එසේ නම් පිළිවෙළින් පියවර තබමු.
* වී ගොවියා රැක ගැනීමට වැඩි ගාණට හාල් කෑ යුතු ය.

*බිත්තර ගොවියා සුරැකීමට වැඩි ගණනක් වියදම් කළ යුතු ය .
*ලූනු ගොවියා රැකගැනීමට වැඩි ගාණට ලූනු කෑ යුතු ය.
*ටයිල් නිෂ්පාදකයා රැකීමට සහගහන ගණංවලට ටයිල් ගත යුතු ය.
*ලංවීම රැක ගැනීමට වැඩි මිලට බිල ගෙවා සෝලා ගැලවිය යුතු ය.
*ශ්‍රී ලංකන් එක රැකීමට කප්පරක් බදු ගෙවිය යුතු ය.

*දුම්රිය රැක ගැනීමට ස්ට්‍රයික් දරාගත යුතු ය.
*භාණ්ඩාගාරය රැක ගැනීමට 300% බදුගෙවා වාහන මිලදී ගත යුතු ය.
*සෞඛ්‍ය රැක ගැනීමට විස ශරීර ගත උනත් ඇස් පොට්ට උනත් කටවහගෙන සිටිය යුතු ය.
*අධ්‍යාපනය සුරැකීමට පෞද්ගලික අධ්‍යාපනය අකුළවලා අධ්‍යාපනයේ නිදහස අහිමි කර ගත යුතු ය.

*රාජ්‍ය සේවය රැක ගැනීමට අප තව තව වැඩ කොට උපයන විට බදු ගෙවිය යුතු ය.
*චීනෙන් තොග බඩු ගෙන්නලා බෙදන අය රැක ගැනීමට අපි තනි තනිව බඩු ගෙන්වන එක නතර කල යුතු ය.
*ජාතිය රැකගැනීමට අවසන් අවස්ථාවට ඡන්දය ද දිය යුතු ය.

අවසානයේ අපව රැකගැනීමට කිසිවෙකු නොමැත, අපිව රැක ගැනීමට කිසිවෙකු එන්නේ ද නැත කාලයක දී රණ විරුවන් රැක ගැනීමට කට්ටියක් ආවේ ය; මාතෘ භූමිය රැක ගැනීමට ද ආවේය; රට විරුවන් සුව විරුවන් උදෙසා ද ආවේ ය; ජාතිය ආගම උදෙසා ද ආවේ ය; වැඩකරන දුප්පත් ජනතාව වෙනුවෙන්ද ආවේ ය. නමුත්, බදු ගෙවන ජනතාව උදෙසා කවුරුවත් නාවේ ය...!

(වචන | ජනත් සි පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute
janath@advocata.org



