The Leader News
BREAKING
Top Ad
Opinion

මජර දේශපාලනයේ මහින්දානන්දය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 30, 2025 • 4:47 PM

මජර දේශපාලනයේ මහින්දානන්දය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නලින් ප්‍රනාන්දු සමග කැරම් හා දාම් බෝඩ් බෙදාහැරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් එම දෙපළට දරුණු දණ්ඩනයන් පනවා තිබේ.
  • එහෙත්, අධිකරණය දේශපාලන පක්ෂවල උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන බවක් අප නම් විශ්වාස කරන්නේ නැත.
  • කැරම් බෝඩ් හා දාම් බෝඩ් රට පුරා ක්‍රීඩා සමාජවලට ලැබෙන්නට ඇත.
  • ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ සමයේ දිළිඳු සහනාධාර ලෙස රු.
අකුරු ප්‍රමාණය (Font Size):

නලින් ප්‍රනාන්දු සමග කැරම් හා දාම් බෝඩ් බෙදාහැරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් එම දෙපළට දරුණු දණ්ඩනයන් පනවා තිබේ.

 

යහපාලන ආණ්ඩු සමයේ පවරන ලද එම නඩුව ස්වාධීන අධිකරණයකින් විභාග වී ස්වාධීන තීන්දුවක් ලබාදුන්නේ යයි අපි සිතමු. එහෙත්, ආණ්ඩුවේ හිතවතුන් හැසිරෙන්නේ තීන්දුව ඔවුන් මැදිහත් වී ලබාදුන් එකක් පරිද්දෙනි. එහෙත්, අධිකරණය දේශපාලන පක්ෂවල උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන බවක් අප නම් විශ්වාස කරන්නේ නැත.


මෙය දූෂණයක් බව ඇත්තකි. සොරකමක් සිදු වී නැතුවා විය හැකිය. කැරම් බෝඩ් හා දාම් බෝඩ් රට පුරා ක්‍රීඩා සමාජවලට ලැබෙන්නට ඇත. ඒවා අරගෙන ගිය අය මේ රටේ ජනතාවයි. මැතිවරණයක් අතරමැද එවැනි අල්ලස් දීම මෙන්ම ගැනීම ද වැරදිය. අල්ලස් දීමට සැලසුම් කිරීම පවා වැරදිය.

ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ සමයේ දිළිඳු සහනාධාර ලෙස රු. 5000ක් වටිනා බඩු මල්ලක් බෙදා දීමට සැලසුම් කළ අතර එය නතර කළේ මැතිවරණ කොමසාරිස්වරයායි. ඡන්දයෙන් පසු එය ලබා නොදීමෙන් පැහැදිලිව පෙනෙන්නේ එය අල්ලසක් ලෙස දෙන්නට සූදානම් වූ දෙයක් බවයි. එම තීරණයට සම්බන්ධ දේශපාලකයන්ට මෙන්ම නිලධාරීන්ට ද අද නැතත් කිසියම් දවසක හෝ දූෂණ චෝදනාවලට වගවෙන්නට සිදුවිය යුතුය.


වර්තමානයේදී සිදුවන කන්ටේනර් පැන්නීම්, හාල් මෝල්කාරයන්ට, ලුණු මුදලාලිලාට අයථා වාසි වන ගනුදෙනු, ජනාධිපති උපදේශකලාගේ ළබැඳියාවන් පිළිබඳ ගැටුම් ආදිය අති ප්‍රබල දූෂණ විරෝධී පනත යටතේ අද නැතත් කිසියම් දිනෙක විමර්ශනයට ලක්වනු ඇත.

එම අර්ථයෙන් මෙය ඉතා හොඳ ආරම්භයකි. ජවිපෙ බලයට පැමිණීමට පෙර, විශේෂයෙන්ම 2015 වන විට උච්ච වී තිබුණු රජයේ දේපළ පෞද්ගලික හා දේශපාලන අරමුණු වෙනුවෙන් අයථා ලෙස භාවිතා කිරීමේ මජර සංස්කෘතිය අවසන් කිරීම සඳහා අපි එයට පූර්ණ සහාය දෙන්නෙමු. මජර සංස්කෘතිය වෙනුවෙන් කාට හෝ වන්දි ගෙවන්නට සිදු වේ. එහි ගිලී සිටි අය ඒ මිළ ගෙවිය යුතුය.


එපමණක් නොව, වර්තමානයේ ක්‍රියාත්මක වන රාජ්‍ය සම්පත් පක්ෂයක් විසින් කොල්ල කෑමේ තවම නමක් දමා නොමැති අලුත් දේශපාලන සංස්කෘතිය ද දිනෙක අවසන් කළ යුතුය. දැනට ඔහේ ගියාට කමක් නැත.


Ajith parakum jaya(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...