The Leader News
BREAKING
Top Ad
Opinion

දේවි කුසුමාසන සහ පශ්චාත් යටත් විජිත වාමාංශික කතිකාවෙන් මිදීම | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 10, 2025 • 3:40 PM

දේවි කුසුමාසන සහ පශ්චාත් යටත් විජිත වාමාංශික කතිකාවෙන් මිදීම | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ගේ ඉතිහාසය රචනා කිරීමේදී යටත් විජිත බලපෑම අතිමහත්ය.
  • එයට හේතුව වන්නේ ඔහු වටා නිර්මාණය වී තිබෙන සිංහල හා දෙමළ ජාතිකවාදී ප්‍රබන්ධ විසින් ඔහුගේ සැබෑ චරිතය වටා දවටා තිබෙන සළුපිළි උනා දැමිය නොහැකි ලෙස ඓතිහාසික දේහයට කාවැදී තිබෙන බැවිනි.
  • පුරාණ ග්‍රීක දර්ශනයේ, විශේෂයෙන් සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ කෘතිවල මුල් බැසගත් අපෝහකයට, සංකල්ප පැහැදිලි කිරීම, උපකල්පනවලට අභියෝග කිරීම සහ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රතිවිරුද්ධ අදහස් හුවමාරු කරගැනීම ඇතුළත් වේ.
  • එය දර්ශනය සහ තර්කනයේ සිට දේවධර්මය සහ දේශපාලනය දක්වා විවිධ ක්ෂේත්‍රවලට බලපෑම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගේ ඉතිහාසය රචනා කිරීමේදී යටත් විජිත බලපෑම අතිමහත්ය. එම යුගයේ ජීවත් වූ ප්‍රභූන් පිළිබඳ ඉතිහාසයේ තිබෙන සංක්ෂිප්ත වාර්තා යටත් විජිත පාලකයන්ගේ දෘෂ්ටියෙන් දූෂණය වී තිබේ.

මෙම මිනිසුන් සැබැවින් කෙබඳු අය ද යන්න කිසිදා සොයාගත නොහැකි වන්නට පුළුවන. මෙය සමකාලීනව පවා පවතින තත්වයකි. ප්‍රභාකරන් සැබැවින්ම කෙබඳු පුද්ගලයකුද යන්න හැදෑරීම පහසු නැත. එයට හේතුව වන්නේ ඔහු වටා නිර්මාණය වී තිබෙන සිංහල හා දෙමළ ජාතිකවාදී ප්‍රබන්ධ විසින් ඔහුගේ සැබෑ චරිතය වටා දවටා තිබෙන සළුපිළි උනා දැමිය නොහැකි ලෙස ඓතිහාසික දේහයට කාවැදී තිබෙන බැවිනි.

Plato Socrates Aristotle

අපෝහකය යනු ව්‍යුහගත තර්ක සහ ප්‍රති-තර්ක හරහා සත්‍යය අනාවරණය කර ගැනීම අරමුණු කරගත් සංවාද සහ තර්ක කිරීමේ ක්‍රමයකි. පුරාණ ග්‍රීක දර්ශනයේ, විශේෂයෙන් සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ කෘතිවල මුල් බැසගත් අපෝහකයට, සංකල්ප පැහැදිලි කිරීම, උපකල්පනවලට අභියෝග කිරීම සහ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රතිවිරුද්ධ අදහස් හුවමාරු කරගැනීම ඇතුළත් වේ.

ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන විවාදය මෙන් නොව, අපෝහකය විවේචනාත්මක චින්තනය සහ අන්‍යෝන්‍ය ගවේෂණය අවධාරණය කරයි. එය දර්ශනය සහ තර්කනයේ සිට දේවධර්මය සහ දේශපාලනය දක්වා විවිධ ක්ෂේත්‍රවලට බලපෑම් කර ඇත. හේගල් සහ මාක්ස්වාදී අපෝහකය වැනි නවීන අනුවර්තනයන් ප්‍රතිවිරෝධතා සහ ඒවායේ විසඳුම කෙරෙහි අවධානය යොමු කරයි.

ඉතිහාසය පිළිබඳ කතිකාව යනු වර්තමානය පිළිබඳ කතිකාවේම දිගුවකි. ඉතිහාසය ලියන්නේ වර්තමාන රාමුවක හිඳ වර්තමානයේ උවමනාවන් වෙනුවෙනි. ලියූ ඉතිහාසය නැවත නැවත පරීක්ෂා කරන්නේ ද ඒ නිසාය. නිශ්චිත ඓතිහාසික මූලාශ්‍ර නොමැති සංදර්භයක් තුළ අපට කළ හැකි දේ වන්නේ විවිධ පරිකල්පන සිදුකිරීමයි. සමස්ත ඉතිහාස රචනයම පරිකල්පනයකි. විද්‍යාත්මක හා නිශ්චිත පුරා විද්‍යාත්මක මූලාශ්‍ර මත පිහිටා සිටින බව කීම පවා වඩා දුර්වල පරිකල්පනයකි.

 

devi kusumasana 2

දයලෙක්තිකය හෙවත් අපෝහකය සහ කලාත්මක පරිකල්පනය වැදගත් වන්නේ මෙවැනි සංදර්භයක් තුළයි.

1674990469 k b herath Lකේ.බී. හේරත්කුසුමාසන දේවිය ගැන පශ්චාත් යටත් විජිත සමයේ වාමාංශික කතිකාව ස්ත්‍රීවාදී බලපෑමට දැඩිව ලක්වී තිබේ. එම දෘෂ්ටි කෝණයෙන් කුසුමාසන දේවියගේ කතාව හොඳින්ම නිරූපණය කළ නිදර්ශකය වන්නේ කේ.බී. හේරත්ගේ දෝන කතිරිනා නාට්‍යයයි. එහි දෝන කතිරිනා චරිතය විග්‍රහ කර තිබෙන්නේ තනිකරම පිරිමින්ගේ බල තණ්හාව වෙනුවෙන් අපයෝජනයට ලක්කරන ලද ගැහැනියකගේ වින්දිත ස්වරූපයෙනි. ජයන්ත චන්ද්‍රසිරි උත්සාහ කරන්නේ මේ තාක්ෂණික ඉදිරිපත් කිරීම් ප්‍රතික්ෂේප නොකර, තෝරාගත් ජීවන අවස්ථාවල හැඟීම් ස්පර්ශ කිරීමටයි.

495585724 1733087210977655 9033159339988141121 n

ඔහුගේ කුසුමාසන දේවිය ආදරවන්තියකි. තමන් රැගෙන කන්ද උඩරට ආක්‍රමණය කිරීමට ගිය පෘතුගීසි යුද නායකයාගේ ජීවිතය බේරාදෙන්නැයි ඇය කරන ඉල්ලීම ඇගේ චරිතය ගැන ප්‍රබල ප්‍රකාශනයකි.

kusumasana

විමලධර්මසූරිය කොනප්පු බණ්ඩාර සමයේ සිටම රණ ශූරයෙකි. තාක්ෂණික ඉතිහාස ලේඛනවල හා නිර්මාණවල නිරූපිත අන්දමේ පටු කෘර මිනිසකු නොවේ. ඔහු ප්‍රේමය, රණශූරත්වය, එඩිතරකම, කෘරත්වය මුසු වීර කාව්‍ය චරිතයකි.

ජයන්ත චන්ද්‍රසිරි විසින් පරිකල්පනය කරනු ලබන කුසුමාසන දේවියගේ යුගය නූතන සිංහල ජාතික හිතවාදී එකකි. එසේම, ඔහු නූතන සිංහල ජාතිකවාදයේ ද පරිකල්පනයක් සිදුකරයි. එය අනාගතවාදී එකකි. මට එසේ සිතුණේ එක් හේතුවක් මතය. කොනප්පු බණ්ඩාර කතෝලික දහම අතහැර සිංහල බෞද්ධ රජෙකු වී දන්ත ධාතුව වෙනුවෙන් දළදා මාළිගාවක් පවා ඉදිකරන ලද එම යුගයේ භික්ෂුවගේ භූමිකාව, කිසියම් අපැහැදිලි හේතුවක් මත, ජයන්ත චන්ද්‍රසිරි හිතාමතාම නොතකා හැර තිබේ. ඒ ඇයි? සිංහල ජාතිකවාදයේ අනාගතය තුළ භික්ෂුව දේශපාලනයෙන් ඉවත් කර තැබිය යුතු යයි ඔහු සිතන නිසාද?

දේවි කුසුමාසන චිත්‍රපටය මෙම අවස්ථාවේදී දේශපාලනික වශයෙන් අතිශය වැදගත් නිර්මාණයකි. මෙය සිංහල ජාතිකවාදී දේශපාලනයේ නව ප්‍රවේශයක මොහොතකි. එසේම, වාමාංශික දේශපාලනය කූටප්‍රාප්ත වූ මොහෙතකි. මෙම ගැටුම විසඳීම සම්බන්ධයෙන් වාලම්පුරි හෝ බහුචිතවාදියාට වඩා මේ මොහොතේ දේවි කුසුමාසන දේශපාලනිකව වැදගත් වනු ඇත.

 

WhatsApp Image 2025 05 05 at 3.20.13 PM

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...