The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රශ්නෙ අහපු කෙනා දන්නෙත් නැති කොළය කියවපු කෙනා දන්නෙත් නැති උත්තර

T

The Leader Desk

June 30, 2025 • 10:19 AM

ප්‍රශ්නෙ අහපු කෙනා දන්නෙත් නැති කොළය කියවපු කෙනා දන්නෙත් නැති උත්තර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ඊයේ පෙරේදා මහාචාර්යවරුන් ඇතුළු කිහිප දෙනෙකු සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයාගේ ඉංග්‍රීසි කතාවක් ගැන විවිධ අදහස් පළකර තිබූ හෙයින් මගේ තුට්ටු දෙකත් ඊට එකතු කරන්නට සිතුවෙමි.
  • ඊට දින දෙකකට පමණ කලින් “ලෝක ආර්ථික සංවාද මණ්ඩපය” විසින් 16 වන වරට ජුනි 24 - 26 දිනවල චීනයේ ටියැංජින් නුවර පවත්වන ලද “ලෝක ජයග්‍රාහකයින්ගේ සමුළුවට” සහභාගිවීම සඳහා හදුන්නෙත්ති ඇමතිවරයා ගොසින් ඉන්නා බවද පුවත් වාර්තාවක දුටිමි.
  • වේදිකාව කොතැනක වූවත් ඔවුන්ට ඔවුන්ගේ මව් බසින්, සිංහල හෝ දෙමළ බසින් අදහස් දැක්වීමට අයිතියක් ඇත.
  • ඒ වෙනුවෙන් තමන්ගේම පරිවර්තකයෙක් යොදා ගැනීමටද අයිතියක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඊයේ පෙරේදා මහාචාර්යවරුන් ඇතුළු කිහිප දෙනෙකු සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයාගේ ඉංග්‍රීසි කතාවක් ගැන විවිධ අදහස් පළකර තිබූ හෙයින් මගේ තුට්ටු දෙකත් ඊට එකතු කරන්නට සිතුවෙමි.

මීට දවස් දෙකකට පමණ කලින් මම සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා “ලෝක ආර්ථික සංවාද මණ්ඩපයෙහි” ඉංග්‍රීසියෙන් කතා කරනවා ඇසුවෙමි. ඊට දින දෙකකට පමණ කලින් “ලෝක ආර්ථික සංවාද මණ්ඩපය” විසින් 16 වන වරට ජුනි 24 - 26 දිනවල චීනයේ ටියැංජින් නුවර පවත්වන ලද “ලෝක ජයග්‍රාහකයින්ගේ සමුළුවට” සහභාගිවීම සඳහා හදුන්නෙත්ති ඇමතිවරයා ගොසින් ඉන්නා බවද පුවත් වාර්තාවක දුටිමි. මෙවර එහි තේමාව වී තිබුණේ “නව යුගයක් සඳහා ව්‍යවසායකත්වය” යන්න ය.

 



සංවාද මණ්ඩපයෙහි ඔහුගේ කතාවෙන් පසු මට ලැබුණු එක් නිර්ණාමික වට්ස්ඇප් පණිවිඩයකින් කියා තිබුණේ “කදිරගාමර් ගෙන් පසු, මා දුටු හොඳම රාජ්‍ය තාන්ත්‍රිකයා හඳුන්නෙත්ති - උපුටා ගැනීමකි” යනුවෙනි. ඉන් කුමක් අදහස් කෙරුණත් එදින එම සාකච්ඡාවෙහි හඳුන්නෙත්ති ඇමතිවරයා උත්තර දුන්නේ සාකච්ඡාව මෙහෙයවූ තැනැත්තිය විසින් ඇසූ ප්‍රශ්න වලට නොවේ. ඔහු කල් තියා, කාගේ හෝ උදව්වෙන් සංවාද මණ්ඩපයෙහි තේමාවට ගැලපෙන්නේ යැයි සිතා ලියා ගෙන ගොස් තිබූ කඩදාසි බලමින් අපේ කතාවක් කියවීමෙනි.

 

handunසමාජ මාධ්‍ය පෝස්ටුවක්

ලාංකික දේශපාලනයේ නායකයින් අනිවාර්යෙන් ඉංග්‍රීසි දත යුතු යැයි මම නොපිළිගනිමි. වේදිකාව කොතැනක වූවත් ඔවුන්ට ඔවුන්ගේ මව් බසින්, සිංහල හෝ දෙමළ බසින් අදහස් දැක්වීමට අයිතියක් ඇත. ඒ වෙනුවෙන් තමන්ගේම පරිවර්තකයෙක් යොදා ගැනීමටද අයිතියක් ඇත.

චීන ජනාධිපති සී ජිංපිං ඉංග්‍රීසි දන්නේදැයි හෝ නොදන්නේදැයි මම නොදනිමි. නමුත් ඔහු වොෂිංටන් ගියත් ලන්ඩන් ගියත් කතා කරන්නේ ඔහුගේ චීන බසින් ය. ඒ රටවල මාධ්‍ය අමතන්නේද චීන බසින්ම ය. එවැනි රාජ්‍ය නායකයින් ගණනාවක් සිටියහ. දැනටත් සිටිති. කියුබාවේ කස්ත්‍රෝ කතා කෙරුවේ ඔහුගේ බස වූ ස්පාඤ්ඤ බසිනි. අගමැති මෝඩි කතා කරන්නේ හින්දි බසින් ය.

 

74 වන ජාතික දිනය සමරන චීන මහජන සමූහාණ්ඩුව - නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

එබැවින් රට හිනස්සන්නේ නැතිව, තමන්ගේ ආත්ම ගරුත්වයත් රටේ නම්බුවත් රැක ගනිමින් පැමිණීමට හඳුන්නෙත්තිට තේරීම් තුනක් තිබිණ. පළමු තේරීම එම සංවාද මණ්ඩපයට ආරාධනා ලැබුණු වහා, තමා කතා කරන්නේ සිංහල බසින් බවත් ඒ වෙනුවෙන් පරිවර්තකයෙකු යොදා ගත යුතු බවත් දැනුම් දීම ය. එසේ වූවා නම්, වැඩසටහන් නිෂ්පාදක එය ප්‍රායෝගිකව එම වැඩ සටහනෙහි කළ හැකිද නොහැකිද යන්න කියනු ඇත. නොහැකි වුවහොත් දෙවන තේරීම විය හැකිව තිබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආණ්ඩුවේ අදහස් ඉදිරිපත් කිරීමට, ඊට ගැලපෙන පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම ය. එසේ නොමැති නම්, ඔහුට තිබූ වඩාත් ප්‍රායෝගික හා සාර්ථක විකල්පය වූයේ, ටියැංජින් සංචාරය අවසානයේ “ලෝක ජයග්‍රාහකයින්ගේ සමුළුවට” සහභාගිවීමෙන් ලද අත්දැකීම් ගැන බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීම ය.

handunq8934y8534

 

ඔහුගේ අනුවණ, අසාර්ථක, “ජෝකර්” වැඩෙන් ඔහු මෙරට දේශපාලන නායකයින් සැවොම “ජෝකර්ලා” කරමින් රටම ජාත්‍යන්තර හෑල්ලුවකට ලක් කළේය.

වැඩසටහන නැරඹූවන් ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන ඇමති ලෙස හඳුන්වා දෙනු ලැබූ හඳුන්නෙත්තිව අගයනු ඇත්තේ ලාංකීය නායකයින්ගේ මට්ටම එය යැයි ගණන් හැදීමෙනි. ඔහු එදින ප්‍රදර්ශනය කෙරුවේ ඔහුගේ හිස් උද්දච්ච කමය.

විපක්ෂ වේදිකාවල සිංහල ඡන්දදායකයින්ට ලෝක ආර්ථිකය ගැන නොදන්නා දේ කියා, අනපේක්ෂිත ලෙස ආණ්ඩු බලය ලැබුණු පසු ආණ්ඩුවේ ප්‍රධාන ඇමති ධූරයක අසුන් ගැනීමට සිදුව, එය හසුරුවා ගන්නේ කෙසේදැයි නොදන්නා ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ හැසිරීමට වැඩි දෙයක් එදින හඳුන්නෙත්ති ප්‍රදර්ශනය නොකළේය. බොහෝ අය එවැනි හැසිරීම් ගැන කියන්නේ හීනමානය ප්‍රදර්ශනය කිරීමක් යැයි කියාය.

 

chung 92384rt934

ඒ කෙසේමුත් ඔහුට ඔහුගේ පක්ෂ නායක ජනාධිපති අනුර කුමාරගෙන් ඉගෙන ගත හැකි පාඩමක් තිබිණ. විදේශ සංචාරවල පවා අනුර කුමාර ඉංග්‍රීසියෙන් කතා කරනවා මා අසා නැත. ඔහු දේශපාලන වශයෙන් විශ්වාසවන්ත පරිවර්තකයෙකු ලෙස ළඟ තබා ගන්නේ විජිත හේරත්ව ය. පැලවත්ත ජ.වි.පෙ කාර්යාලයේ දී පවා ඔහු ඇමෙරිකානු තානාපතිනි ජුලි චං සමග සිංහලෙන් සාකච්ඡා කෙරුවේ, විජිත හේරත්ව ළඟ තබා ගෙන ය. එනිසා පක්ෂ නායක ලෙස හෝ රාජ්‍ය නායක ලෙස හෝ අනුර කුමාර ඔහුගේ ලොකුකම් පෙන්වීමට ඉංග්‍රීසියෙන් කතා කිරීමට යන්නේ නැත.

එබැවින් දැන් කියන්නට සිදුවන්නේ, හඳුන්නෙත්ති වැන්නවුන්ගේ හීනමානය හෝ මෝඩ දේශපාලන තීන්දු නිසා රටම හෑල්ලු වන්නට ඉඩ නොතබා, ඔවුන්ට එවැනි ජාත්‍යන්තර මැදිහත්වීම් වලදී එය සිංහල බසින් කරන්නට, පරිවර්තකයෙකු සමගින් යා යුතු යැයි මාලිමාව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු යැයි කියා ය.

ලිලිපුට්ටන්ට සංස්කෘතික ගලිවරයෙකු එසවිය නොහැක | කුසල් පෙරේරා(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ජුනි 30    

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...