The Leader News
BREAKING
Top Ad
Opinion

මහින්ද රාජපක්ෂ සහ අයතුල්ලා කොහ්මේනි | එරන්ද ගිනිගේ

T

The Leader Desk

June 25, 2025 • 6:33 AM

මහින්ද රාජපක්ෂ සහ අයතුල්ලා කොහ්මේනි | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පතිරණ වැන්නවුන් පවා තමන්ට වාසි විට ඇමරිකාවට ප්‍රශස්ති කියයි.
  • ඔහු බොහෝ දුරට pluralist පොදුජන නායකයෙකි (ඔහුගේ ප්‍රතිවාදීන් මෙයට එකඟ නොවනු ඇත).
  • ඊළම් යුද්ධය අතරතුර රාජපක්ෂට ඇතැම් බටහිර රටවලින් පැමිණි තර්ජන හමුවේ ඔහු සැලුණේ නැත.
  • එය ම ඔහුට පසුව අවාසියක් වූ බවත් පිළිගත හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පතිරණ වැන්නවුන් පවා තමන්ට වාසි විට ඇමරිකාවට ප්‍රශස්ති කියයි. අනෙක් වෙලාවට දොස් කියයි. ඔවුන්ගේ පොදු අධිරාජ්‍ය විරෝධය ඒ අනුව අතේ පැලවෙන බොරුවකි.

මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ දේශපාලනයේ බොහෝ දේ මනින benchmark එකකි. අනුර කුමාරගේ සිට දිලිත් ජයවීරගේ දක්වා ලෝකය තැනෙන්නේ ඒ බෙන්ච්මාර්ක් එක මත ය. ඒ අනුව මිත්‍රයෙකු මා හට පැවසුවේ “එරන්ද හිතන විදිහට මහින්දත් (රාජපක්ෂ) බටහිර කියන දේ අහන්නේ නැතිව අලි වන්සෙන් වැඩ කිරීම නිසා කෙළ වුණා..” කියා ය. මාගේ පිළිතුර වූයේ False Equivalence Fallacy කියා ය. මෙය ඉතාම සරල තර්කන වරදකි. මහින්ද රාජපක්ෂ සහ අයතුල්ලා කොහ්මේනි හෝ එම සන්දර්භ දෙක හෝ සමාන කිරීම අතාර්කික ය.

mahinda troops

 

කොහ්මේනි යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය ගත්තෙකි. රාජපක්ෂ මෙරට බලයට පත් වන්නේ ප්‍රජාතන්ත්‍රික වරණයෙනි. කොහ්මේනි යනු ඉස්ලාම්වාදී (Islamist) ඒකාධිපතියෙකි. රාජපක්ෂ ආගමිකවාදී ඒකාධිපතියෙකු නොවේ. ඔහු බොහෝ දුරට pluralist පොදුජන නායකයෙකි (ඔහුගේ ප්‍රතිවාදීන් මෙයට එකඟ නොවනු ඇත). කොහ්මේනි සිය බලය වෙනුවෙන් හිස්බුල්ලා සහ හමාස් වැනි ත්‍රස්ත සංවිධාන නිර්මාණය කර පෝෂණය කළේ ය. රාජපක්ෂ එවැන්නක් කළේ නැත. ඔහු දෙමළ කොටි ත්‍රස්ත සංවිධානය විනාශ කළේ ය. කොහ්මේනි “ඊශ්‍රායලයට සහ ඇමරිකාවට මරණය” පතන්නෙකි. රාජපක්ෂ කිසිදු වෙනත් රටකට හෝ ජාතියකට මරණය තබා කිසිදු වෛරයක් නැත්තෙකි. ඔහු කලාපයේ සියලු නායකයන් සමග සුහදව කටයුතු කළේ ය. මේ සහ තවත් කාරණා නිසා දෙදෙනා කිසිසේත්ම සමාන නැත.

 110586307 mediaitem110586188.jpg

 

ඊළම් යුද්ධය අතරතුර රාජපක්ෂට ඇතැම් බටහිර රටවලින් පැමිණි තර්ජන හමුවේ ඔහු සැලුණේ නැත. එය ම ඔහුට පසුව අවාසියක් වූ බවත් පිළිගත හැකි ය. නමුත් රාජපක්ෂ ඊනියා බටහිර විරෝධියෙක් නොවේ. ඉරානයේ “උත්තරීතර නායකයා” මෙන් ඔහු කිසිම රටකට පුස් පාර්ට් දාන්න ගියේ නැත. තර්ජනය කරන්න ගියේ නැත. ඔහු තාර්කිකව බටහිර නියෝජිතයන්ට සිය මතය ඒත්තු ගන්වා ඔවුන් කළමනාකරණය කර ගත්තේ ය. ඔහු ඒ අවස්ථාවේ ඇමරිකාවට ලොකු ටෝක් දෙන්න ගියා නම් සමහර විට යුද්ධය වෙනස් වෙන්නටත් ඉඩ තිබිණි. මහින්ද රාජපක්ෂ යනු අති දක්ෂ දේශපාලකයෙකි. කොහ්මේනි වැනි අහංකාර ආගමික උම්මත්තකයෙකු නොවේ.

WhatsApp Image 2025 06 25 at 11.33.22 AM

යුද්ධයෙන් පසුවත් මහින්ද රාජපක්ෂ ඊනියා බටහිර කළමනාකරණය කර ගත්තේ ය. බැන්කි මූන්ව ලංකාවට ම ගෙන්වා ගත්තේ ය. පොදුරාජ්‍ය මණ්ඩල නායකයන්ගේ සමුළුව ලංකාවේ පැවැත්වූයේ ය. මානව හිමිකම් චෝදනා හැදුවේ බටහිර නොවේ. ඒවා හදා දුන්නේ සරත් ෆොන්සේකා වැනි ලංකාවේම ද්‍රෝහීන් ය. ඔවුන් කළමනාකරණය කර ගැනීමට මහින්ද රාජපක්ෂ අසමත් වූ බවත් අප පිළිගත යුතු ය. ෆොන්සේකා නිසා අපගේ ඡන්ද පදනම දෙකට කැඩෙනු ඇතැයි 2010 ජනපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ ය. නමුත් චම්පික රණවක ඇතුළු පිරිසක් එය ප්‍රතික්ෂේප කළේ ය. ගෝඨාභය එදා පැවසූ දෙය සත්‍යය විය. 2015 පරාජයට හේතු වන්නේත් එම බෙදීම ම ය. අවසානයේ මාලිමාවට බලයට එන්න හැකි වන්නේත් එදා එම බෙදීම නිසා ය. ගෝඨාභයගේ ඇතැම් තීරණ විවේචනය කරන චම්පික රණවකලාගේ ඓතිහාසික ගොබ්බ තීරණ ගැන පොත් ගණන් ලිවිය හැකි ය.

ඊශ්‍රායල් ඉරාන අර්බුදය ගැන ලංකාවේ වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශය ඉතාමත් නිවැරදි ය. දයාන් ජයතිලක කිව්වාට මේ අවස්ථාවේ ලංකා ආණ්ඩුව ලොකු ටෝක්ස් දීමට යාම ජාත්‍යන්තරයට විහිළු සැපයීමකි. පස්ස හෝද ගන්න බැරිව, ආතක් පාතක් නැතිව, යන්නේ කොහෙද කරන්නේ මොනවාද කියා නොදන්නා, ඔහේ පාවෙන අද ලංකාවට, ඊශ්‍රායලයට හෝ ඉරානයට හෝ ඇමරිකාවට හෝ කළ යුත්තේ කුමක්ද යන්න කියා දීමට හැකියාවක් නැත. දයාන් ජයතිලක වැන්නවුන් පොර වුණේ මහින්ද රාජපක්ෂගේ ඩිප්ලොමසි නිසා මිස අනෙක් පැත්තට නොවේ.

unnamed 33

 

ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව තිබෙන්නේ ඉතාමත් දුර්වල අඩියක ය. බුද්ධි අංශ නැති ගාන ය. අයන් ඩෝම් තියා හැංගෙන්න බංකර්වත් නැත. ඩ්‍රෝන් තියා අලුත් ෆයිටර් ජෙට් එකක්වත් නැත. ඊළම් යුද්ධය අද තිබුණා නම් අපට වෙන දේ හිතා ගන්නටවත් බැරි ය. ඊශ්‍රායල් සහ ඇමරිකානු යුධ තාක්ෂණය පසුගිය වසර 15 තුළ සිතා ගැනීමටවත් නොහැකි තරමින් දියුණු වී තිබේ. ඔවුන්ට අවශ්‍ය නම් එක මිසයිලයකින් ලංකාවේ හමුදා මූලස්ථානය තිබුණ තැනවත් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කළ හැකි ය. ඒ නිසා මේ අපිට පාන් කියාගන්න බැරිව ඉන්න වෙලාවේ තෝරුන්ට මෝරුන්ට උපදෙස් නොදී අපේ වැඩක් බලා ගැනීමට අනුර කුමාර ජනපති ගත් තීරණය බුද්ධිමත් ය. දයාන් ජයතිලකලාගේ අහංකාර විදේශ ප්‍රතිපත්ති ප්‍රායෝගික ලෝකයට නොගැළපේ. දිස් ඉස් පොලිටික්ස්!


සබැඳි ලිපිය :

වයින්ඩ් බෝනික්කන් | එරන්ද ගිනිගේ


eranda. ginige
(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූනි 25
eranda.ginige@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහින්ද රාජපක්ෂ සහ අයතුල්ලා කොහ්මේනි | එරන්ද ගිනිගේ | The Leader