The Leader News
BREAKING
Top Ad
Opinion

නාමල්ගේ පොහොට්ටුව අලුත් එකක් ! - හොඳම කතාව කලේ චරිත හේරත් |එරන්ද ගිනිගේ

T

The Leader Desk

July 12, 2025 • 7:23 AM

නාමල්ගේ පොහොට්ටුව අලුත් එකක් ! - හොඳම කතාව කලේ චරිත හේරත් |එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වගේම ඔහු “රාජ්‍යය” ගැන ටීලියෝලොජිකල් විස්තරයක් කළා.
  • ගෝඨාභය ජනාධිපති වුණාට පස්සෙවත් ඔහුට පක්ෂයෙන් නිසි පිළිගැනීමක් ලැබුණේ නැති බව එතුමා ම මට කියා තිබෙනවා.
  • ඇත්තටම වුණේ ගෝඨාභය සහ පක්ෂය එකක් නොව දෙකක් වීම.
  • මේවා කළේ මහින්දගේ සහ බැසිල්ගේ බලයෙන් ඔළුව උදුම්මවා ගත්ත පතිරණ වගේ අධිපති මානසිකත්වයේ හිටිය පොහොට්ටුවේ මුග්ධ ස්ථරයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේම ඔහු “රාජ්‍යය” ගැන ටීලියෝලොජිකල් විස්තරයක් කළා. ඒ සාකච්ඡාවේ සිතන්න යමක් දුන්නේ චරිත හේරත් විතරයි. දීප්ති වැඩිපුර කළේ පුබුදු ජයගොඩව රොස්ට් කිරීම. හපුගොඩ කළේ රනිල්ගේ ඇට පොලිෂ් කිරීම. ශිරාල්ගේ කථාවේ වැඩි හරියක මට නින්ද ගියා…



මහින්ද පතිරණ මට ප්‍රසිද්ධියේ බැනලා තිබුණා “ඔය වගේ සංවාදවලට ගිහිල්ලා පක්ෂය කිච කරන්න එපා” කියලා. මේ කියන්නේ ගෝල්ෆේස් අරගලයේ වැසිකිලි සංකීර්ණය තමන්ගේ නමින් නම් කරන්නට යෙදුණු කෙනා… සමාජ මාධ්‍යයේ පොහොට්ටුවට එරෙහිව වැඩිම වෛරයක් නිර්මාණය කළ මහින්ද පතිරණ අනුන්ට පක්ෂය කිච කරන්න එපා ය කීම විහිළුවක්. නමුත් එහි වැදගත්ම නිරීක්ෂණය තමයි පතිරණ වගේ අය පොහොට්ටුව පිළිබඳව දරන “අධිපතීත්වය”. එයා කියන්නේ අපි යන්න ඕන තැන් සහ කියන්න ඕන දේවල් කළ යුත්තේ එයාගේ අවසරයෙන් කියලා. ඔහු හිතනවා පොහොට්ටුව කියන්නේ ඔහුගේ බූදලයක් කියලා. මෙන්න මේ පොහොට්ටුවේ ඊනියා බූදල් මානසිකත්වය විසින් තමයි ගෝඨාභය රාජපක්ෂවත් පක්ෂයෙන් එලෙව්වේ.

ගෝඨාභය ජනාධිපති වුණාට පස්සෙවත් ඔහුට පක්ෂයෙන් නිසි පිළිගැනීමක් ලැබුණේ නැති බව එතුමා ම මට කියා තිබෙනවා. පතිරණලා හිතුවේ ගෝඨාභය ඉන්නත් ඕනා ඔවුන්ට යටින් කියලා. පොහොට්ටු ආණ්ඩුවේ බිඳ වැටීම පටන් ගන්නේ එතනින්. ඕනෑම කෙනෙක් හෝ කණ්ඩායමක් අලිවන්සෙන් තමන් ගැන හිතන්න ගත්ත දවසෙම ඔවුන් ඉවර වෙනවා. පතිරණගේ අධිපති මානසිකත්වයේ ඉන්න අය ගෝඨාභයට සැලකුවේ හරියට ඔවුන්ගේ පිහිටෙන් එතුමා ජනාධිපති වුණා වගේ. පතිරණ සහ පිරිස ගෝඨාභයට බනිනවා දිලිත්ලා සවේලා කියන දේ ඇහුවා කියලා. එහෙම ඇහුවා නම් ගෝඨාභයව ඒ තැනට තල්ලු කළේ පතිරණලා. පක්ෂයෙන් තමන්ට ලැබිය යුතු පිළිගැනීම නොලැබෙන කොට ගෝඨාභය නෙවෙයි කාට වුනත් සිද්ධ වෙනවා තමන්ව පිළිගන්න අය සමග වැඩ කරන්න.

 

gotabaya

ඊනියා ජාතිකවාදීන් ගෝඨාභයට බනිනවා එතුමා පවුලේ අයව ලොකු කරගත්තා කියා. ඒක මහා මුසාවක්. එතුමා එහෙම කළා නම් ඇයි එතුමාව පක්ෂයෙන් ෂන් කළේ? ඇත්තටම වුණේ ගෝඨාභය සහ පක්ෂය එකක් නොව දෙකක් වීම. මේවා කළේ මහින්ද රාජපක්ෂවත් බැසිල් රාජපක්ෂවත් නොවෙයි. මේවා කළේ මහින්දගේ සහ බැසිල්ගේ බලයෙන් ඔළුව උදුම්මවා ගත්ත පතිරණ වගේ අධිපති මානසිකත්වයේ හිටිය පොහොට්ටුවේ මුග්ධ ස්ථරයක්. දිලිත්ලා ශවේන්ද්‍රලා එයින් වාසි ගත්තා. එහෙම බැලුවම දිලිත් දේශපාලනිකව දක්ෂයි පතිරණ වගේ සියුඩෝ පණ්ඩිතයන්ට වඩා.

ගෝඨාභය රාජපක්ෂත් මෙතනදී දුර්වල වුණා. එතුමාට තිබුණේ තමන්ගේ බලය භාවිතා කරලා පක්ෂය තමන්ට අවනත කර ගන්න. පක්ෂයක් නැතුව වැඩි කාලයක් ජනාධිපතිකම් කරන්න බැහැ. නමුත් එතුමා මහත්මා දේශපාලනය කරන්න ගියා. එතුමා හිතුවා පක්ෂයෙන් තමන්ට ඕන සහාය නැත්නම් තමන්ට පුළුවන් විදිහකට රට කරනවා කියලා. හමුදාවේ අය මත එතුමා ඩිපෙන්ඩ් වෙන්නේ එහෙමයි. මොකද පතිරණලගේ අධිපති මානසික රෝගය බොහෝ මැති ඇමතිලටත් බෝ වෙලා තිබුණා. බාහිර අර්බුදය තීව්‍ර වෙනකොට ඒ ඇමතිලා ඉවත් කරලා කාංචන, ප්‍රේමිත, සේමසිංහ වගේ අලුත්ම පිරිසකට ඔහු ඇමතිකම් දෙන්න මුල් වුණේ ඔය පතිරණලා මුලින් හදපු විරසකය.

Charitha Herath 2020.02.14

ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව බිඳ වැටීම ගැන කරන අභ්‍යන්තර විමසුමේ තවත් ලිපියක් මේක. චරිත හේරත් හිටියේ පොහොට්ටුවේ. ඔහු ප්‍රාමාණිකයෙක්. ඔහු නැවත පොහොට්ටුවේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ විය යුතුයි. ඔහු පමණක් නොවෙයි මේ රටේ සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රය පතන සෑම ශිෂ්ට සම්පන්න පුරවැසියෙකු ම පොහොට්ටුවට සම්බන්ධ විය යුතුයි. දැන් අධිපති මානසිකත්වයට එහි ඉඩක් නැහැ. නාමල්ගේ පොහොට්ටුව අලුත් එකක්. පොහොට්ටුවේ ඊනියා බූදල්කරුවන් ඒක කරන්න දෙන්නේ නැත්නම් අලුත් මලක් වුණත් පිපෙන්න පුළුවන්... දිස් ඉස් පොලිටික්ස්.

මගේ කුළුඳුල් නවකථාව නිකුත් වෙනවා තව සති දෙක තුනකින්. එය ඓතිහාසික ප්‍රබන්ධයක්. ඈත අතීතයේ අපූරු දේශපාලන කථාවකුත් එහි තිබෙනවා.


eranda. ginige
(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ජූලි 12
eranda.ginige@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...