The Leader News
BREAKING
Top Ad
Opinion

රාජ්‍ය අපෙන් බොහෝ දේ උදුරාගත්තා මිස අපිට කිසිවක් දී නැහැ...? - ශිරාල් ලක්තිලක

T

The Leader Desk

July 11, 2025 • 7:15 AM

රාජ්‍ය අපෙන් බොහෝ දේ උදුරාගත්තා මිස අපිට කිසිවක් දී නැහැ...? - ශිරාල් ලක්තිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය 09වන දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ''දිනන දකුණ'' සම්මන්ත්‍රණය අමතමිනි.
  • එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ශිරාල් ලක්තිලක පැවසුවේ රාජ්‍ය පිළිබඳ ආකල්පය අපේ රටේ විනාශයට පදනම බවත් එය අප වෙත ලැබී තිබෙන්නේ එංලන්තයේ බිහි වූ ෆේබියන් සමාජවාදීන්ගෙන් (Fabian Socialists) බවයි එමෙන් ම එය ලංකාවට රැගෙන ආවේ ලංකා සමසමාජ පක්ෂය බව ද අවධාරණය කළේ ය.
  • මතු පළ වන්නේ එම සම්මන්ත්‍රණයේ දී ශිරාල් ලක්තිලක කළ සම්පූර්ණ කතාව ඇතුළත් වීඩියෝව යි.
  • 'දිනන දකුන' දේශපාලන මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශිරාල් ලක්තිලක සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය 09වන දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ''දිනන දකුණ'' සම්මන්ත්‍රණය අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ශිරාල් ලක්තිලක පැවසුවේ රාජ්‍ය පිළිබඳ ආකල්පය අපේ රටේ විනාශයට පදනම බවත් එය අප වෙත ලැබී තිබෙන්නේ එංලන්තයේ බිහි වූ ෆේබියන් සමාජවාදීන්ගෙන් (Fabian Socialists) බවයි එමෙන් ම එය ලංකාවට රැගෙන ආවේ ලංකා සමසමාජ පක්ෂය බව ද අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ එම සම්මන්ත්‍රණයේ දී ශිරාල් ලක්තිලක කළ සම්පූර්ණ කතාව ඇතුළත් වීඩියෝව යි.



ශ්‍රී ලංකා රාජ්‍යයේ භුමිකාව ගැන නැවත සිතන්නට කාලය පැමින තිබේ....

'දිනන දකුන' දේශපාලන මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශිරාල් ලක්තිලක සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.

දිනන දකුන ජවිපෙ ආන්ඩුව නැවතත් රාජ්‍ය ධනවාදයට ඇදගෙන යාම සදහා වන දේශපාලන ප්‍රතිපත්තියට එරෙහිව තම විරෝධය පල කර සිටී.

 

Dinana dakuna chintha 250710
ජවිපෙ ආන්ඩුව රාජ්‍ය ධනවාදය නැවතත් වැලද ගනිමින් සිටින පසුබිමක් තුල ශ්‍රී ලංකා රාජ්‍යයේ භුමිකාව ගැන නැවත සිතන්නට කාලය පැමින තිබේ.

ජවිපෙ සිතන්නේද රටක් ලෙස බහුතරයක් සිතන්නේ රාජ්‍ය යනු අපගේ විමුක්ති දායකයා ලෙසටය. එම නිසා අපි රාජ්‍යයට පිලිමයක් සේ වන්දනාමාන කරමින් සිටින්නෙමු. නමුත් වර්ථමාන රාජ්‍ය අපගේ නිශ්පාදන ක්‍රියාවලිය මත පරපෝශිතයකු ලෙස හැසිරෙන්නේය යන්න අමතක කොට තිබේ.

අප විශ්වාස කරන්නේ රාජ්‍යට මධ්‍යගත සැලසුම් කරනයක් අවශ්‍ය බවය. නමුත් එය අපට දායක කොට ඇත්තේ නිලධාරීවාදය, අකාර්ශක්ෂමතාවය හා නවෝත්පාදනයට වැට බැදීමය.

Screenshot 2025 07 11 at 12.12.17
එසේම අප සිතන්නේ රටේ නිශ්පාදනය හා බෙදාහැරීමේ ඒකාධිකාරිය රාජ්‍ය සතුව පැවතිය යුතු බවය. නමුත් එම විශ්වාසය පෙරලා අපට දායාදකොට ඇත්තේ රාජ්‍යයේ රැකියා දීම රාජ්‍ය වගකීමක් බවට පත්වී ලබාදෙන රැකියාව කාර්ය සාධනයෙන් තොරව KPI නැතිව සිදු කල හැකි පිං අතේ වැඩක් බවය. එමගින් අවසාන වාසිය දේශපාලඥයාට ලැබී ඇති අතර රජයේ රැකියා යනු දේශපාලන අල්ලස් ලබා ගැනීමේ අවස්තාවක් බවට පත්වී තිබේ.

අපි සමාජයක් ලෙස සිතන්නෙ රාජ්‍යයේ කාර්යභාරය අපගේ දෙමව්පියන් සිදු කරන කාර්ය භාරයකට සමාන භුමිකාවක් බවය. එම නිසා රාජ්‍යය සතු ධනය හා සම්පත් ජනතාව අතරේ රිසි සේ බෙදා හැරිය යුතු බව අප විශ්වාස කරයි. අපගේ සහනාදාර මනස මේතුලින් අප තුල බිහිවී ඇති අතර ඒ තුල පුද්ගල වගකීම පරාජය කොට තිබේ. පලදායකත්වය ඒ තුලින් සමාජය තුලින් තුරන් කොට ධනය ඉපදවීමට පෙලඹවීම සමාජයෙන් තුරන් කොට තිබේ.

එසේම රාජ්‍යයේ වත්කම් හි හිමිකාරීත්වය මහජනතාවට හිමිවන්නේය යන විශ්වාසය තුල රාජ්‍ය සම්පත් පිලිබද මහජන වගකීම තුරන් කොට රාජ්‍ය වත්කම් නාස්ති කිරීමට ඉඩ කඩ සමාජයට ලබා දී තිබේ.

Screenshot 2025 07 11 at 12.22.55
රාජ්‍ය මහජනතාවගේ නිසා ව්‍යවසායකත්වයට ඉඩක් නැති වී තිබේ. එසේම ව්‍යවසායක ශ්‍රමය අවතක්සේරු කරන සමාජ අවකාෂයක් ඇතිවී තිබේ.

අවසානයේ අප ගොඩනගා ඇති රාජ්‍ය නැමති බොල් පිලිමය විසින් වෙළදපල ද්විතික කොට වෙළඳපල පරිනාමයට ඇති ඉඩකඩ පුර්නව ඉඩ අහුරා තිබේ.

එම නිසා දිනන දකුන කියන්නෙ දැනට පවතින අපගේ රාජ්‍ය පිලිබද අවකල්පනය පරාජය කල යුතු බවය. අප පෙනී සිටින්නේ රාජ්‍ය යනු සක්‍රිය කරන්නකුගේ භුමිකාව (Enabler) පමනක් බවය. එම නිසා සම්ප්‍රදායිකව රාජ්‍ය වෙත ලබා දී තිබෙන ෆෙබියන් සමාජවාදී විශ්වාසයන් ගෙන් වියෝවීමට කාලය පැමින තිබේ. එසේ වියෝවීමේන් තොරව අපට ධනය ඉපයීමේ මගක් විවර වන්නේ නැත. ධනය උපයීමකින් තොරව සමාජයක් ලෙස මුහනදෙන බංකොලොත් භාවයෙන් මිදීමට හැකි වන්නේ නැත.

අපට අනුව රාජ්‍යයේ කාර්යභාරය විය යුත්තෙ සමාජයේ අවශ්‍යතා තෟප්ත කිරීම සදහා සානුබල සපයන පරිසරයක් නිර්මානය කිර්‍රිම පමනක් බවය.

 


දිනන දකුන පෙනී සිටින්නේ බිම්ගත කරන ලද ධනවාදය වෙනුවෙනි. ( Grounded Capitalism)

බිම්ගත කරනු ලබන ධනවාදය යථාර්ථයක් කරගැනීමට සක්‍රිය කරන්නකුගේ භුමිකාව රාජ්‍ය විසින් සිදු කල යුතුව තිබේ.

අප බිම් ගත ධනවාදය යනුවෙන් අදහස් කරන්නේ නිශ්පාදන කාර්යාවලිය හා පරිභෝජනය පද්දතියක් ලෙස පිලිගනිමින් සිදුකරන මැදිහත්වීමකි.

එහිදී අප වෙළඳපල බලවේගවල ප්‍රාථමික බව අප විශ්වාස කරන අතරේම පුද්ගලයා යනු ස්වයං නිශ්පාදිත ආත්මයක් ලෙස සලකා පුද්ගලයාගේ නිශ්පාදන හා පරිභෝජන අභිලාෂයන් සැබෑ ලොකයේ අවශ්‍යතා තිරසාරව ආර්ථිකය, සමාජය සංස්කෟතිය හා පරිසරය සමග සම්බන්දවන පද්දතියක් තුල සමානුයෝජනය කල යුතු යයි විශ්වාස කරයි.

අප විශ්වාස කරනු ලබන සමතුලිත ධන උත්පාදනය සිදුකල හැකිවන්නේ මෙවැනි නිශ්පාදන මාදිලියක් තුලය.

එය සිදුවන්නෙ කෙලෙසද යන්න පසුව සංවාද කරමු...

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජ්‍ය අපෙන් බොහෝ දේ උදුරාගත්තා මිස අපිට කිසිවක් දී නැහැ...? - ශිරාල් ලක්තිලක | The Leader