ඇමතියා අධිකරණයට අපහාසයක් කළා ද නැති ද කියා මා දන්නේ නැත. නමුත් රටේ අධිකරණ ඇමති කරන ප්‍රසිද්ධ ප්‍රකාශය අනාගතයේ ආණ්ඩු සඳහාත් වලංගු ප්‍රකාශයකි. එබැවින් එයට විරුද්ධ ව නඩු දමා ප්‍රකාශය බල රහිත කිරීම අදේශපාලනික ක්‍රියාවකි. අනාගතයේ ආණ්ඩු හදන අයටත් මේ අධිකරණ ඇමති කියන ආකාරයට වැඩ කළ හැකි වන්නේ එවිට ය.
අධිකරණ ඇමති යනු එතරම් පරිණත මිනිසෙකු නොවේ. වයස ගියාට ඔහු දරුවෙකි. ඉංග්‍රීසියෙන් කියන මමා’ස් බෝයි කෙනෙකි. අනුන්ගේ අවධානය නිතරම ඉල්ලා පන්තිය ඉස්සරහා ජෝක් කරන කවටයෙකි. ඔහු වැන්නෙකු රටක අධිකරණ ඇමති කිරීම පිළිබඳව අප ජනපතිට ස්තුතිවන්ත විය යුතු ය. මේ යන විදිහට ඔහු අනිවාර්යෙන් ම විශාල ප්‍රශ්නයක් දාගෙන තමනුත් පක්ෂයත් මහා අර්බුදයකට දමනු නිසැක ය. එය අපට අදාළ නැත. අපට වැදගත් වන්නේ ඔහුගේ ප්‍රකාශයන් ය.
නීතිය නවනවා නම් එය කළ යුත්තේ කට පියාගෙන ය. ඒ ගැන පොර ටෝක් දුන් විට එක පැත්තකින් එය බාල වේ. අනෙක් පැත්තෙන් එය සාමාන්‍යකරණය වේ. හැමදාම බලය තිබෙනවා කියා සිතන අය එවැනි ප්‍රකාශ කරයි. නමුත් මේ ආණ්ඩුවට වඩා බොහෝ ශක්තිමත් ආණ්ඩු පවා ලෝකයේ බිඳ වැටී තිබේ.
බලය යනු තාවකාලික දෙයකි. අද දිනයේ දඩයක්කාරයා හෙට දිනයේ දඩයම බවට පත් වේ. එය ලෝක නියමයකි.
අධිකරණ ඇමතිගේ ප්‍රකාශය වැදගත් වන්නේ අන්න එදාට ය.
මා දකින හැටියට ඉතිහාසයේ සාහසික ම රාජ්‍ය මර්දනය එන්නේ මේ ආණ්ඩුවෙන් නොවේ. ඒ සඳහා තිබූ අවස්ථාව දැන් අවසන් වී තිබේ. එය එන්නේ ඊළඟ ආණ්ඩුව යටතේ ය. ඒ ආණ්ඩුව කවුරු හැදුවත් මේ ආණ්ඩුවෙන් දෙන දුරාදර්ශය ඔවුන් සිය දහස් ගුණයකින් වැඩි කරනු ඇත. එදාට මේ කියන මර්දනය අහිංසක ය කියා ඔබට සිතෙනු ඇත. එබැවින් අනාගතයේ ආණ්ඩු හැදීම ගැන නිශ්චිත සැලසුමක් තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් අධිකරණ ඇමතිගේ ප්‍රකාශය විවේචනය කරන්නේ නැත. දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූනි 3
eranda.ginige@gmail.com



