The Leader News
BREAKING
Top Ad
Opinion

'අවංක' යන්නට දෙන නව අර්ථකථනය කුමක් ද...? - කුසල් පෙරේරා

T

The Leader Desk

June 5, 2025 • 10:07 AM

'අවංක' යන්නට දෙන නව අර්ථකථනය කුමක් ද...? - කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන 117 න් 59 ක් තිබිය යුතු ය.
  • "බහුතරය අපට" යැයි කීවාට, මාලිමාවට කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට නම් තව ආසන 11 ක් තිබිය යුතු ය.
  • එක ගොන්නට ඒ සංඛ්‍යාව ලබා ගන්නවා නම් ගත හැක්කේ එ.ජා.ප 13 හවුල් කර ගැනීමෙන් පමණි.
  • එනම්, ඒ සැවොම දූෂිතයින් යැයි කියා හංවඩු ගසා ඇති බැවින් දැන් ඔවුන් කිසිවෙකු හවුල් කරගත නොහැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන 117 න් 59 ක් තිබිය යුතු ය.


"බහුතරය අපට" යැයි කීවාට, මාලිමාවට කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට නම් තව ආසන 11 ක් තිබිය යුතු ය.

එක ගොන්නට ඒ සංඛ්‍යාව ලබා ගන්නවා නම් ගත හැක්කේ එ.ජා.ප 13 හවුල් කර ගැනීමෙන් පමණි. එසේ නොවේ නම්  පොහොට්ටු පක්ෂයත්, මුස්ලිම් කොංග්‍රසයත්, සර්වජන බලවේගයත් හවුල් කරගත යුතු ය. එහෙත් ගැටලුවක් පවතී. එනම්, ඒ සැවොම දූෂිතයින් යැයි කියා හංවඩු ගසා ඇති බැවින් දැන් ඔවුන් කිසිවෙකු හවුල් කරගත නොහැකි ය.

විකල්පයක් ලෙස ස්වාධීන කණ්ඩායම් සාපේක්ෂව පිරිසිදු යැයි ඔවුන් හවුල් කර ගත්ත ද එතැන ඇත්තේ ආසන 09කි.  එහෙත් තවත් ආසන 02ක් නැතිව කොළඹ මහ නගර සභාවේ බලය ගැනීමට නොහැකි ය. ඒ තත්වය අනුව මා බලා සිටින්නේ මාලිමාව තවත් පිරිසිදු 02 ක් හොයාගන්නේ කෙසේද කියා නොවේ; ඔවුන් අවංක කියන සිංහල වචනයට දෙන අලුත් අර්ථකථනය කුමක්දැයි කියා ය.

කොළඹ නගර සභාවේ ආසන හිමිව ඇත්තේ මතු දැක්වෙන පරිදි ය.

NPP – ආසන 48

SJB – ආසන 29

UNP – ආසන 13

SLPP – ආසන 5

SLMC – ආසන 4

Ind Group 03 – ආසන 3

Ind Group 05 – ආසන 2

UPA – ආසන 2

SB – ආසන 2

Ind Group 04 – ආසන 2

PA – ආසන 1

NFF – ආසන 1

URF - ආසන 1

Ind Group 01 – ආසන 1

Ind Group 02 – ආසන 1

DNA – ආසන 1

People’s Party – ආසන 1

colo4756colo78978
ඕපාදූප රස බලන ජුණ්ඩෙකුගේ 'පාදෙනි ඉස්මුරුත්තාව' -(කුසල් පෙරේරා)(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...