The Leader News
BREAKING
Top Ad
Opinion

ශ්‍රීලංකන් ණය ගෙවීම බදු ගෙවන ඔබ සතුය !

T

The Leader Desk

June 4, 2025 • 4:11 PM

ශ්‍රීලංකන් ණය ගෙවීම බදු ගෙවන ඔබ සතුය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.
  • අලුත ගෙනා ගුවන් යානය ගැන තොරතුරු අද (ජූනි මස 04) රැගෙන ආ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ශ්‍රීලංකන් සමාගමේ සේවයට යොදා ගැනීමට පෙර, වෙනත් ගුවන් සමාගම් දෙකක ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇතැයි airfleets.net වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
  • PK-GPN යන ලියාපදිංචි අංකය යටතේ 2011 වසරේ නොවැම්බර් මස 11 වන දා සිට මෙම එයාර්බස් ගුවන් යානය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය විසින් භාවිත කරනු ලැබ ඇත්තේ කල්බදු ක්‍රමය යටතේ ය.
  • වසරේ ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගුවන් සේවය විසින් සේවයෙන් ඉවත් කරනු ලැබ තිබූ මෙම ගුවන් යානය නැවත එය අයත් සමාගම වෙත 2021 වසරේ ජූනි මාසයේදී භාර දී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිට මෙරටට ළඟා විය.

ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.

4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පියාසර කරන අයුරු ජනතාවට ප්‍රදර්ශනය විය.

අලුත ගෙනා ගුවන් යානය ගැන තොරතුරු

dfsefed

අද (ජූනි මස 04) රැගෙන ආ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ශ්‍රීලංකන් සමාගමේ සේවයට යොදා ගැනීමට පෙර, වෙනත් ගුවන් සමාගම් දෙකක ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇතැයි airfleets.net වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

PK-GPN යන ලියාපදිංචි අංකය යටතේ 2011 වසරේ නොවැම්බර් මස 11 වන දා සිට මෙම එයාර්බස් ගුවන් යානය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය විසින් භාවිත කරනු ලැබ ඇත්තේ කල්බදු ක්‍රමය යටතේ ය. 2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගුවන් සේවය විසින් සේවයෙන් ඉවත් කරනු ලැබ තිබූ මෙම ගුවන් යානය නැවත එය අයත් සමාගම වෙත 2021 වසරේ ජූනි මාසයේදී භාර දී තිබිණි.

නැවත වරක් 2022 වසරේ නොවැම්බර් මස 28 වන දා HL8512 යන අංකය යටතේ ලියාපදිංචි කරන ලද මෙම එයාර්බස් ගුවන් යානය දකුණු කොරියාවේ Fly Gangown ගුවන් සේවය විසින් සේවයට එක් කරන ලද අතර ඔවුන් එය 2023 වසරේ මැයි 19 වන දා නැවත එය අයත් සමාගම වෙත භාර දී ඇත.

මෙම එයාර්බස් ගුවන් යානය 4R-ALT ලියාපදිංචි අංකය යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිය සේවයට එක් කරගෙන ඇත්තේ, ඉන් අනතුරුව ය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විවිධාකාරයේ අදහස් දක්වා ඇත

මෙසේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් යානය පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විවිධාකාරයේ අදහස් දක්වා ඇත.

මතු පලවන්නේ ඒවා අතරින් කිහිපයකි. 

 
Ajith Parakum 
ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අජිත් පැරකුම් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.
 
''ශ්‍රී ලංකාව විසින් පැහැර හැර ප්‍රතිව්‍යූහගත කරගන්නා ලද ණයවලින් ඩොලර් බිලියන 1.2ක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ණය වේ. ''
''එයින් භාගයක් භාරගන්නට රජය කැමැත්ත පළ කර ඇත. ගෙවීම බදු ගෙවන ඔබ සතුය.''
cvxde
Chinthana Dharmadasa
 
''ගොඩක් අය ප්ලේන් එක දැක්කා. ඒත් ඒක යට ගහලා තිබුනු මේ පණිවිඩය දැක්කෙ නෑ. අපරාදෙ ඔය පණිවිඩය දෙන්න ප්ලේන් එකක් ගත්ත වෙලාවෙ පත්තරේ දැම්මා නම් මීට වඩා දෙනෙකුට රීච් වෙන්න තිබුන. (පිංතූරෙ අරං තිබුනෙ මාතලන්)''
dfsdfsde

Eranda Ginige 
ඒ අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන එරන්ද ගිනිගේ සමාජ මාධ්‍ය ඔස්සේ මතු දැක්වෙන සටහන පළකර තිබිණ.
zdeewr
''ශ්‍රී ලංකන් ගුවන් සේවය අපගේ රාජ්‍ය සන්නාමය යි. එය විදේශිකයන් ට විකුණා තිබියදී නැවත රාජ්‍ය භාරයට ගත්තේ මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් ය. මූල්‍ය අලාභ ලැබීම ලෝකයේ බහුතරයක් රාජ්‍ය ගුවන් සේවාවන්ගේ ස්වභාවය යි. සෑම රාජ්‍ය සම්පතක් ම මූල්‍ය ලාභ ලැබිය යුතු නැත. රාජ්‍ය සම්පත් හි මූල්‍ය වටිනාකමට වඩා වැදගත් වටිනාකම් තිබේ. පරයන්ට එම වටිනාකම් නොදැනේ. අපගේ ගුවන් සේවයට අලුත් ගුවන් යානයක් එකතු කිරීම ඉතා හොඳ දෙයකි. මහින්ද චින්තන ප්‍රතිපත්ති අනුව ම මෙහි ලා කටයුතු කිරීම වෙනුවෙන් අනුර කුමාර ජනපති ට අපගේ ස්තුතිය. ධර්මය අපට මග වේවා! ''
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...