The Leader News
BREAKING
Top Ad
Opinion

මර්වින් නමැති නිර්/ධනයා | එරන්ද ගිනිගේ

T

The Leader Desk

June 8, 2025 • 4:26 PM

මර්වින් නමැති නිර්/ධනයා | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ නිසා ම ඔහුට විධිමත් අධ්‍යාපනයක් ලබා ගත නොහැකි විය.
  • ඔහු රැකියාව ලෙස සමුපකාරයක කරවල කිරූ බවත්, කොළඹ ප්‍රභූ තන්ත්‍රයට රිංගා ගැනීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේ එතනින් බවත් මා අසා තිබේ.
  • නමුත් ඔහු කෙසේ හෝ ධනපතියෙකු බවට පත් වේ.
  • නිර්මාල් දේවසිරිගේ විකාර ප්‍රකාශ සියල්ල බැහැර කළ විට ඔහුට තිබුණු මූලික අර්බුදය වූයේ සිය ගමේ දුප්පත්ව සිටි ඇතැමුන් ඡන්දයෙන් තේරී ආණ්ඩුකරණයට සම්බන්ධ වූ පසුව ධනවතුන් බවට පත් වීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ නිසා ම ඔහුට විධිමත් අධ්‍යාපනයක් ලබා ගත නොහැකි විය. ඔහු රැකියාව ලෙස සමුපකාරයක කරවල කිරූ බවත්, කොළඹ ප්‍රභූ තන්ත්‍රයට රිංගා ගැනීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේ එතනින් බවත් මා අසා තිබේ. කොටින්ම මර්වින් යනු නිර්ධන පාන්තිකයෙකි. නමුත් ඔහු කෙසේ හෝ ධනපතියෙකු බවට පත් වේ. දැන් ඔහුට එල්ල වෙන චෝදනාව වන්නේ ඔහු වැන්නෙකුට තිබිය නොහැකි තරමේ වත්කම් ඔහු සතුව තිබීම ය. මෙහි කිසියම් පටලැවිල්ලක් තිබේ.

නිර්මාල් දේවසිරිගේ විකාර ප්‍රකාශ සියල්ල බැහැර කළ විට ඔහුට තිබුණු මූලික අර්බුදය වූයේ සිය ගමේ දුප්පත්ව සිටි ඇතැමුන් ඡන්දයෙන් තේරී ආණ්ඩුකරණයට සම්බන්ධ වූ පසුව ධනවතුන් බවට පත් වීම ය. නිර්මාල් ද නිර්ධනයෙකුව සිටියෙකි. නමුත් ඔහු අද සුළු ධනපතියෙකි. ධම්මික පෙරේරා ද නිර්ධනයෙකුව සිටියෙකි. නමුත් ඔහු දැන් මහා ධනපතියෙකි. නිර්මාල් හෝ ධම්මික හෝ නිර්ධනයෙකුව සිට ධනපතියෙකු වීම ප්‍රශ්නයක් නොවන විට මර්වින් සිල්වා වැන්නවුන් එසේ වීම ප්‍රශ්නයක් වන්නේ කෙසේද?

cv bnmbhgfdtrserwe

මෙයට දෙන සරල පිළිතුර වනු ඇත්තේ නිර්මාල් ඉගෙන ගෙන රැකියාවක් කර ධනපතියෙකු වූ බවත්, ධම්මික පෙරේරා ව්‍යාපාර කර ධනපතියෙකු වූ බවත්, නමුත් මර්වින් සිල්වා හොරකම් කර ධනපතියෙකු වූ බවත් වැනි හේතුවකි. මර්වින් සිල්වාටත් ව්‍යාපාර තිබිය හැකි වුවත් අපි හිතමු ඔහුට එහෙම ව්‍යාපාර නැත ය කියා. එසේ නම් මෙතන කියන්නේ මහජන මුදල් ගසා කෑමෙන් මර්වින් ධනපතියෙකු වූ බව ය. මර්වින් නමැති නිර්ධනයා ධනපතියෙකු වූ “ක්‍රමය” වැරදි බව ය. නමුත් මෙම හේතු දැක්වීමෙන් ගැටලුව තවත් උග්‍ර වේ.

නිර්මාල් උපයන ධනය පාරිශුද්ධ ද? ඔහු විශ්ව විද්‍යාල ව්‍යුහය තුළ අත්පත් කර ගත් අවස්ථා 100% ක් සාධාරණ ද? ඔහු විසින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 100% සාධාරණයක් ඉටු කළා ද? මහජන මුදලින් ඔහු ලබා ගත් වාහන පර්මිට් සාධාරණ ද? මහජන මුදලින් ඔහුට ගෙවන වැටුපට 100% සාධාරණ සේවයක් ඔහු පෙරළා කළා ද? එම වැටුප්/සේවය රටේ අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික වැටුප්/සේවය හා සමානුපාතික ද? නිර්මාල් කරන්නෙත් මහජන මුදල් ගසා කෑමක් බවට කෙනෙකුට තර්ක කළ හැකි ය.

එමෙන්ම ධම්මික පෙරේරා ධනවතෙකු වූයේ සූදුව හරහා බව කවුරුත් දනී. අදටත් ඔහු සිය සූදු ව්‍යාපාර හරහා විශාල ධනයක් උපයයි. ඔහුගේ අනෙකුත් ව්‍යාපාරත් 100% සුපිරිසිදු ඒවා නොවේ. එසේ නම් ධම්මිකත් ධනය උපයා ඇත්තේ මහජන මුදල් ගසා කෑමෙන් ය කියා කෙනෙකුට තර්ක කළ හැකි ය. මගේ ප්‍රශ්නය වන්නේ නිර්ධනයෙකුට ධනපතියෙකු විය හැකි ක්‍රමයේ “සාධාරණත්ව රේඛාව” කුමක්ද? යන්න ය.

මෙහි ඛේදවාචකය වන්නේ මර්වින් සිල්වා යථා ලෙස හෝ අයථා ලෙස හෝ යථා-අයථා ලෙස හෝ ධනපතියෙකු වුවත් ඔහු විනිශ්චයට ලක් වන්නේ නිර්ධනයෙකු ලෙස වීම ය. එය වත්මන් චෝදනා අරබයා පමණක් නොවේ. ඔහුගේ දේශපාලනය, සදාචාරය සහ සමාජ ප්‍රතිරූපය පවා විනිශ්චය වන්නේ ඔහුගේ නිර්ධන අතීතය මත ය. එක පැත්තකින් ඔහු හඹා ගිය උගත් ධනපති පන්තිය, ඔහු කෙතරම් වත්කම් උපයා ගත්තත් ඔහුට සලකන්නේ නූගත් අශිෂ්ටයෙකු ලෙසට ය. අනෙක් පැත්තෙන් නිර්ධන සමාජයත් මර්වින් දිහා බලන්නේ ධනපතියෙකු ලෙස නොව, ලොක්කෙකු වූ සොක්කෙකු ලෙසට ය. එය ද්විත්ව ඛේදවාචකයකි.

මට අනුව නම් නිර්මාල්, ධම්මික සහ මර්වින් යනු සමාන චරිතයන් ය. ඔවුන් තිදෙනාගේම ජීවිතයේ අරමුණ සමාන ය. එනම් නිර්ධනයෙකු වීමෙන් මිදී ධනපතියෙකු වීම ය. ඔවුන් තිදෙනා ම දේශපාලනයට සම්බන්ධය. ඔවුන් ඔවුන්ගේ දේශපාලනය හරහා විවිධ වරප්‍රසාද ද ගත් අය ය. ඔවුන් කළේ ඔවුන්ට ලැබුණු කාඩ් අත අනුව සෙල්ලම් කිරීම පමණී. මේ ලෝකයේ බොහෝ මිනිසුන් කරන්නේ එයයි. නමුත් ඔබ නිර්ධනයෙකු ලෙස උපත ලද හොත් ඔබට එම විනිශ්චයෙන් ගැලවිය නොහැකි ය. ඔබට කළ හැක්කේ වෙනත් නිර්ධනයෙකුගේ වරද පෙන්වා ගැලවීම පමණී. නිර්මාල්ටත් ධම්මිකටත් ඇතැම් විට මෙය කියවන ඔබටත් එම විනිශ්චයෙන් ගැලවීමට පුළුවන් වන්නේ මර්වින් සිල්වා නිසා ය. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූනි 8

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...