ඔහු එය සිදු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ එහි ඇමැතිවරයෙකු ලෙසට ය. ඒ අනුව එම අපවාදය එම ආණ්ඩුව මතත් වැටීම වැළැක්විය නොහැකි ය. ඇමතිවරුන් කළ හොඳ වැඩ මෙන්ම ඔවුන් කළ වැරදි වැඩත් අදාළ ආණ්ඩුවට ම නාමික ව හෝ බැර වේ.
මාලිමා ආණ්ඩුවට මෙය ජයග්‍රහණයකි. නඩුව දැම්මේ රනිල්ගේ කාලයේ ය යන්න එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ හොරු අල්ලා දඬුවම් කරන බවට ඔවුන් පුන පුනා දුන් පොරොන්දුව ඔවුන්ගේ ආණ්ඩුව පවතින කාලයේ මේ ආකාරයට ඉෂ්ට වීම ය. මහින්දානන්ද කර ඇත්තේ හොරකමක් ද නැද්ද යන්න පිළිබඳව තර්ක කිරීමෙන් ඵලක් නැත. පොදු ජනතාවට එය අදාළ නැත.
මාලිමා ආණ්ඩුවට මෙය ජයග්‍රහණයකි. නඩුව දැම්මේ රනිල්ගේ කාලයේ ය යන්න එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ හොරු අල්ලා දඬුවම් කරන බවට ඔවුන් පුන පුනා දුන් පොරොන්දුව ඔවුන්ගේ ආණ්ඩුව පවතින කාලයේ මේ ආකාරයට ඉෂ්ට වීම ය. මහින්දානන්ද කර ඇත්තේ හොරකමක් ද නැද්ද යන්න පිළිබඳව තර්ක කිරීමෙන් ඵලක් නැත. පොදු ජනතාවට එය අදාළ නැත.

පොහොට්ටුවට මේ කාරණය අදාළ වන්නේ කෙසේ ද? ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි සහ තවත් අය සමග මහින්දානන්ද පොහොට්ටුවෙන් විතැන් වූයේ 2024 ජනාධිපතිවරණය ආසන්නයේ ය. එය 2022 රනිල් ජනාධිපති වූ තැන් පටන් ක්‍රමයෙන් වර්ධනය වූ වෙන් වීමකි. පොහොට්ටුව පක්ෂයක් ලෙස රනිල් වික්‍රමසිංහට සහාය දිය යුතු යැයි තරයේ කියා සිටි ඔවුන්, ඊට විරුද්ධව සිටි පොහොට්ටුවේ මා ඇතුළු පාර්ශවය සමග ගැටිණි. එම ගැටුමෙන් ඔවුන් පරාජය විය. “රනිල්ගේ පුත්තු” යැයි මවිසින් නම් කළ එම කණ්ඩායම ඉන් පසුව පොහොට්ටුවේ දේශපාලනයට සම්බන්ධ වූයේ නැත. ඒ වුවත් පොහොට්ටුවටත් මෙම අපවාදය යම් පමණකින් එල්ල වේ.
අලුතෙන් හැදෙමින් තිබෙන පොහොට්ටුව මෙයින් උගත යුතු පාඩම වන්නේ දැඩි විනයක් පක්ෂය තුළ ස්ථාපිත කළ යුතු බව ය. එක් එක් පුද්ගලයන්ට ඕනෑ විදිහට නටන්නට ඉඩ නොදිය යුතු බව ය. එසේ හැසිරෙන අය දැන්ම ම පක්ෂයෙන් ඉවත් කිරීම අනාගතයට කරන යහපතකි. එමෙන්ම පක්ෂයයේ හර පද්ධතිය වචනවලට පමණක් සීමා නොකර සියලු ක්‍රියාකාරී සාමාජිකයන් විසින් දැඩිව පිළිපදින ආකාරයට ස්ථාපිත කළ යුතු බව ය. ඡන්ද ගණන වැඩි කරනවා හා සමානව ම පක්ෂයේ මතවාදය, හර පද්ධතිය, විනය පටිපාටිය මනා ව ස්ථාපිත කරමින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම නාමල් රාජපක්ෂ හමුවේ ඇති අභියෝගය යි. ඔහු එය කරමින් සිටී. නමුත් තවත් කිරීමට බොහෝ දේ තිබේ.
රාජ්‍ය දේපළ අවභාවිත වූ පළමු අවස්ථාව මෙය නොවේ. අවසාන අවස්ථාවත් මෙය නොවේ. අනාගතයේ දවසක මාලිමාවේ ඇමතිවරුන්ටත් එරෙහිව නඩු වැටෙනු ඇත. ඇතැම් විට දඬුවම් විඳීමට ද සිදු වනු ඇත. ඕනෑම දේශපාලන පක්ෂයකට කළ හැක්කේ වංචා හෝ දූෂණ අවම කිරීම සඳහා හැකි උපරිමයෙන් කැප වී කටයුතු කිරීම පමණී. මහින්දානන්ද සිය දඬුවම පූර්ණ ව හෝ අර්ධ ව හෝ ගෙවා අවසන් කරනු ඇත. ඇතැම් විට ඔහුගේ දේශපාලනය අවමන් සහගත ලෙස අවසන් වනු ඇත. නොඑසේ නම් ඔහු වඩාත් ශක්තිමත් ව නැවත දේශපාලනයට එනු ඇත. දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
උපුටා ගැනීම : ගිනිහුළ
2025 මැයි 30



