The Leader News
BREAKING
Top Ad
Opinion

යුදෙව්-මුස්ලිම් ඓතිහාසික වෛරය අපිට වෙනස් කරන්නත් බැහැ |එරන්ද ගිනිගේ

T

The Leader Desk

June 22, 2025 • 3:45 PM

යුදෙව්-මුස්ලිම් ඓතිහාසික වෛරය අපිට වෙනස් කරන්නත් බැහැ |එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ වෙතත් ඊශ්‍රායලයට සහ ඉරානයට ඔවුනොවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ දුන්නා නම් වඩාත් හොඳ ය.
  • තව පැත්තකින් ඇමරිකානු ප්‍රහාරය දකින්න පුළුවන් ඒ යුද්ධය අවසන් කිරීමට කළ දෙයක් ලෙසත්.
  • වසර 27 ක් පුරා අපේ රටේ යුද්ධය ඇදී ඇදී යන කොට අවසානයේ මහින්ද රාජපක්ෂට සිද්ධ වෙනවා එයට නිශ්චිත අවසානයක් ගෙනෙන්න.
  • බොහෝ දුරට මාලිමාව ගෙදර යන්නේ ඒ යුද්ධය ඇති කරලා හෝ යුද්ධය ඇති වෙන්න අවශ්‍ය සියල්ල සකස් කරලා.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසේ වෙතත් ඊශ්‍රායලයට සහ ඉරානයට ඔවුනොවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ දුන්නා නම් වඩාත් හොඳ ය. අපේ වහරේ කියන්නාක් මෙන් මහින්ද පතිරණගේ කට ම හිටියා වගේ ය! ඔහු වැනි ලොව පුරා antisemitic ලා විසින් ඊශ්‍රායලයට කෝචෝක් කරමින් තව තවත් යුද්ධයට තල්ලු කළෝ ය. දැන් ඔය කර ගෙන තියෙන්නේ. හැබැයි තාමත් පතිරණගේ ඩිනයල් එක නම් නැවතිලා නැහැ.

xfrgvbm
2022 ගෝල්ෆේස් අරගලයත් ටිකක් මේ වගේ. ප්‍රජාතාන්ත්‍රිකව තෝරා ගත් ජනපතිට ගෙදර යන්න කියලා දිගින් දිගටම ඊනියා අරගල කරද්දී එයට විරුද්ධව පොහොට්ටුවේ මිනිස්සු ටිකකුත් පාරට බැස්සා. ඒකත් සාධාරණයි. ඒ මිනිස්සු ගෝල්ෆේස් ගිහිල්ලා අරගලකරුවන්ට ගැහුවා. එතකොට අරගලකරුවන් පෙරළා ගැහුවා. ඒකත් සාධාරණයි. ඒවා අන්‍යොන්‍ය කර්ම විපාක. එක පාර්ශවයක් ඕනාවට වඩා අනෙක් පාර්ශවය තල්ලු කරනවා නම් පෙරළා ප්‍රතිචාරයක් එනවා ම තමයි. ඊට පස්සේ දෙපාර්ශවය ම විශාල විනාශයකට යනවා. අද මාලිමාව දරුණු දේශපාලන මර්දනයක් දියත් කරමින් ඉන්නවා. ඕක ඔහොම ගිහිල්ලා අනෙක් පැත්තෙන් ඊට වඩා දරුණු ප්‍රතිචාරයක් එනවා ම යි. ඒක තමයි ලෝක ස්වභාවය.

තව පැත්තකින් ඇමරිකානු ප්‍රහාරය දකින්න පුළුවන් ඒ යුද්ධය අවසන් කිරීමට කළ දෙයක් ලෙසත්. වසර 27 ක් පුරා අපේ රටේ යුද්ධය ඇදී ඇදී යන කොට අවසානයේ මහින්ද රාජපක්ෂට සිද්ධ වෙනවා එයට නිශ්චිත අවසානයක් ගෙනෙන්න. කොටි නායකයාව ඝාතනය කරලම තමයි යුද්ධය අවසන් කරන්න වුණේ. ඒක මහින්ද පූර්ණ කැමැත්තෙන් කළ දෙයක් නොවෙයි. නමුත් එයින් යුද්ධය අවසන් වුණා. මේ රටේ හැමදාම බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙන එක නැවතුණා. සමහරුන්ට ඒ යුද්ධය නැවත ඕන වෙලා තිබෙනවා. බොහෝ දුරට මාලිමාව ගෙදර යන්නේ ඒ යුද්ධය ඇති කරලා හෝ යුද්ධය ඇති වෙන්න අවශ්‍ය සියල්ල සකස් කරලා.

සිරිමලී කොයි වෙලාවෙත් බනින්නේ “නාකින් ට”. නාකියන්ගේ බල අරමුණු නිසා අහිංසක දරුවන් මැරෙනවා කියලා තමයි එයා දුක් වෙන්නේ. නමුත් එයා මේක ඔය නාකියන්ගේ පැත්තෙන් දකින්නේ නැහැ. ඔවුන් හදන්නේ ඔවුනොවුන්ගේ දරුවන් සතුරාගෙන් ආරක්ෂා කර ගන්න. ඔවුනොවුන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න. මේවා හුදෙක් පුද්ගලික බල අරමුණු මත වෙන යුද්ධ නොවෙයි. එහෙම යුද්ධ කරන්න බැහැ. යුද්ධ කරන්න නම් පොදු අනතුරක් තිබිය යුතුයි. ඊශ්‍රායලයේ සෑම පුරවැසියෙකුම අනිවාර්ය යුධ පුහුණුව ලබනවා. කාන්තාවන් පවා ඉතාම හොඳට අවි පුහුණුව ලද අය. ඒ ඔවුන්ගේ ජාතියේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම. ලංකාවේ බහුතරයකට ඒ ජාත්‍යාලය ඒ දේශප්‍රේමය නැහැ. තිබුණ අයට “රණවිරුවෝ” කියනවටවත් උන් කැමති නැහැ. යුදෙව්වෝ තරම් ඉතිහාසයේ අපි දරුණු ලෙස බැට කාලා නැති නිසා අපිට අගයක් නැහැ. ඊශ්‍රායලය තේරුම් ගන්න නම් අපි ඒ පැත්තත් හිතන්න ඕනා.

අනෙක් පැත්තෙන් කලාපයේ වෙන කිසිම මුස්ලිම් රටක් ඉරානයේ සහායට ආවේ නැහැ. ඒ ඇයි කියලත් අපි හිතන්න ඕනා. ඒක නිකන් ම ඇමරිකන් ගැති භාවය කියලා නොසලකා හරින්න බැහැ. ඉරානය ඉන්නේ හැමෝවම තරහා කර ගෙන. ඉරානය හැසිරෙන්නේ හරියට දැන් මාලිමාව හැසිරෙනවා වගේ. තමන් සියල්ල දන්නවා සහ තමන්ට සියල්ල පුළුවන් සහ තමන් කරන හැම දෙයක් ම නිවැරදියි කියන ආන්තික උමතුවේ. එහෙම ඉන්න පුළුවන් අර උතුරු කොරියාව වගේ ලෝකයෙන් විතැන් වෙලා. එහෙනම් ඉරානයට තිබුණා ඊශ්‍රායල් පලස්තීන අර්බුදයට මැදිහත් නොවී පාඩුවේ ඉන්න. නමුත් ඔවුන් හමාස් ත්‍රස්තයන් පෝෂණය කළා. ඊශ්‍රායලයට දිගින් දිගටම පහර දුන්නා. ඉතින් දැන් ඒකට ප්‍රතිචාරය එනවා. අට ලෝ දහම කියන්නේ මේක තමයි.

dfsfsrerth
නූතන ඉරානය ඉස්ලාම්වාදී ඒකාධිපතිත්වයක් බවත් අප අමතක නොකළ යුතුයි. පතිරණ කියන්නේ එහෙම කරන්නේ බටහිර ආධිපත්‍යයට ගැති වෙන එක වළක්වන්නලු. ඒ අමන කථාව කියන්නේ බුර්කාව පිළිබඳව ඔහුගේ දෙබිඩි පිළිවෙත මා ප්‍රශ්න කළ නිසයි. පතිරණගේ උත්තරය තමයි “ඉරානයේ මුල්ලලා ඒ රටේ ස්ත්‍රීන්ව කළු ලෝගුවලින් වහලා තිබ්බේ නැත්නම් ඔවුන් බටහිර සංස්කෘතියට අනුගත වෙනවා… ඒ නිසා පොඩ්ඩක් හරි සම පෙනෙන්න ඇන්දොත් ඒ ස්ත්‍රීන්ට වේවැල් පහර ගැහුවට කමක් නැහැ” යන්න. ආන්තික උපාදානයක් ගත්තම විශ්ව විද්‍යාල ගුරුවරයෙකු වැනි තරමක් බුද්ධිමත් මිනිසෙකු වුණත් පසුගාමී ගොබ්බයෙක් වෙන්න පුළුවන් බවට මේක හොඳ උදාහරණයක්.

අනෙක් පැත්තෙන් යුදෙව්-මුස්ලිම් ඓතිහාසික වෛරය අපිට වෙනස් කරන්නත් බැහැ. හරියට ආර්ය අනාර්ය - සිංහල දෙමළ ඓතිහාසික වෛරය වගේ. මේ වෙනස් ජාතීන් කවදාවත් සමගි කරන්න බැහැ. ලෝකය පවතින්නේ වෙනස්කම් මත ම යි. හැම මිනිහෙක් ම ජාතිවාදියෙක්. අනුන්ගේ යුද්ධ ගැන කථා කරන ගමන් අපි අපේ ජාතියේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනා. ලෝක කයිය ගැහුවට රුසියාවේ පුටින් ආවේත් නැහැ. චීනයේ ජින්පිං ආවේත් නැහැ. ඇමරිකාව ඇවිල්ලා බෝම්බ දාලා ගියා. ලංකාවට වුණත් ඒ රටවල් දෙකම උදව් කළේ නැහැ. යථාර්ථය කටුකයි. සත්‍යය තිත්තයි. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූනි 22

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...