සැප්තැම්බරයේදී අනුර කුමාර ජනාධිපති ලෙස දිවුරුම් දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ සාකච්ඡා 2024 දෙසැම්බරයේ අවසන් කරන විට, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 57,133.49 ක් විය.
පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයටද නායකත්වය දීමට සිදුව තිබීමෙන් දේශීය ආර්ථිකයෙහි අලුතින් වැදගත් කිසිවක් කිරීමට ඉඩක් නොතිබුණු ජනාධිපති අනුර කුමාරගේ පළමු මාස 03 ක පාලනය යටතේ ණය වැඩිවීම ඇ.ඩො. මිලියන 1,040.54 කි.

ජනාධිපති අනුර කුමාර යටතේ ශ්‍රී ලංකාණ්ඩුව 2024 දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්ගත වූයේ ඇ.ඩො. බිලියන 12.55 ක් සඳහා ය.
ඒ ගිවිසුම අනුව, ශ්‍රී ලංකාණ්ඩුව විදේශ ණය සඳහා පොලී ගෙවීම් ආරම්භ කළ යුත්තේ 2028 සිට ය. ජනාධිපති අනුර කුමාරගේ මේ මාලිමා ආණ්ඩුව යටතේ ය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්තට අනුව මේ වසරේ, 2025 වසර අවසානයේ, ශ්‍රී ලංකාණ්ඩුව සාමාන්‍යයෙන් වාර්ෂිකව පියවිය යුතු සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 2,454 ක් වන විට, ඉන් ඇ.ඩො. මිලියන 1,085 ක් ඒ ණය සඳහාවන පොලී මුදල ය. ඊට අමතරව ආණ්ඩුව විසින් පියවිය යුතු වාර්ෂික වෙළඳ ශේෂ හිඟයක්ද ඇත.
පසුගිය 2024 අවුරුද්දේ සමස්ථ වෙළද ශේෂය (හිඟය) ඇ.ඩො. මිලියන 6,100 ක් විය. දැනට මේ අවුරුද්දේ මහ බැංකු වාර්තා අනුව, 2025 මැයි මාසයේ වෙළද ශේෂය ඇ.ඩො. මිලියන 473 කි. එය පසුගිය 2024 අවුරුද්දේ මැයි මාසයට වඩා සියයට 16.9 ක වැඩි වීමකි.

මැද පෙරදිග අවසන් නොවන යුධ ගැටුම් උත්සන්න වීමත් සමග පසුගිය මාස 05 ක කාලයේ සංක්‍රමණික ශ්‍රමිකයින්ගෙන් ලැබුණු ඩොලර් ප්‍රමාණය ඉදිරි මාසවල ලැබේ යැයි සිතිය නොහැක. එබැවින් කිසියම් හාස්කමක් නොවුනෝතින්, මේ 2025 වසර අවසානයේ වෙළද ශේෂ හිඟය 2024 වසරට වඩා වැඩි වනු ඇත. එය සියයට 10 කින් වැඩි වුවහොත් 2025 වෙළද ශේෂය ඇ.ඩො. මිලියන 6,710 ක් වනු ඇත.
ඇමති අනිල් ජයන්ත මේ වෙළද ශේෂයට නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත කියූ ණය හා පොලී ප්‍රමාණය වන ඇ.ඩො. මිලියන 2,454 ද එකතු වූ විට, එය ඇ.ඩො. මිලියන 9,164 කි. දැනට අපගේ විදේශ විනිමය ඉපැයීමට අමතරව, මෙපමණ ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව උපයා ගැනීමේ ආර්ථික සැළසුමක් ජා.මූ. අරමුදලේ වැඩසටහන් සතුව නැත. ඔවුන්ගෙන් ලැබුණේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යැයි ලංකාණ්ඩුවට නැවත ණය ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමක් පමණි.
මේ කතා කරන්නේ හිඟය ගැන පමණි. නමුත් වාර්ෂිකව ආනයනය කරන සියල්ල වෙනුවෙන් අපගේ වියදම දළ වශයෙන් ඇ.ඩො. මිලියන 21,000 - 22,000 ක් පමණ ය. ඒ සඳහා දිය හැකි සියලු වරදාන, වරප්‍රසාද, වාසි, පහසුකම් ලබා දී ගෙන්වා ගන්නා විදේශ ආයෝජකයින්ගේ අපනයන නිෂ්පාදන සහ සංචාරකයින් මෙහි වියදම් කරන්නේ යැයි කියන මුදල් සමග අපගේ වාර්ෂික ආදායම ඇ.ඩො. මිලියන 14,000 ට වඩා වැඩි නොවන්නේය. එනිසා ණය පොලී එකතු වූ විට අප ඇ.ඩො. මිලියන 10,000 ක් පමණ වාර්ෂිකව අලුතින් උපයා ගත යුතුය.

එය මැති ඇමතිවරුන්ගේ වාහන භාවිතය අඩු කිරීමෙන්, නිල නිවාසවල පදිංචිය අත හැරීමෙන්, රජයේ වියදම් කප්පාදු කිරීමෙන්, ඇමතිවරුන් උදළු රැගෙන කුඹුරට බැසීමෙන්, කලින් ආණ්ඩුවල දූෂිතයින්ට නඩු පැවරීමෙන් පියවිය හැකි හිඟ මුදලක් නොවේ.
එබැවින් ඒ ණය සමග සමස්ථ හිඟ මුදල වාර්ෂිකව ගෙවීමට අවශ්‍ය අදට වඩා වැඩි ඇ.ඩො. මිලියන 10,000 ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් සමග ඇ.ඩො. මිලියන 22,000 ක් වාර්ෂිකව උපයා ගැනීමේ ආණ්ඩුවේ සැළැස්ම කුමක්ද? ජනප්‍රිය ප්‍රචාරක වැඩ අතරතුර, මලිමා ආණ්ඩුවේ ප්‍රධානියෙකු එයට උත්තර දෙන්නේ නම් මැනවි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ජුලි 04 වන දින
එබැවින් ඒ ණය සමග සමස්ථ හිඟ මුදල වාර්ෂිකව ගෙවීමට අවශ්‍ය අදට වඩා වැඩි ඇ.ඩො. මිලියන 10,000 ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් සමග ඇ.ඩො. මිලියන 22,000 ක් වාර්ෂිකව උපයා ගැනීමේ ආණ්ඩුවේ සැළැස්ම කුමක්ද? ජනප්‍රිය ප්‍රචාරක වැඩ අතරතුර, මලිමා ආණ්ඩුවේ ප්‍රධානියෙකු එයට උත්තර දෙන්නේ නම් මැනවි.
(සටහන | කුසල් පෙරේරා)ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ජුලි 04 වන දින