The Leader News
BREAKING
Top Ad
Opinion

අසංවිධිත හා නූතනවාදී ප්‍රවේශයක වම් ඉවුරේ ආත්මය ප්‍රකට කරන කැඩපතක් | ධර්මසේන පතිරාජ

T

The Leader Desk

July 5, 2025 • 10:37 AM

අසංවිධිත හා නූතනවාදී ප්‍රවේශයක වම් ඉවුරේ ආත්මය ප්‍රකට කරන කැඩපතක් | ධර්මසේන පතිරාජ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලකගේ චිත්‍රපටය ද අසංවිධිත නූතන බවකින් යුක්තය.
  • ජීවිතයේ ඕරාව(Aura) හෙවත් ප්‍රභාව ආවරණය කරමින් සයිබර් මාධ්‍ය තුළ නව සමාජ ජීවිත සම්බන්ධ පඨිත (Texts) ආඛ්‍යාන (Narratives) ව්‍යූහ (Structures) පරිවර්තනයකට හසුව ඇති බව සෞන්දර්යාත්මකව නිර්මාණය කර ඇත.
  • මාලකගේ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය ගලා යනුයේ කාලය පදනම් වූ ආඛ්‍යානයක් ලෙස නොවේ.
  • කාලය සටහන් කරනුයේ නිරූපිත අවස්ථා මතුවන දෘශ්‍ය හා ශ්‍රව්‍ය සංවිධාන කතාවේ (Plot) අත්දැකීමක් ලෙසටය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලකගේ චිත්‍රපටය ද අසංවිධිත  නූතන බවකින් යුක්තය. ජීවිතයේ  ඕරාව(Aura) හෙවත් ප්‍රභාව ආවරණය කරමින් සයිබර් මාධ්‍ය තුළ නව සමාජ ජීවිත සම්බන්ධ පඨිත (Texts) ආඛ්‍යාන (Narratives) ව්‍යූහ  (Structures) පරිවර්තනයකට හසුව ඇති බව සෞන්දර්යාත්මකව නිර්මාණය කර ඇත.

ගමෙන් නගරයට සංක්‍රමණය වී තමන් අපේක්ෂා කරන අරමුණු කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමේ නිමග්නව සිටින ප්‍රධාන චරිතයක් හා තවත් චරිත කීපයක මානුෂික සබඳතා මෙහි දැක්වේ.

 
images 2025 06 05T105256.429
නව ජීවන සංස්කෘතියේත් නව මාධ්‍ය සංස්කෘතියේත් වර්තමාන ස්වරූප පිළිබිඹු කරන ප්‍රධානතම සාධකයක් වනුයේ වෙබ් කවුළු පිරිවරාගත් අන්තර්ජාලයයි. මෙම ප්‍රවණතා විසින් ඉස්මත්තට ගෙනෙන ලද ජීවිත හැඩතල හා පර්යාලෝක හඳුනාගැනීමටත්, විශ්ලේෂණය කර ගැනීමටත් මෙම චිත්‍රපටය හරහා පුළුවන.
මාලකගේ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය ගලා යනුයේ කාලය පදනම් වූ ආඛ්‍යානයක් ලෙස නොවේ. කාලය සටහන් කරනුයේ නිරූපිත අවස්ථා මතුවන දෘශ්‍ය හා ශ්‍රව්‍ය සංවිධාන කතාවේ (Plot) අත්දැකීමක් ලෙසටය.

ඊනියා නාගරික මෙන්ම සයිබර් ජීවිතයේ දෙපා තබා සෘජුව නැගී සිටීමට තැත් කරන අක්‍රීය, අකර්මණ්‍ය හා අපේක්ෂාභංග මානව ස්වභාව චලනීය ප්‍රතිරූප රිද්මය උපයෝගී කරගනිමින් ජීවමාන කම්පනයක් ඇති කිරීමට සමත් වේ. එය තර්කානුකූල අන්තය කරා මෙහෙය නොවන්නාවූ පවතින සමාජය තුළ ඛේදවාචකමය ස්වරූපයන්හි සංග්‍රහයකි (Pastiche).
 
 
WhatsApp Image 2025 06 14 at 3.53.46 PM 2

අතිනාටකීය හා හාවාතිෂය රීතිය බැහැරකර යථාර්ථවාදී ප්‍රවේශයක වර්තමානය දැකීමට දරණ ප්‍රයත්නයකි.
අජිත් තිලකසේන රචනා කළ පාර දිගේ චිත්‍රපටයේ චන්දරේට පරස්පර වූ සූක්ෂම න්‍යාය පත්‍රයක් මෙම තරුණයාට ඇත. ඔහු කාන්තාවන් හයක් එකම කාලයක ඇසුරු කරමින්, යහන් ගතවෙමින් තම අරමුණ හඹායයි.
ප්‍රථම චිත්‍රපට කරුවකු ලෙසින් මාලක ස්වලක්ෂණ සහිත අනන්‍යතාවයක් පෙන්වයි.
 
 
maxresdefault 3

මෙම චිත්‍රපටය මුල්වරට නැරඹූ විට මා සිතට නැගුණේ එයට නමක් අත්‍යවශ්‍යද යන අදහසයි. නිර්නාමික (Untitled) හැඟවුම යටතේ චිත්‍ර, ඡායාරූප, මෙන්ම කාව්‍ය කොතෙකුත් දැක ඇත්තෙමි. මෙම චිත්‍රපටය තුළ වාදියෙකු නැතහොත් අතීරක (Undecided)  තත්වයකට වඩා බහුවිධ මාන ‍ප්‍රේක්ෂක සංජානනයට ආමන්ත්‍රණය කරනු ලබයි.

පොදුවේ ගත්කල චලනීය ප්‍රතිරූප  මගින් සිදු වන්නේ ද හැඟවුම් හා හැඟවුම්කාරක ලෙස අර්ථ ප්‍රතිනිෂ්පාදනය කිරීමයි. පශ්චාත් නූතනවාදී අර්ථයෙන් කෘතියක බහුඅර්ථ පිහිටුවනු ලබන අතර එම අර්ථවල නිමක් දැකිය නොහැකිය.
 
 


මෙහි වියමන ඉතාම සංකීර්ණ ලෙස ගොඩනැගීමට චිත්‍රපට කරුවා සමත්ව ඇත. සම්භාව්‍ය, නූතන හා පශ්චාත් නූතන ආදි විවිධ න්‍යායික එළඹුම්වලින් ඒ සඳහා අර්ථකථන සැපයිය හැකිය. එමෙන්ම කිසිදු න්‍යායක් පාදක කර නොගනිමින් ද අර්ථ ලබාදිය හැකිය.
විශේෂයෙන්ම වම් ඉවුර ලෙස එකල විචාරකයින් හඳුන්වා දුන්නේ මාක්ස්වාදයට අනුකූලව නිර්ධන පංතිය හා ධනපති පංතිය අතර වන අරගලය නිරූපණය කිරීමයි. මෙම හැඩයේ වෙනත් ආඛ්‍යාන ස්වරූප පසුකාලීන සිනමාව තුළ හඳුනාගත හැකිය.
72821630 2511624595565939 3303030339697377280 n
 
වර්තමානයේ වම් ඉවුර ලෙසට පන්ති ප්‍රවණතාවය පදනම් වූ චිත්‍රපට පමණක් නම් කළ නොහැකිය. යුද්ධය, ප්‍රාග්ධන සංසරණය, පශ්චාත් ධනවාදය, ගෝලීකරණය, ලිංගිකත්වය හා මනෝවිශ්ලේෂණය වම් ඉවුරේම වෙනත් ආත්ම ලෙස නම් කළ හැකිය. මාලක දේවප්‍රියගේ චිත්‍රපටයද වම් ඉවුරේ සිනමාවක ආත්මය ප්‍රකට කරන කැඩපතක් වැන්න.

| ආචාර්ය ධර්මසේන පතිරාජ

(ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකි)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අසංවිධිත හා නූතනවාදී ප්‍රවේශයක වම් ඉවුරේ ආත්මය ප්‍රකට කරන කැඩපතක් | ධර්මසේන පතිරාජ | The Leader