The Leader News
BREAKING
Top Ad
Opinion

ශිරාල්ලා දකුණට දුප්පත් වැඩි ය | එරන්ද ගිනිගේ

T

The Leader Desk

July 10, 2025 • 6:06 AM

ශිරාල්ලා දකුණට දුප්පත් වැඩි ය | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “දිනන දකුණ” නමින් සංවිධානය කළ සංවාදයක් නැරඹීම සඳහා මම ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයට ගියෙමි.
  • ගෝල්ෆේස් අරගලයේ ඊනියා ලිබරල් කොල්ලෝ කුරුට්ටන් කිහිප දෙනෙකු ද සභාවේ සිටි බව නිසැක වන්නේ වාමාංශික ගොඩයන් මෙන් ඔවුන් බෙරිහන් දුන් නිසා ය.
  • එක්තරා විදිහකට මේ ජරාවට පත්ව ඇති කණ්ඩායම අරගලයේ පුරෝගාමීන් ය.
  • ඔවුන් එය ඇරඹුවේ 2015 ටත් පෙර සිට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

“දිනන දකුණ” නමින් සංවිධානය කළ සංවාදයක් නැරඹීම සඳහා මම ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයට ගියෙමි. එය සංවිධානය කර තිබුණේ ශිරාල් ලක්තිලකගේ ප්‍රධානත්වයෙනි. ශිරාල් යනු යහපාලන නඩයේ ඇම්බැසඩරයා ය. අද වන විට ඔවුන් ලක් දේශපාලනයේ අවතැන් වූ සුළු පිරිසකි. ඔවුන් හදන්නේ එජාප-සජබ දෝතින් ගිලිහී ගිය “මතවාදීය” දකුණ යළි පණ ගන්වා එහි නියෝජිතයන් වීමට ය.

 



සංවාදය ආරම්භ වූයේ ජූලි නවය ගැන ඇල්මැරුණු පොර ටෝකකිනි. ජනතාව බලාපොරොත්තු වූ වෙනස වුණේ නැතැයි කියමින් ඔවුහු සුසුම් ලෑවෝ ය. එය මා හට හෙන ම ආතල් එකක් විය. ගෝල්ෆේස් අරගලයේ ඊනියා ලිබරල් කොල්ලෝ කුරුට්ටන් කිහිප දෙනෙකු ද සභාවේ සිටි බව නිසැක වන්නේ වාමාංශික ගොඩයන් මෙන් ඔවුන් බෙරිහන් දුන් නිසා ය. එක්තරා විදිහකට මේ ජරාවට පත්ව ඇති කණ්ඩායම අරගලයේ පුරෝගාමීන් ය. ඔවුන් එය ඇරඹුවේ 2015 ටත් පෙර සිට ය. එන්ජීඕ ඩොලර්වලින් ඇරඹි එම ගමන සිරිසේන විසින් චොර කළෙන් මොවුන් කාලකන්නි විය.

2022 අරගලය පෙර එකට වඩා ශක්තිමත්ව එන විට එයට කුලියට ගෙන තිබුණේ ශිරාල්ලාට වඩා තරුණ පිරිසකි. ඒ කුලී කරුවෙකු වූ පී. කර්නර් සභාවේ සිට වේලාසනින් නැගිට ගියේ ය. බෞද්ධ සිංහල කඳවුරට එරෙහි ව පතාගෙන එන සතුරන්ගේ සභාව මැදට ම ගොස් ඔවුන්ගේ දුක අසන්නටත්, අසා සිට ඇහැට ඇඟිල්ලෙන් ඇනීමටත්, ඇන ඒ දෙස බලා සිටීමටත් අවස්ථාව ලැබීම මා හට ඩබල් සතුටක් වන්නේ එය අද වැනි දවසක ම කිරීමට හැකි වීම නිසා ය.

ke8678

 

නමුත් එය “දිනන දකුණ” කට වඩා “හිඟන දකුණ” කි. “කැපිටාල්” ගැන ලොකු ටෝක් දුන්නාට ඒ සංවාදය අතිශය දුගී දුප්පත් එකකි. ඔවුන් පුබුදු ජයගොඩට කෝචෝක් කළාට, දැන් පෙරටුගාමීන් පවා මෙයට වඩා ධනේශ්වර පන්නයේ සංවාද පවත්වනු මා දැක තිබේ. අද පැමිණ සිටි පිරිසට කැපිටල් එකේ සුවඳවත් දැනී නැති බවට මට විශ්වාස ය. බැනරයේ සිට කථා ශෛලය දක්වා එහි තිබුණේ තනිකරම අන්තර් විශ්ව විද්‍යාල ලෙවල් එකේ වාමාංශික ස්වරූපයකි. නූතනයේ දකුණ මෙය නම් අලුත් පරම්පරාවේ කිසිවෙක් එයට එකතු නොවන බවට මෙන්න කැට.

ඒ අතින් පොහොට්ටුව නම් දැන් සුපිරිම දකුණකි. අපි සංවාද තියන්නේ කොළඹ තරු පහේ හෝටල්වල ඉස්තරම් ආපන ශාලාවල ය. අපි කන්නේ ඉස්තරම් කෑම ය. අතේ තියෙන්නේ කොක්ටේල් ය. අඳින්නේ හොඳ ඇඳුම් ය. පසුබිමේ ඇහෙන්නේ ලෝක ප්‍රසිද්ධ පියානෝ වාදන ය. දේශපාලනය ගැන අපි මතවාදීය සංවාද කරන්නේ එහෙම ය. දක්ෂිණ ක්ලාස් එක දැන් තියෙන්නේ පොහොට්ටුවේ ය. නූතන තරුණයා සහ තරුණිය ඉංග්‍රීසියෙන් දේශපාලන සංවාද කරන්නේ නාමල් සමග ය.

රාජපක්ෂ සහෝදරයින් මිරිහානේ රැස්වේ : බැසිල් ගැන තීන්දුව තව මොහොතකින්

සැබැවින්ම ලංකාව දක්ෂිණාංශික හේවන් එකක් කළේ මහින්ද රාජපක්ෂ ය. ප්‍රජාතාන්ත්‍රික නිදහස ඉස්මුරුත්තාවට දුන්නේ මහින්ද ය. ඉන් පසුව ගෝඨාභය එය ඔක්කාරයට එන තෙක් දුන්නේ ගෝල්ෆේස් එකේ අරගල ස්ථානයක් පවා නම් කරමිනි. (එය කාගේ විශිෂ්ට තීරණයක් ද කියා මම නොදනිමි!) ලංකාවේ ආර්ථිකය තුන් ගුණයකින් වැඩි කරමින් බෙල්ල කැඩෙන වේගයෙන් රට සංවර්ධනය කළේ බැසිල් ය. අහස සිපින කුළුණු, කුණු කෑල්ලක් නැති නගර, කාලා කාලා තෙල් බස්සවන මංතීරු, හැම සෙනසුරාදාම ලන්ච් එකට ගාල්ලට ගිහින් එන්න අධිවේගී මාර්ග, 99% කට විදුලිය, ජනගහනය මෙන් දෙගුණයකට මොබයිල්, මුහුද ගොඩ කර තැනූ බදු රහිත නගර… ලැයිස්තුව දිග ය.

ජේ. ආර්. විවෘත ආර්ථිකය කියා කළේ උතුරේ ආර්ථිකය බිඳ දමා තිස් අවුරුදු යුද්ධයක් ඇති කිරීම පමණී. ලංකාවේ සැබෑ "වමෙන් දකුණට" පරිවර්තනය කළේ මහින්ද ය. ශිරාල්ලා විසින් අදූරදර්ශී ලෙස 2014 දී කඩාකප්පල් කළේ එසේ නැගී ගෙන ආ දකුණු රැල්ල ය. ලංකාවේ තරුණයන්ගේ හීන සැබැවින් ම මරා දැමුවේ යහපාලන නාඩගම විසිනි. ඒ අතින් ශිරාල් සහ සමාගමට මම ස්තුතිවන්ත වෙමි.

 

e5umi
දැන් ඒ රැල්ල ගන්න හදන්නේ අනුර කුමාර ය. ඔහු එය සෑහෙන දුරකට සාර්ථකව කරමින් සිටී. මාලිමාව දකුණු ඉවුර ආක්‍රමණය කර අවසාන ය. අද ලංකාවේ කැපිටලිස්ට් බලවේග සියල්ල ම පාහේ අනුර සමග ජනාධිපති මන්දීරයේ බාල් නටමින් සිටී. ශිරාල්ලා පමා වැඩි ය. ශිරාල්ලා සැබැවින්ම දකුණ යනු කුමක්ද කියා හරියට රස බලා නැත. ශිරාල්ලා දකුණට දුප්පත් වැඩි ය. ශිරාල්ට වී තිබෙන්නේ සිය දැඩි ප්‍රතිපත්ති නිසා මාලිමාවේ බාලට එකතු වීමට ලැජ්ජා සිතීම ය. ඉතින් ඔන්න ඔහේ පොහොට්ටුවට එකතු වෙන්න. මෙතන ඉන්නවා හැම ජාතියේ ම පොරවල්. දිස් ඉස් පොලිටික්ස්!

මගේ කුළුඳුල් නවකථාව නිකුත් වෙනවා සති කිහිපයකින්. ඒක ඓතිහාසික ප්‍රබන්ධයක්.

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූලි 9
eranda.ginige@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශිරාල්ලා දකුණට දුප්පත් වැඩි ය | එරන්ද ගිනිගේ | The Leader