු ලැබීමට රාජ්‍ය නිළධාරීන් ක්‍රියා නොකරන්නේ නම් එයින් ජනතාවට අත්වන සහනයක් ද නොමැත. ඒ අනුව අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරින් ක්ලීන් කර, සුපිරිසිදු රාජ්‍ය සේවයක් ඇති කිරීමට ආණ්ඩුවට නව ව්‍යාපෘතියක් දියත් කිරීමට සිදුවනු ඇත. එය එක් අතකට මෙරට ජනතාවට පමණක් නොව ගුණාත්මක හා ප්‍රශස්ථ රාජ්‍ය සේවයක යෙදෙන අවංක, ක්‍රියාශීලී නිළධාරීන්ටද කරන විශේෂ ගෞරවයක් වනු ඇත.

Janaka Suranga(සටහන | ජනක සුරංග)
නිදහස් මාධ්‍යවේදී

rbjsofficial@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...