The Leader News
BREAKING
Top Ad
Opinion

කොමියුනිස්ට්වාදය සහ බුදු දහම අතර සාම්‍යක් පවතී ද...?

T

The Leader Desk

June 26, 2025 • 7:03 AM

කොමියුනිස්ට්වාදය සහ බුදු දහම අතර සාම්‍යක් පවතී ද...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එන්ඩි‍රියන් චෑන් ආචාර්ය උපාධිධාරීයෙකි.
  • බුදු දහම ගැන ඔහුගේ සම්බන්දය ඇති වූයේ මූල් බුදු සමය සහ ටිබෙට් බුද්ධාගම ගැන ප්‍රාමාණිකයකු වූ කාල් කොපෙන් සමග ජීවිතකාලය පුරා පැවති මිත්‍රත්වය තුළිනි.
  • ෆෙඩ්රික් කොපෙන්, බුදු දහම සහ කාල් මාක්ස් මාක්ස්ගේ මූල් කාලීන කෘතියක් වන ජර්මන් දෘෂ්ටිවාදය (1846 - මෙය මුද්‍රණය වන්නේ මාක්ස්ගේ මරණයෙන් පසු 1932 දී ය.) තුළ මුලින්ම බුදුදහම ගැන මාක්ස් සඳහන් කර ඇත.
  • නැවතත් 1857 දී නිව්යෝර්ක් ට්‍රිබියුන් පුවත් පත සඳහා ලියන ලද ඉන්දියාවේ සිපොයි කැරැල්ල ගැන ලිපියේ බුදු දහම ගැන සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එන්ඩි‍රියන් චෑන් ආචාර්ය උපාධිධාරීයෙකි. ලේඛකයෙකි. පරිවර්තකයෙකි. Sangha Kommune හි ආරම්භකයා මෙන්ම Chan Buddhism Institute හි අධ්‍යක්‍ෂකවරයා ය.


images 2025 06 26T113754.885කාල් මාක්ස්

''එය ශූන්‍යතාවයෙන් තමාව නිර්මාණයකරන ආත්මය සහ ශූන්‍යතාවයෙන් තමාව ආත්මයක් බවට පත් කිරීම සම්බන්ධ ප්‍රශ්නයකි.''

කාල් මාක්ස්:  ජර්මන් දෘෂ්ටිවාදය: පිටු 161: Karl Marx: The German Ideology Page 161

කාල් මාක්ස් සම්ප්‍රදායික අර්තයෙන් කිසිවිටක බෞද්ධයකු නොවූ අතර ඔහුගේ යුරෝපානු සංචාරවල දී බෞද්ධයින් හෝ බුදු දහමක් කිසි විටක හමු නොවී ය. බුදු දහම ගැන ඔහුගේ සම්බන්දය ඇති වූයේ මූල් බුදු සමය සහ ටිබෙට් බුද්ධාගම ගැන ප්‍රාමාණිකයකු වූ කාල් කොපෙන් සමග ජීවිතකාලය පුරා පැවති මිත්‍රත්වය තුළිනි.


කොපෙන් හා මාක්ස් හමුවූයේ විශ්වවිද්‍යාලයේ දී බැවින් බුදුදහම සහ ආසියානු දර්ශනවාද පිළිබඳව බටහිර අර්ථකතනයන් මාක්ස්ට හමුවූයේ එහි දී යැයි උපකල්පණය කළ හැකි ය.

ෆෙඩ්රික් කොපෙන්, බුදු දහම සහ කාල් මාක්ස්


9IN-1858-3-19-A1-------------------- D: --------------------Sepoy-Aufstand/Eroberung v.Lucknow/Gem.Ostindien / Sepoy-Aufstand, 10. Mai 1857bis zu seiner Niederschlagung am 18.Juni1858. Aufstandsbewegung der im Dienstder britischen Ostindischen Kompaniestehenden Eingeborenen.- Die Eroberung von Lucknow, durchbritische Truppen am 19. Maerz 1858.-Gemaelde, unbez.   (1st Queens DragoonGuards Regimental Museum, Shrewsbury)-------------------- E: --------------------Sepoy Rebellion / Taking of LucknowEast India / Sepoy Rebellion, 10th May1858 until its defeat on 18th June 1858.Rebellion of the natives working for theBritish East India Company.- The Taking of Lucknow by Britishtroups on 19th March 1858. -Painting, unsigned.(1st Queens Dragoon Guards RegimentalMuseum, Shrewsbury)
මාක්ස්ගේ මූල් කාලීන කෘතියක් වන ජර්මන් දෘෂ්ටිවාදය (1846 - මෙය මුද්‍රණය වන්නේ මාක්ස්ගේ මරණයෙන් පසු 1932 දී ය.)  තුළ මුලින්ම බුදුදහම ගැන මාක්ස් සඳහන් කර ඇත. නැවතත් 1857 දී නිව්යෝර්ක් ට්‍රිබියුන් පුවත් පත සඳහා ලියන ලද ඉන්දියාවේ සිපොයි කැරැල්ල ගැන ලිපියේ බුදු දහම ගැන සඳහන් කරයි.

1861 ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා අහෝසි කරන ලද ප්‍රශියානු පුරවැසිභාවය ලබාගැනීමට බර්ලිනයට ගිය අවස්ථාවේ ඔහුගේ මිත්‍ර ෆෙඩ්රික් කොපෙන් හමු විය. එහි දී කොපෙන් බුද දහම ගැන ඔහුගේ වෙළුම් දෙකකින් යුතු කෘතිය මාක්ස්ට පිළිගැන්වී ය. මින්පසු 1866 දී මාක්ස් ඇන්ටොනෙට් පිලිප්ස්ට Antoinette Philips  ලියු ලිපියක තමන් බුදුදහමේ උගන්වන ආකාරයට මනස සකස් කර ගත් බව ලියා යැවී ය.

41XxlKIaJL. UF10001000 QL80
ෆෙඩිරික් එංගල්ස් ද ඔහුගේ ස්වභාවධර්මයේ දයලෙක්තිකය නම් කෘතියේ බෞද්ධ ඉගැන්වීම්වල දයලෙක්තික භාවිතා සංසන්දනාත්මකව ඉහළ සංවර්ධන  අවධියක පවතින බව විස්තර කර ඇත. (පුරාණ ග්‍රීකයන්ගේ දයලෙක්තික භාවිතය සමග සංසන්දනය කරඇත. ස්වභාවධර්මයේ දයලෙක්තිකය පොත එංගල්ස්ගේ මරණයෙන් පසු 1934 ප්‍රකාශයට පත් කළ ද එය ලියා ඇත්තේ 1872 -1882 කාලයේ දී ය. ඒ කාලයේ මාක්ස් ජීවතුන් අතර සිටි අතර මාක්ස් එංගල්ස් අදහස් සම්බන්ධයෙන් ඔවුන් අතර බොහෝ විට එකඟතාවයක් පැවති බැවින් මේ අදහස් මාක්ස් ද අනුමත කළ බව සිතිය හැකි ය.

ඉහත උපුටා ගැනීම්වල මාක්ස්ගේ ජීවිත කාලය තුළ බුදු දහම පිළිබඳව කළ සඳහන් කිරීම් කීපයක් ඇත. නමුත් වර්තමානයේ පවා මේ පිළිබඳ පරයේක්‍ෂණ සිදුවන නිසා  මේ සම්බන්ධයෙන් අවසාන අදහසක් පළ කළ නොහැකිය. නමුත් මේවා තුළින් මාක්ස්: බුදු දහම පිළිබඳව දැන සිටයේ ය, බුදු දහම දේවවාදී ආගමක් නොවන බව තේරුම් ගත්තේ ය, බුදු දහම පිළිබඳව උසස් තත්ත්වයේ බටහිර ශාස්ත්‍රාලීය මූලාශ්‍ර පිළිබඳව සඳහන් කළේ ය, මනස පුහුණු කිරීමේ බෞද්ධ අධ්‍යාත්මික ඉගැන්වීම් අගය කළේ ය, මුල් බුදු සමය විඥානවාදයක් නොවන බව තේරුම් ගත්තේ ය, දේවවාදී යුදෙව් ක්‍රිස්තියානි ආගම් සම්බන්ධ විවේචනයේ දී එම විවේචනයට බුදු දහම ඇතුළත් නොකළේ ය.

නාම රූප විග්‍රය සහ මාක්ස් එංගල්ස්ගේ දයලෙක්තික විග්‍රහය

මෙයින් අදහස් කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදායේ ගිලී සිටින බටහිර නිර්ධන පන්තිය එයින් ගලවා ගැනීමට මාර්ගයක් ලෙස මාක්ස් බුදුදහම යෝජනා කළා යන්න නොවේ. නමුත් පෙරදිග නිර්ධන පන්තියට මුල් බෞද්ධ ඉගැන්වීම්වල එන නාම රූප (මනස/ශරීරය) විග්‍රහය මාක්ස් එංගල්ස්ගේ දයලෙක්තික විග්‍රහය සමග සමාන්තර ලෙස හඳුනා ගත හැකි ය.

Sri Lankan Buddhist devotees offer prayers at a Buddhist Temple in celebration of the traditional Sinhala and Tamil New Year in Colombo on April 14, 2010. Sinhala Tamil New Year celebrations will be held April 14, the first since the end of the armed conflict with the Tamil Tiger rebels. AFP PHOTO/ Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)
ඒ අනුව බටහිර නොවන නිර්ධන පන්තියට බෞද්ධ ඉගැන්වීම්වල සිට මාක්ස් එංගල්ස්ගේ ඉගැන්වීම් දක්වා සංක්‍රමණයවීමට සිත්ගන්නාසුලු අවස්ථාවක් ලබා දෙයි. යථාර්ථය, ආකෘතිය සහ ශූන්‍ය අතර අන්තර් සම්බන්ධයක් ලෙස වටහා ගැනීමේ බුදුන්ගේ දයලෙක්තික ක්‍රමය බෞද්ධයින්ට මාක්ස්වාදී වීමට පදනමක් සපයයි. බෞද්ධයාගේ පුද්ගලික ඥාණාලෝකයේ සිට මාක්ස්වාදී කම්කරු පන්තියේ සාමූහික විමුක්තිය දක්වා සංක්‍රමනයවීමට යුදෙව් ක්‍රිස්තියානි දේවවාදීන්ට වඩා බෞද්ධයින්ට න්‍යායාත්මක පහසුවක් ඇත.
බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව මාක්ස්ගේ අවබෝධය

ඇන්ටොනෙට් පිලිප්ස් (Antoinette Philips) වෙත මාක්ස් ලියූ ලිපියේ බෞද්ධ භාවනාක්‍රම ගැන මෙසේ පවසයි.
 
33992908 1801098029926268 16701757719576576 n
''මට කිසිවක් පිළිබඳ අවධානයක් නෑ කියන එක ඇත්ත; නමුත් මේ මූහුදුකරයේ සහ කඳුකරයේ වාතය පුදුමාකාර ලෙස පිරිසිදුයි. ඒ වගේම ප්‍රබෝධමත් කරනවා. මම දවස පුරා පැනදුවමින් බුදුදහමේ මිනිස් සතුටේ උච්චතම අවස්ථාව ලෙස සලකන ශූන්‍යතාව මට්ටමේ මගේ මනස තබා ගනිමින් ඇවිදින දණ්ඩක් සේ සිටිමි.''
සැබවින් ම ඔබ මේ කුඩා කියමන අමතකකර නැත. යක්ෂයා අසනීප වූ විට යක්‍ෂයා භික්‍ෂුවක් වනු ඇත. යක්ෂයා සුව වූ විටත් ඔහු භික්‍ෂුවක්ම විය. මෙයින් පෙනෙන්නේ බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව මාක්ස්ට අවබෝධයක් පැවති බවයි. තවදුරටත් බුදුදහම තුළ හිටගෙන ඇවිදිමින්, වාඩිවී, වැතිර ගෙන භාවනා කළ හැකි බව පිළිබඳව ද අවබෝධයක් මාක්ස්ට තිබිණි. මාක්ස් මුහුදු වෙරළෙහි දවස ගත කරන බව කියයි. ඔහුගේ මනසේ සිතවිලි ඇති නොවන ලෙස ස්වයං විනයක් පවත්වා ගෙන යයි. නාගරිකව ගත කළ අවිවේකී බුද්ධිමය ජීවිතයෙන් විවේකයක්, ව්‍යායාමයක් ලබාගැනීම ඔහුට සහනයක්වූ බව මෙහි දී සඳහන් කරයි.  

මනස නිශ්චල වන පුහුණුවක්

මාක්ස් කිසිදා බෞද්ධයෙකු හමුවී නැති බවත් කිසිම බෞද්ධ ගුරුවරයෙකුගෙන් උපදෙස් ලබා නොගත් තත්ත්වයක බෞද්ධ ඉගැන්වීම පිළිබඳව මාක්ස් අවබෝධයක් ලැබුවේ කෙසේ ද?
 
flat800x800070f.u2
1861 දී පමණ ෆෙඩිරික් කොපෙන්ගේ බෞද්ධ කෘතිය හරහා මේ අවබෝධය මාක්ස් ලබා ගත් අතර ඉන් වසර පහකට පසුව ඇන්ටොනෙට් පිලිප්ස්ට ලියන ලිපියේ තමා බෞද්ධ ඉගැන්වීම්වලට අනුව මනස කිසිවක් නොමැති තත්වයක (ශූන්‍ය) තබා ගෙන සිටින බව පැවසී ය. මුල් බෞද්ධ සම්ප්‍රදා තුළ හුස්ම ගැනීම හුස්ම හෙලීම පිළිබඳ අවධානය යොමු කිරීම සහ ශරීරය තුළ සිතුවිලි හැඟීම් ඇතිවීම කෙරේ උදාසීන ආකල්පයක් ඇතිකර ගැනීම ඇතුළත්ව විය. මෙම උදාසීන භාවය යනු කෙනෙකුගේ සිතුවිලි පිළිබඳව බැඳීමක් ඇතිකර නොගැනීම සහ හඳුනා නොගැනීම වර්ධනය කිරීමේ බෞද්ධ ශිල්ප ක්‍රමයයි.
මෙම ක්‍රමය හොඳින් පුහුණු කළ හොත් මනස නිශ්චල වන අතර මනසේ සියලු චලන නතරවේ. මෙම තත්ත්වය තුළ මනස අක්‍රීය නොවන අතර බාහිර සහ අභ්‍යනත්ර තත්ත්ව පිළිබඳ දැනුවත් භාවයකින් යුතුව පවතී. මේ තත්ත්වයට පත්වන අය ප්‍රීතිමත් අත්දැකීමක් විඳින අතර එය තාවකාලීක වේ. මෙය බුදුන්වහන්සේගේ අවසාන අරමුණ නොවේ.

කොමියුනිස්ට්වාදියෙකු ලෙස හැඳින්විය හැක්කේ කවුද?

බුදුන් වහන්සේ කිසිදු විඥානවාදයක් විශ්වාස නොකළ අතර අග්ගඤ්ඤ සූත්‍රය බඳු පරිණාමවාදී දැක්මක් ප්‍රකට කරන සූත්‍රයක් ඊට හොඳම නිදසුනකි. අවසාන වශයෙන් බෞද්ධ ඉගැන්වීම්වල එන කිසිවක් නැතිකම අකිංචන සහ හිස් බව සූඤ්ඤත අතර සියුම් වෙනසක් ඇත. අකිංචන යන්නෙන් දේවල් නොමැතිකම අදහස් කරන අතර සූඤ්ඤත යන්න භාවිතා කරන්නේ ලෝකයේ අස්ථීර භාවයක් සදාකාලික ආත්මයක් හෝ යම් සාරයක් නොමැති සැබෑ ස්වරුපය පෙන්වා දීම සඳහා ය.
 
check sri lankans celebrate buddhist festival at protest site 62822f553325c 600
බෞද්ධයා මෙම දේවවාදී නොවන අවබෝධය ලබාගන්නේ භාවනාව බඳු ක්‍රියාවලියක් හරහා කෑදරකම වෛරය මෝහය තම සිතින් ඉවත් කිරීමෙනි. එවන් මනුෂ්‍යයෙක් කොමියුනිස්ට්වාදියෙකු ලෙස හැඳින්විය හැකි ය.

(උපුටාගැනීම: AI යුගයේ මාක්ස්විදී රචනා facebook පිටුවෙනි)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...