The Leader News
BREAKING
Top Ad
Opinion

මහින්ද ජයසිංහ කරන කලට මී සේ මිහිරියට කළ පව කුමක්ද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

July 24, 2025 • 10:24 AM

මහින්ද ජයසිංහ කරන කලට මී සේ මිහිරියට කළ පව කුමක්ද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්දවංශ ජයසිංහ නම් මෙම ඉංග්‍රීසි ගුරුවරයාට එසේ වැරදීම ගුරුවරයකුට සිදු වූ වරදක් බැවින් ඔහුට සිනාසීම වැඩි වී තිබේ.
  • ඔහු ගුරුවරයකු ලෙස වැටුප් ලබාගත්තද අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ඉගැන්වීමේ යෙදෙන්නේ නැත.
  • විසිරී තිබෙන සාමාජිකත්වයක් ඇති සංගමයකට සාමාජිකයන් 1000ක් සිටින විට එක් නිලධාරියෙකු ද, 3000කට වඩා සිටින විට නිලධාරීන් දෙදෙනෙකු ද වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් කළ හැකිය.
  • ඇමතිවරුන් මෙම නිදහස් කිරීම් අනුමත කරන්නේ වෘත්තීය සමිති නායකයන්ට දෙන සන්තෝසම් ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):


එස්.පී.එස්. මහින්දවංශ ජයසිංහ නම් මෙම ඉංග්‍රීසි ගුරුවරයාට එසේ වැරදීම ගුරුවරයකුට සිදු වූ වරදක් බැවින් ඔහුට සිනාසීම වැඩි වී තිබේ. ගුරුවරයකුට එවැනි වරදක් සිදු වූ විට එය වැඩිපුර හාස්‍යයට ලක්කිරීම ලංකාවේ සාමාන්‍ය තත්වයකි.

 

මහින්ද ජයසිංහ ලංකා ගුරු සේවා සංගමයේ හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ ගුරු වෘත්තීය සමිතියේ නායකයාය. ඔහු ගුරුවරයකු ලෙස වැටුප් ලබාගත්තද අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ඉගැන්වීමේ යෙදෙන්නේ නැත. ඔහු පූර්ණ කාලීනව නිදහස් වී සිටී.

1736769937 mahinda jayasinghe L

 

ආයතන සංග්‍රහය අනුව, සේවයේ හදිසි අවශ්‍යතාවන්ට යටත්ව, වෘත්තීය සමිති කටයුතු සඳහා යම් නිලධාරියකු නිදහස් කළ හැක්කේ අවුරුදු දෙකක උපරිමයට යටත්වය. අදාළ සංගමයේ ඉල්ලීම මත එම කාලය අවුරුදු හතර දක්වා දීර්ඝ කළ හැකිය.

විසිරී තිබෙන සාමාජිකත්වයක් ඇති සංගමයකට සාමාජිකයන් 1000ක් සිටින විට එක් නිලධාරියෙකු ද, 3000කට වඩා සිටින විට නිලධාරීන් දෙදෙනෙකු ද වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් කළ හැකිය.

අවුරුදු හතරකට වැඩි කාලයක් වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වීම සඳහා අදාළ අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගත යුතුය. ඔය දශක ගණන් නිදහස් වී සිටින සියලු වෘත්තීය සමිතිකාරයන් ඒ ඒ වකවානුවල සිටින ඇමතිවරුන්ගෙන් එම අනුමැතිය ලබාගත් අයයි. එය අයිතිවාසිකමක් නොවේ. ඇමතිවරුන් මෙම නිදහස් කිරීම් අනුමත කරන්නේ වෘත්තීය සමිති නායකයන්ට දෙන සන්තෝසම් ලෙසය.

 

9f2af0f0 9abe 11ef 91ff 5d1d64bbb52d.jpg

මහින්ද ජයසිංහ ගුරුවරයකු ලෙස වැටුප් ගත්තද, අවුරුදු විස්සකට වැඩි කාලයක් පාසලක උගන්වා නැත. ඔහුට මේ පලදෙන්නේ කරන කලට මිහිරි සේ සැලකූ ඒ පව්ය.

රැකියාව නොකර වැටුප් ගනිමින්, වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස්ව සිටින මෙම වංචනිකයන් කරන තවත් පාපකර්මයක් තිබේ. එනම්, තමන්ගේ වෘත්තීය සංගම්වල වෙනත් කිසිවකුට ඉදිරියට එන්නට අවස්ථාව නොදීමයි.

මෙහි ඊළඟ අදියර වන්නේ, විශ්‍රාම ගිය පසු ද තව දුරටත් සංගමයේ තනතුරුවල එල්ලී සිටීමයි. මහින්ද ජයසිංහ ද එය කරන්නට ඉඩ තිබේ. ඔහු උපන් වර්ෂය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්වත් සොයාගත නොහැකි දේව රහසකි.

Full time release for trade unions



(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහින්ද ජයසිංහ කරන කලට මී සේ මිහිරියට කළ පව කුමක්ද? | අජිත් පැරකුම් ජයසිංහ | The Leader