The Leader News
BREAKING
Top Ad
Opinion

මහින්ද ජයසිංහ බාප්පා සහ ටීචර් අම්මා | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 26, 2025 • 7:34 AM

මහින්ද ජයසිංහ බාප්පා සහ ටීචර් අම්මා | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන වෙළඳපොළ පිළිගන්නෙ නැහැ.
  • මේ කාන්තාව කරන්නෙ ජනප්‍රිය පාසල් තරගය හා දෙමව්පියන් අතර කැපී පෙනීමේ උවමනාව සම්බන්ධ වෙළඳපොළ තුළ ඇති අවස්ථාව උපයෝගී කරගෙන සේවාවක් සාර්ථක ලෙස අලෙවි කිරීමයි.
  • සුදු වෙන ක්‍රීම්වලින් විශාල ශාරීරික හානියක් කරන බව ඔබ පිළිගන්නවා නම්, මෙවැනි ටියුෂන්වලින් විශාල මානසික හානියක් කරනවාය කියන එකත් පිළිගන්නට ඔබට හැකි විය යුතුයි.
  • ඒවා ව්‍යවසායන් ලෙසත් හැඳින්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන වෙළඳපොළ පිළිගන්නෙ නැහැ. ඇය කරන විදියේ අධ්‍යාපන අලෙවිකරණයක් නම් අධ්‍යාපනය විද්‍යාවක් විදියට පිළිගන්නා කිසිදු කෙනෙකුට පිළිගන්නට බැහැ. මෙය ව්‍යවසායකත්වය යයි කියන්නත් බැහැ. මේක ව්‍යවසායකත්වය නම් සුදු වෙන ක්‍රීම් විකුණන පියුමිගෙ බිස්නස් එකත් ව්‍යවසායකත්වය.
 
මේ කාන්තාව කරන්නෙ ජනප්‍රිය පාසල් තරගය හා දෙමව්පියන් අතර කැපී පෙනීමේ උවමනාව සම්බන්ධ වෙළඳපොළ තුළ ඇති අවස්ථාව උපයෝගී කරගෙන සේවාවක් සාර්ථක ලෙස අලෙවි කිරීමයි. එහිදී කරන්නේ දරුවා තුළත්, මව්පියන් තුළත්, අසමත් වීම නම් ව්‍යාජ අදහසකට බිය නිර්මාණය කරලා, අනාගතය ගැන භීතියකට පත් කර එම භීතියෙන් මිදීම සඳහා තමන්ගේ සේවාව අලෙවි කිරීමයි.
 
සුදු වෙන ක්‍රීම්වලදි කරන්නෙත් ඒකමයි. කළු වීම නම් ව්‍යාජ අදහසකට බිය නිර්මාණය කරලා සුදු වෙන ක්‍රීම් එකක් විකිණීමත් මේ වගේම තමයි.

සුදු වෙන ක්‍රීම්වලින් විශාල ශාරීරික හානියක් කරන බව ඔබ පිළිගන්නවා නම්, මෙවැනි ටියුෂන්වලින් විශාල මානසික හානියක් කරනවාය කියන එකත් පිළිගන්නට ඔබට හැකි විය යුතුයි.

මෙවැනි අලෙවිකරණයන් ව්‍යවසායකත්වයද නැද්ද යන්න වෙනම සංවාද කළ යුතු විෂයක්. මෙවැනි නිෂ්පාදන හා සේවා තවත් ඕනෑ තරම් තිබෙනවා. ඒවා ව්‍යවසායන් ලෙසත් හැඳින්වෙනවා.
 
පුවත් - Results from #2085
ටියුෂන්වල වැඩිපුර තිබෙන්නේ අධ්‍යාපන මනෝ විද්‍යාවට වඩා, බිය විකිණීමේ මනෝ විද්‍යාවයි. එය විධිමත් අධ්‍යාපනයකට වඩා සමාන වන්නේ ජේසු ජීවමානයි පන්නයේ ආගමික දේශනාවන්ටය. එහිදී මූලික වශයෙන් කරනු ලබන්නේ දේශකයා කෙරෙහි අධි විශ්වාසයක් ගොඩනැගීම හරහා සිසුවා හා මව්පියන් ආකර්ශනය කරගැනීමයි. එය සල්ලි උල්පතකි. මේවාට සහභාගී වන සිසුන් අතරින් ද සමත් වීමේ අනුපාතිකය සාමාන්‍යය. එහෙත්, සමත් වීම වැඩි අවධාරණයකින් පෙන්වීමේ මාකටිං මෙහෙයුමක් ඒ සමග සම්බන්ධ වේ. කන් නෑසෙන්නන්ට ඇසීම, ඇවිදින්නට බැරි අය ඇවිදීම වැනි ජවනිකා මෙහි ද තිබේ.
අධ්‍යාපනය තුළ මෙවැනි තත්වයක් ඇති වීමට මහින්ද ජයසිංහ නායකත්වය දෙන ගුරු සංගමය ද, ජවිපෙ ශිෂ්‍ය සංගම් හා සමස්ත පක්ෂයම ද වගකිව යුතුය. මෙම බලවේගය ඉතිහාසයේ කිසිදු කලක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහාය දක්වා නැති අතර සියල්ල කඩාකප්පල් කරන්නට හැකි හැම දෙයම පාහේ කර ඇත.
 

එහෙත්, දැන් ඔවුන් ආණ්ඩුව බවට පත් වී සිටින නිසා හෝ ඔවුන්ට රාජ්‍ය ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට සිදු වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ කුමක්ද?
 
සෑම පාසල් සිසුවකුගේම 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය පිළිබඳ රජය වගකිව යුතුය. කිසිවකු අත නොහැරෙන බව රජය සහතික කළ යුතුය. පෞද්ගලික අධ්‍යාපනය ලබන්නට තිබෙන නිදහස ද අහිමි නොකළ යුතුය.
ගැටලුව ඇත්තේ මෙතැනයි. පෞද්ගලික අධ්‍යාපනයේ නමින් ක්‍රියාත්මක වන මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් රජය අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්ද? ඒවා තහනම් කළ හැකිද? නියාමනය කළ නොහැකිද? ළමා මනසට ඒවායින් සිදුවන හානිය ගැන මව්පියන් දැනුවත් කිරීම හෝ නොකළ යුතුද?
 
school kids lk
රජයේ අධ්‍යාපනය හරියට නොකෙරෙන තාක් කල් පෞද්ගලික අධ්‍යාපනය විවිධාකාරයෙන් වෙළඳපොළවල් නිර්මාණය කරගැනීම වැළැක්විය නොහැකිය. එහෙයින් රජය අවධානය යොමු කළ යුත්තේ පෞද්ගලික අංශය දැඩි නියාමනයකට ලක් කිරීමට වඩා රාජ්‍ය අධ්‍යාපනය විධිමත් කිරීමටයි.

ගත වූ මාස අටකට වැඩි කාලය තුළ නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද කිසිවක් සිදු වී නැත.

එවැනි සංදර්භයක් තුළ, ටීචර් අම්මාට විකුණාගෙන කෑ හැකි පිංතූරයක් ලබා දෙන මේ කූට සංදර්ශනයට සහභාගී වෙමින්, අඩුම තරමේ ඇයට තමන් අතින් සහතිකයක් නොදී සිටීම හරහා හෝ අධ්‍යාපනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනුවෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ පෙනී සිටීම සම්බන්ධයෙන් මහින්ද ජයසිංහට ප්‍රශංසා කළ යුතුය.

එයා දැන් බැඳලා අන්තිම විය - (අජිත් පැරකුම් ජයසිංහ)(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)
 
teacher amma
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහින්ද ජයසිංහ බාප්පා සහ ටීචර් අම්මා | අජිත් පැරකුම් ජයසිංහ | The Leader