The Leader News
BREAKING
Top Ad
Opinion

වයින්ඩ් බෝනික්කන් | එරන්ද ගිනිගේ

T

The Leader Desk

June 24, 2025 • 8:50 AM

වයින්ඩ් බෝනික්කන් | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු කියන්නේ “ගෝඨාභයට සහාය දෙනවා ය කියන එරන්ද ගිනිගේ, ගෝඨාභය එළවීමට සහාය දුන් ජූලි චංග් නියෝජනය කරන ඇමරිකාවට සහාය දෙන බව ය.
  • බොහෝ ඊනියා ජාතිකවාදීන්ට ඇති ගැටලුවත් මෙයම ය.
  • මෙම දෘෂ්ටිවාදයට පාදක වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිතකරණය බව පැහැදිලි ය.
  • නමුත් දැන් වසර 76 ක් තිස්සේ අප තවදුරටත් කිසිවෙකුගේ යටත්විජිතයක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු කියන්නේ “ගෝඨාභයට සහාය දෙනවා ය කියන එරන්ද ගිනිගේ, ගෝඨාභය එළවීමට සහාය දුන් ජූලි චංග් නියෝජනය කරන ඇමරිකාවට සහාය දෙන බව ය. බොහෝ ඊනියා ජාතිකවාදීන්ට ඇති ගැටලුවත් මෙයම ය. මේ දෘෂ්ටිය කුමක් ද? එය මා හඳුන්වන්නේ “අන්ධ අධිරාජ්‍ය විරෝධය” කියා ය. එනම් ඊනියා බටහිර වූ පමණින් සෑම දෙයකට ම ස්වයංක්‍රීයව විරුද්ධ වීම ය. එම ජාතිකවාදීන් හැසිරෙන්නේ වයින්ඩ් කරන බෝනික්කන් මෙනි.

 

ප්‍රභූ දේශපාලනය අහවරයි ද..? - (රන්ජන සේනානායක)

මෙම දෘෂ්ටිවාදයට පාදක වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිතකරණය බව පැහැදිලි ය. නමුත් දැන් වසර 76 ක් තිස්සේ අප තවදුරටත් කිසිවෙකුගේ යටත්විජිතයක් නොවේ. නමුත් එම පරම්පරාගත බිය භාවිත කරමින් මෑත කාලයේ අන්ධ අධිරාජ්‍ය විරෝධයක් නිර්මාණය කළේ නලින් ද සිල්වා සහ විමල් වීරවංශ වැනි පැරණි මාක්ස්වාදීන් ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු… බටහිර දැනුමේ ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරව්… වැනි ප්‍රොපගැන්ඩා හරහා බටහිර ගෑවුණු සෑම දෙයකට ම අන්ධානුකරණයෙන් විරුද්ධ වන ගොබ්බ සිංහල බෞද්ධ සමාජයක් බිහි වී තිබේ. එම මිත්‍යා දෘෂ්ටියෙන් මිදීමට කාලය පැමිණ තිබේ.

usaid 03 02 2025

පතිරණගේ පුස් මිසයිලය ඉතා සරල ප්‍රශ්නයකින් බිම හෙළිය හැකි ය. “ඇමරිකාව USAID හරහා අරගලයට ඩොලර් දුන්නා කියා සාක්ෂි සහිතව තහවුරු කළේ කවුද?” පතිරණ ම කියන හැටියට ඒත් ඇමරිකාවම ය. එනම් ඇමරිකාව යනු සෑම විටම එකම ආකාරයකින් පවතින දෙයක් නොවේ. උදාහරණයක් හැටියට ලංකාව ගන්න. ලංකාවේ ආණ්ඩු ක්‍රියාත්මක වන්නේ එකම විදිහට ද? එහෙනම් ඇයි අපි මාලිමාණ්ඩුවට විරුද්ධ වන්නේ? ඇයි අපි යහපාලන ආණ්ඩුවට විරුද්ධ වුණේ? ඇයි අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂ වුණේ? ලංකාව හැම විටම එකම විදිහට පාලනය වෙනවා නම් එක් එක් ආණ්ඩුවලට අපි පක්ෂ විපක්ෂ වන්නේ ඇයි? ඇමරිකාවේත් මතවාදී දේශපාලන ප්‍රවාහයන් දෙකක් තිබේ. වාමාංශික ඩිමොක්‍රටික් පක්ෂය සහ දක්ෂිණාංශික රිපන්බ්ලිකන් පක්ෂය වශයෙනි. ටික කාලෙකට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ව මහා ඉහළින් වර්ණනා කරලා පෝස්ට් දැමූ පතිරණ දැන් මගෙන් අහනවා ඇයි ඇමරිකාවට සහාය දෙන්නේ කියලා. එයාට කරන්න හොඳයි. අනුන් කළොත් වැරදියි.

tumblr ntbpkb7ush1t0egw1o1 1280

 

එතකොට කෙනෙකු කියන්න පුළුවන් ඇමරිකාවේ ආණ්ඩු මාරු වුණත් ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ කියා. ඒක වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට වෙනස් කරන්න බැහැ. අධිරාජ්‍යවාදය කියන්නේ බටහිර විතරක් කරන දෙයක් නොවෙයි. චීනය කරන්නෙත් අධිරාජ්‍යවාදය. රුසියාව කරන්නේත් අධිරාජ්‍යවාදය. ඉන්දියාව කරන්නෙත් අධිරාජ්‍යවාදය. ඉරානය කරන්නෙත් අධිරාජ්‍යවාදය.

අධිරාජ්‍ය හදන එක අද ඊයේ කරපු දෙයකුත් නෙවෙයි. සිද්ධාර්ථ කුමාරයා එක්කෝ බුදු වෙයි, නැත්නම් සක්විති රජ වෙයි කියලයි අනාවැකි කිව්වේ. සක්විති කියන්නේ අධිරාජ්‍යවාදයේ ලොකුම එක. බිම්බිසාරට ඕන වුණු මගධ අධිරාජ්‍යය හැදුවා අජාසත්. චන්ද්‍රගුප්ත පටන් ගත්ත මෞර්ය අධිරාජ්‍යය හැදුවා අශෝක. චීනයත් ඒ කාලේ අධිරාජ්‍යයන් හැදුවා. මොන්ගෝලියාවේ ජින්ගිස් ඛාන් අධිරාජ්‍යයක් හැදුවා. සීසර් රෝම අධිරාජ්‍යය හැදුවා. මෙහ්මඩ් ඔටොමන් අධිරාජ්‍යය හැදුවා. ලෝකයේ ඕන තරම් අධිරාජ්‍යයන් හැදිලා තිබෙනවා. අදත් හැදෙනවා. හෙටත් හැදෙනවා. ඒකට බටහිර පෙරදිග කියලා බේදයක් නැහැ. ඒක තමයි මිනිසාගේ ස්වභාවය. ඒක නවත්වන්න කාටවත් බැහැ.

ලක්දිව ශිෂ්ටාචාරය හදන්නේත් මගධ සහ මෞර්ය අධිරාජ්‍යයන්ගේ දිගුවක් හැටියට. ලබන මාසයේ නිකුත් වෙන මගේ කුළුඳුල් නවකතාවේ ඒ ඓතිහාසික සිද්ධිය කියවෙනවා. මා හිතනවා එය ඔබට සිංහල ප්‍රවේණියේ ඓතිහාසික චරිත පිළිබඳව පෙර නොසිතූ අවබෝධයක් සහ පෙර නොදැනුණු හැඟීමක් ජනිත කරාවිය කියා.

 

fb yt

අධිරාජ්‍යයන් විවිධ විදිහට හදනවා. ඉන්දියාව බොලිවුඩ් සංස්කෘතික අධිරාජ්‍යයක් හදලා තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අදටත් පවතිනවා. විශාල මුස්ලිම් ආගමික අධිරාජ්‍යයක් තිබෙනවා. බෞද්ධ අධිරාජ්‍යය වුණත් තවම සෑහෙන්න පමණකට තිබෙනවා. ෆේස්බුක් කියන්නෙත් අධිරාජ්‍යයක්. ඒක හදපු සකර්බර්ග් යුදෙව්වෙක්. පතිරණ නොනවත්වා යුදෙව් විරෝධී වීඩියෝ හදලා දාන යූටියුබ් එක අයිති ගූගල් කියන අධිරාජ්‍යය හදපු දෙන්නම යුදෙව්වෝ. පතිරණ ඇත්තටම අධිරාජ්‍ය විරෝධී නම් ඔහු එම ඇමරිකානු අධිරාජ්‍යයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිය යුතුයි. යුදෙව්වන්ට කඹුරලා උන්ගෙන් කුලී ආදායම් ගන්න ගමන් යුදෙව්වන්ට බනින පතිරණ ප්‍රතිපත්තියෙන් බොරුකාරයෙක්.

බටහිර හැම දෙයකට ම අධිරාජ්‍ය විරෝධී දෘෂ්ටියෙන් හෝල්සේල් විරුද්ධ වීම අතාර්කිකයි. විරුද්ධ විය යුත්තේ කුමකටද? විරුද්ධ නොවිය යුත්තේ කුමකටද? කියා සිහි බුද්ධියෙන් සිතා තීරණය කළ යුතුයි.

අයෙකු මහින්ද රාජපක්ෂව අයතුල්ලා කොහ්මේනිට සමාන කරලා මට අභියෝග කරලා තිබුණා. ඒ ගැන ඊළඟ ලිපියෙන්. ධර්මය ඔබට මග වේවා!

ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූනි 24
eranda.ginige@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...