The Leader News
BREAKING
Top Ad
Opinion

අනුදි ගුණසේකර : අපේ අනාගතය ගැන ධනාත්මක කතාවක්! | ගෙවිඳු කුමාරතුංග

T

The Leader Desk

May 24, 2025 • 7:08 AM

අනුදි ගුණසේකර : අපේ අනාගතය ගැන ධනාත්මක කතාවක්! | ගෙවිඳු කුමාරතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු අනුදි ගුණසේකරට සහය පළ කරන අතර, ඇතැම් පිරිස් එයට වෙනස් අදහස් ප්‍රකාශ කර තිබේ.
  • යුතුකම සංවාද කවය ප්‍රධානියකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (Gevindu Cumaratunga) ඇය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.
  • ''ඇය අපගේ මවුබිමට තවතවත් ජයග්‍රහණ ගෙන එත්වා'' ''මේ දිනවල ලෝක රූ රැජිණ තරඟයට ඉතා සාර්ථක ලෙස මුහුණ දෙන අනුදි ගුණසේකර යෞවනිය අපේ තරුණ පරපුර පිළිබඳ සමාජ විනිශ්චයන් උඩු-යටිකරමින් ඇත.
  • ඇය තමා ලැබූ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙරලා සමාජයට සේවය කළ යුතු බව කියයි; අනාගත රැකියාව ලෙස රාජ්‍ය සේවය (වීදේශ සේවය) තොරාගන්නා බව කියයි!
අකුරු ප්‍රමාණය (Font Size):


සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු අනුදි ගුණසේකරට සහය පළ කරන අතර, ඇතැම් පිරිස් එයට වෙනස් අදහස් ප්‍රකාශ කර තිබේ.

යුතුකම සංවාද කවය ප්‍රධානියකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (Gevindu Cumaratunga)  ඇය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.

''ඇය අපගේ මවුබිමට තවතවත් ජයග්‍රහණ ගෙන එත්වා''

 anudii

''මේ දිනවල ලෝක රූ රැජිණ තරඟයට ඉතා සාර්ථක ලෙස මුහුණ දෙන අනුදි ගුණසේකර යෞවනිය අපේ තරුණ පරපුර පිළිබඳ සමාජ විනිශ්චයන් උඩු-යටිකරමින් ඇත.

අලුත් පරම්පරාව ගැන බොහෝවිට අසන්නට ලැබුණු අපත කතාවලට වෙනස් ජීවමාන ආදර්ශයක් ඇය අප ඉදිරියේ තබමින් සිටී!

ලෝක වේදිකාවක ජය කෙහෙළි නංවමින් අනුරාධපුරය (පිටිසර) ගැන, නිදහස් අධ්‍යාපනය ගැන, අප ගේ සරසවි ගැන...  පොදුවේ ලංකාව ගැන, ඇය ප්‍රකට කරන ධනාත්මක හා හෘදයාංගම ආකල්ප සුවිශිෂ්ට ය.

anudi

ඇය තමා ලැබූ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙරලා සමාජයට සේවය කළ යුතු බව කියයි; අනාගත රැකියාව ලෙස රාජ්‍ය සේවය (වීදේශ සේවය) තොරාගන්නා බව කියයි!

ඇය, ඇගේ පාරම්පරාවේ සැබෑ නියෝජනයක් ද? එසේ නම් අප රටට දීප්තිමත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි ය.

අනුදී මේ ලෝක රූ රැජින තරගයේ ඉදිරියට යත්වා!

දිදුලන අනාගතයකට හිමිකම් කියන ඇය අප ගේ මවුබිමට තවතවත් ජයග්‍රහණ ගෙන එත්වා!!

ඇයව හඳන්වා දුන් වීඩියෝව:



තමා ගැන කළ ඉදිරිපත් කිරීම:




gevindu kumaratunga
(ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

gevinducumaratunga@gmail.com


Gevindu Cumaratunga  ගේ ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...