The Leader News
BREAKING
Top Ad
Opinion

හරිනි ගේ සැබෑ සතුරා කවුද? | රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

July 29, 2025 • 8:00 AM

හරිනි ගේ සැබෑ සතුරා කවුද? | රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරන්නට කවුරුවත් එනවාද?
  • අද ඇති ලොකුම ප්‍රශ්නය මේ කියන කඩාකප්පල්කාරීන් කවුද?
  • සිට 2023 දක්වා අධ්‍යාපනඥයින් විසින් යෝජනා කළ බහුතරයක් ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ’ ක්‍රියාත්මක කළ නොහැකි වූයේ අන්තරය හෝ එහි කාලීන අයිතිකරුවන් වූ ජවිපෙ හෝ පෙරටුගාමීන් නිසාය.
  • ජයවර්ධනපුර සුනිල් හඳුන්නෙත්ති අන්තරේ කැඳවුම්කරු ලෙස ආපසු හැරවූ ප්‍රතිසංස්කරණයක් නැති නමුත් ඒ දවස්වල, ජ’පුර - කොළඹ, කැලණිය - කොළඹ පෙළපාලි තිබුණේය.
අකුරු ප්‍රමාණය (Font Size):


* කඩාකප්පල් කරන්න එන්න එපා!  ජනාධිපතිතුමා කියයි.

* අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරන්නට කවුරුවත් එනවාද? එනවා නම් ඒ කවුද?

* අද ඇති ලොකුම ප්‍රශ්නය මේ කියන කඩාකප්පල්කාරීන් කවුද? යන්නයි.    

1980 සිට 2023 දක්වා අධ්‍යාපනඥයින් විසින් යෝජනා කළ බහුතරයක් ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ’ ක්‍රියාත්මක කළ නොහැකි වූයේ අන්තරය හෝ එහි කාලීන අයිතිකරුවන් වූ ජවිපෙ හෝ පෙරටුගාමීන් නිසාය.

රනිල් ගේ ‘ධවල  පත්‍රිකාව’ විනාශ කිරීම ඇරඹුවේ, පේරාදෙණියේ ශාන්ත බණ්ඩාර ය.

රනිල් වික්‍රමසිංහ විසින් 1977 සිට ජාතියට කරන ලද අපිරිමිත සේවය - (අසේල  ගුණසේකර)
‘ධවල පත්‍රිකාව’ හරහා විශ්වවිද්‍යාල හා පාසල් පද්ධතියම ගිණි ජාලාවක් කළේ ඩී.එම්.ආනන්ද ප්‍රමුඛ කණ්ඩායම ය.

ජයවර්ධනපුර සුනිල් හඳුන්නෙත්ති අන්තරේ කැඳවුම්කරු ලෙස ආපසු හැරවූ ප්‍රතිසංස්කරණයක් නැති නමුත් ඒ දවස්වල, ජ’පුර - කොළඹ, කැලණිය - කොළඹ පෙළපාලි තිබුණේය.

2000 – 2001 ප්‍රතිසංස්කරණ සඳහා ලොකුම ඇණය වූයේ රවීන්ද්‍ර මුදලිගේ, චමීර කොස්වත්ත ය. 2004 දුමින්ද නාගමුව ප්‍රතිසංස්කරණ විරෝධී නායකයා විය.

එස්.බී. ගේ ප්‍රතිසංස්කරණ සඳහා ලොකුම ‍බාධකය වු උදුල් ප්‍රේමරත්න ට, පේරාදෙණිය දන්ත වෛද්‍ය පිඨයේ උපාධිය පවා අවසන් කර ගත නොහැකි විය. සංජීව බණ්ඩාර හා නජිත් ඉන්දික උදුල් ගේ මාවතේම ගිය අතර, වැඩියෙන්ම කඳුළු ගෑස් කාපු නායකයා සංජීව විය හැකිය.

 

image 1494953565 25bc4bd0a0
යහපාලන සමයේ (2015 -2018) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බහුතරයක් ආපසු හැරවූයේ ලහිරු වීරසේකර ගේ නායකත්වයයි.

කාලයෙන් කාලයට වෙනස්වන ජාතික සහ සමාජීය අවශ්‍යතාවයන් අනුව අධ්‍යාපන ක්‍රමය හැඩගස්වා ගැනීමට ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ’ සිදු කරනු ලබයි. කන්නංගර, බණ්ඩාරනායක, බද්උදීන් මොහොමඩ්, ඊරියගොල්ල, රනිල් වික්‍රමසිංහ, වී.ජ.මූ., රිචඩ් පතිරණ, එස්.බී.දිසානායක, තාරා ‍ද මෙල්, මහාචාර්ය තිලෝකසුන්දරී කාරියවසම්, ප්‍රේමදාස උඩගම, බෝගොඩ නම් හා ලංකාවේ ප්‍රතිසංස්කරණ බැදී ඇත. මේ එකක ප්‍රතිපත්තියක් වත් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූයේ නැත.

ජනාධිපතිතුමා ‘බාධා කරන්න එපා යැයි කියන නමුත්, ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට’ බාධා කරන්නේ කවුද? කියන්නේ නැත

 

 

ඉතිහාසය පුරා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට බාධා කළ ‘රුසියන් නවකතා පාඨක සමාජය’ මෙවරත් ප්‍රතිසංස්කරණයන්ගේ හතුරන් වනු ඇති ද? පැහැදිලි නැත.

ප්‍රතිසංස්කරණ යෝජනා ආරම්භ වූයේ, 2019 යහපාලන සමයේ දී ය. එය ඉදිරියට ගෙන ගෙන පීල්ලට දැම්මේ 2020 ජාතික අධ්‍යාපන ආයතනයට බාර වූ (හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්) ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ය. මහාචාර්ය උපාලි සේදර, ආචාර්ය දර්ශන සමරවීර, රංජිත් පද්මසිරි යන නිලධාරීන් සමඟ එහි බර අදිනු ලැබූ පුද්ගලයින් ය.

2020 ජූනි 6 සහ 7 දෙදින මේ සඳහා තීරණාත්මක ප්‍රවේෂ වැඩසටහනක් දියත් විය. එහි දී, ස්ලයිඩ් 561 ක ලියවිල්ලක් ඉදිරිපත් කළ අතර, අද සාකච්ඡාවට බදුන් වන ‘2025 අධ්‍යාපන ප්‍රතිපත්ති පත්‍රිකාව සකස් කිරීම’ ඇරඹිණි.

 

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

කන්නංගර ශ්‍රීමතානන් විසින් ආරම්භ කළ ‘නිදහස් අධ්‍යාපනය’ විවිධ යුග පසු කර ඇත. එයින් වැඩිම අවධානය යොමු කරනු ලැබූ 1984 රනිල් ගේ ‘ගිණි තැබූ ධවල පත්‍රිකාව’ නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ට පාදක ලියවිල්ලයි.  එහි පදනම කියවීම (Reading),  ලිවීම (wRiting), (අංක ගණිතය) aRithmetic යන මුලිකාංග යන්නට අමතරව, ඉගෙනුම් කුශලතා (Learning skills), සාක්ෂරතා කුශලතා (Literacy Skills), ජීවන කුශලතා (Life Skills) ඇතුලත් කිරීමයි.

2001 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් කුශලතා වර්ධනය පාසල් හා විශ්වවිද්‍යල පද්ධතියට ඇතුලත් කෙරුණි.  තාක්ෂණික ආයතන, වීටීඒ, ආධුනිකත්ව මණ්ඩල ආදී වශයෙන් තාක්ෂණික අධ්‍යාපනය පුළුල් කෙරුණි. අති දැවැන්ත මුදලක් අධ්‍යාපනයට හා විශ්විවිද්‍යාල වෙත පොම්ප කිරීම ද, පශ්චාත් උපාධිධාරීන් වැඩි වශයෙන් බඳවා ගැනීම ද එමගින් ඇරඹිණි.

neville
එයින් පසුව, අධ්‍යාපන කර්මාන්තයට පුද්ගලික අංශයට ඇතුලත්වීම සඳහා අවස්ථාව ලබාදීමට 2012 දී එස්.බී.දිසානායක සහ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න විසින් විශාල කාර්ය භාරයක් සිදු කළේය. නෙවිල් ප්‍රනාන්දු වෛද්‍ය විද්‍යාලය බිහිවීම එහි ප්‍රතිඑලයකි. සා.පෙ., සහ උ.පෙ. තුලින් අධ්‍යාපන පද්ධතියෙන් ඉවතට විසිවෙන පිරිසට ඉඩස සැලසීම එහි ප්‍රමුඛ කාර්යයක් වූවේය. එම අරමුණු සඳහා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හා අන්ත‍රය දැක්වූ ප්‍රතිචාර අතිශයින් කර්කශ  වූවේය.

කියවීම, ලිවීම, අංක ගණිතය සහිත අධ්‍යාපනය ‘ස්ථාවර දුරකතනයකි’.  කුශලතා වර්ධනය සහිත (2001) ක්‍රමය මැසේජ් එකක්, දත්ත ටිකක් හුවමාරු කළ හැකි සීඩීඑම්ඒ දුරකතනයකි. නමුත්, අද රටට අවශ්‍ය ‘ඔුල් ඔප්ෂන් ජංගම’ දුරකතනයකි,  යැයි 2022 සුනිල් ජයන්ත ගේ පවර් පොයින්ට් එකේ ඇත.  අද ‘කිසිවෙකුත් ස්ථාවර දුරකතන ගන්නේ නැත. අවශ්‍ය වන්නේ ජංගම දුරකතනයක් මෙන් වූ ස්මාර්ට් අධ්‍යාපනයකි.

මෑත ඉතිහාසයේ අධ්‍යාපන

පාසල් වැසීම සහ 'නිදහස් අධ්‍යාපනය' ගැන නොසොයන කතා | කුසල් පෙරේරා
21 වන සියවසට සහ විවිධ ක්ෂ්ත්‍රවලට ගැළපෙන මානව ප්‍රාග්ධනය (21 CHC) ලෙස වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2022 දි සැලසුම් කරන අවස්ථාවේ දී කියවීම, ලිවීම, අංක ගණිතය, ඉගෙනුම්, සාක්ෂරතා, ජීවන කුශලතා යන මුලික කරනුවලට අමතරව,  චරිත සංවර්ධනය (character development) හා පුරවැසිභාවයත් (Citizenship) ඉතාම වැදගත් වන ස්වයං දිශානුගත ඉගෙනුම්කරුවෙකු/අඛණ්ඩව යාවත්කාලීන වන පුද්ගලයෙක් (self directed learner) බවට සිසුන් පත් කිරීමත් ඉලක්ක ගත කරනු ලැබීය.

ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රමුඛව අධ්‍යාප අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, විභාග දෙපාර්තමේන්තුව සහ තවත් ආයතන 16 ක් පමණ එක් වී සකස් කළ ‘නූතන 2025 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ’යන් හි කාලීන, විද්‍යාත්මක හා උගත් පාඩම් ඇසුරේ සකස් වූ ‘ග්‍රීන් පේපරේ’ එයයි.

බොහෝ දෙනා දන්නා ආචාර්ය දර්ශන සමරවීර ජවිපෙ මුලයන් විශ්වාස කළ නිලධාරියෙකි. මේ අවසන් ලේඛන සැකසීමේ දී ඔහු ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කළේය.

මේ ක්‍රියාවලිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව රජය වෙත ඩොලර් මිලියන 400 ක මුදලක් ලබාදුන්නේය.  එයින් තවත් මිලියන 125 කට ආසන්න මුදලක් ඉතිරිවී ඇත.

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා  ගමගේ )

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි ‘දකුණු කඳවුරේ’ නූතන ගෝලීය චින්තනය හා බැඳී ඇත. මේ ප්‍රතිසංස්කරණ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යුනෙස්කෝව, යුනිසෙෆ් හා එකට බැඳුණු ලෝක අධ්‍යාපන තත්වයන් හා සමගාමී එකකි. සරළවම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී එයට ප්‍රතිවිරුද්ධ ‘ගංකබර’ චින්තනය අතික්‍රමණය කළ එකකි.

එය ජනාධිපතිවරණය හා මහා මැතිවරණය ඉලක්ක කර ජාතික ජනබලවේගය වෙනුවෙන් නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු කණ්ඩායම ලියූ ‘අධ්‍යාපනය - ගුණාත්මක අධ්‍යාපනයක් ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙක්’ ඉක්මවා ගිය තත්වයකි. සැබවින්ම, ජාජබ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ‘ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙක්’ කොටස එන්නේ ම ‘සුනිල්, උපාලි, රංජිත් ලියූ ‘පුරවැසිභාවය’ කොටසිනි.

යෝජිත ප්‍රතිසංස්කරණ ජාජාබ ප්‍රතිපත්ති සමඟ ගැටෙනවා ද?

අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව හැර අන් සියල්ලම පෞද්ගලිකරණය කළ යුතුයි - (මහිම  සුජීව ගමගේ)
සැබවින්ම ජාජබ අධ්‍යාපන ප්‍රතිපත්තිය ලෙස ඉදිරිපත් වූයේ, තැනින් තැනින් උපුටා ගන්නා ලද ප්‍රතිපත්ති සම්පිණ්ඩනයකි. එය ‘කුමන සංකල්පයක් මත පදනම්ව ඇති ද, යන්න විමසීම අධ්‍යාපනඥයින්ගේ කාර්යයකි.  

නමුත්, උපාලි - දර්ශන - රංජිත් පද්මසිරි ලියා ඇති ප්‍රතිසංස්කරණ මේ සියල්ල ඉක්මවා ගිය ‘ජාතික අවශ්‍යථාවයන් නියෝජනය කරන’ ප්‍රමුඛ පූර්ණ අධ්‍යයනයකි. පුළුල් සම්පත් දායකත්වයක් සහිත ‘ග්‍රීන් පේපර්’  (අවසන් ලේඛනයට පෙර ලේඛනය) කි.

ගැටෙන්නේ කවුද?

යෝජිත ප්‍රතිපත්තිය 1982 සිටම, අන්තරේ නැතිනම් එදා ජවිපෙ ශිෂ්‍ය සංගමයේ මුලිකාංග සමඟ මුල සිට අඟට සෑම අනු සිරස්තලක් පාසාම ගැටුණේය.  

 

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා  
අද ඉදිරිපත්ව ඇති ප්‍රතිසංස්කරණ, ඩී.එම්.ආනන්ද ප්‍රමුඛ කණ්ඩායම විසින් ගිණිතබා විනාශ  කළ ‘ධවල පත්‍රිකාව’ මෙයට වඩා අතිශයින් වාමාංශික ‘රාජ්‍ය කේන්ද්‍ර අධ්‍යාපන’ වෙනසකි. ඉතිහාසය ඉවත් කළ නොහැකිවා පමණක් නොව, සිසුන් 50 ට අඩු පාසල් 1500 වසා දැමීම ද කළ නොහැකි වැඩකි. නොකළ යුතු වැඩකි.  

අන්තරේ නායකයින් වූ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ගුණපාල ගජනායක, එච්.බී.හේරත්, ජ පුර - අමරසිරි, නිමල් බාලසූරිය, අතුල සේනාරත්න, රංජිදම් කුණරත්නම්, මව්චාගම සේනාරත්න, සරත් එදිරිසූරිය, වෙනුර එදිරිසිංහ, උදේනි දිසානායක වැනි නායකයින් පරාජය කිරීම කිරීමට ජීවිතය නොතකා කටයුතු කළේ මෙවැනි ප්‍රතිසංස්කරණ ය.

වසර 30 කට වැඩි කලක් ශිෂ්‍ය ව්‍යාපාරයේ කතා, ඉල්ලීම් හා අරගල මම දැක ඇත්තෙමි. උදුල් ප්‍රේමරත්න, මුදලිගේ, චමීර කොස්වත්ත, දුමින්ද නාගමුව, සංජීව බණ්ඩාර, ළහිරු වීරසේකර  සෑම විටම අරගල කළේ ‘අධ්‍යාපනයේ මේ වෙනස’ ඇති කිරීම වැලැක්වීමට ය.

රජය විකල්ප අන්තරයක් බිහි කරන්නේ ම මේ ගැටුමට මුහුණදීම සඳහා ය.

 

අධ්‍යාපනය' ගැන තබා 'ගුරුවරු' ගැන ද නොදන්නා ගුරු සංගම් නායකයෝ | කුසල් පෙරේරා

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය කේෂ්ත්‍ර අතර ඉහළම තැන ‘ගුරුවරුන්ට - අධ්‍යාපන වෘත්තිකයින්ට’ හිමි වේ. මාතලේ මන්ත්‍රීවරුන් පහෙන් හතරක්ම ගුරුවරුන් ය.

දැනටම ටියුෂන් ගරුවරුන් ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කර ඇත. නමුත්, රජයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ මේ දක්වාම සාකච්ඡා කර නැති බව ගුරු නායක ජෝෂප් ස්ටාලිං පවසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ ද සාකච්ඡා කර නැති නමුත් රත්නපුරේ දරුවන් හා සාකච්ඡා කර ඇත!



අනෙක් අතට, දක්ෂිනාංශක ආණ්ඩුවකට කිසිම දවසක සිසුන් අඩු පාසල් වසා දැමීම වැනි විප්ලවීය වෙනස්කම් තබා, පොකුරු පාසල්, පර්ශද පාසල් වැනි කලමනාකරණ මුලිකාංගයක් පවා ක්‍රියාත්මක කිරීම පහසුවූයේ නැත. පහසුකම් ගාස්තු එකතු කිරීමට ද විරෝධය එල්ල විය.  පශ්චාත් උපාධි පාඨාමාලා පවා විරෝධයට හේතු විය.  කොතලාවල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට වසා දැමීමට තීරණය වූයේ ද, මේ මානසිකත්වය නිසාමය.

කෙසේ නමුත්, අද අනුර කුමාර ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට තවම ‘වැඩ වර්ජන’ නැත. 2/3 ඉල්ලන්නේ ද නැත. ශිෂ්‍ය සමිති සමඟ එක් වී රැකියා විරහිත කණ්ඩායම් උද්ඝෝෂණ කරන්නේ ද නැත.

 

ගුරු සිත රිදිලාද? -මහාචාර්ය චරිත හේරත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට විරෝධයක් එල්ල විය හැකි කණ්ඩායම් කිහිපයකි.  පළමුව, ‘ගුරු ගීතය’ අධ්‍යාපන මොඩලය වත්මත් විශ්වාස කරන ‘රුසියානු නවකතා පාඨක සමාජය’, දෙවනුව ‘පෙරටුගාමීන් විසින් මෙහෙයවන අන්තරය’, තුන ‘පුද්ගලික පන්ති - ටියුෂන් ගුරුවරුන්’ ය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් 2022 ඇරඹි ප්‍රතිසංස්කරණයන් සඳහයා ප්‍රතිපත්තිමය විරෝධයක් දක්වා නොමැති අතර, ප්‍රායෝගික ක්‍රියකාරකම් සම්බන්ධයෙන් පමණක් විසම්මුතියන් ඇති විය හැකිය.

රනිල් යුගයේ මේ ප්‍රතිසංස්කරණ ආවේ නම්, කෝ මගේ හතුරෝ? කියන මොහොතේ ‘රුසියානු නවකතා පාඨක සමාජය -- ගුරු ගීතයේ දරුවෝ’ මේ ලියවිල්ලටම එරෙහි විය හැකිව තිබුණි. පෙළපාලි ගුරු වැඩවර්ජන ඇතිවිය හැකිව තිබුණි.

අද අනුර කුමාර ජනපතිතුමා කෝ මාගේ හතුරෝ? යැයි යුද්ධයකට ගැසූ නමුත්, කිසිවෙකුත් තවමත් යුද්ධ ප්‍රකාශ කර නැත.

 

එහි උපරිම වාසිය ගෙන ‘නූතන අවශ්‍යතාවයන් ට ගැලපෙන’ ලෙස අධ්‍යාපනය වෙනස් කළ යුතුව ඇත. එයට පෙර පුරප්පාඩු සඳහා වහා ගුරුවරුන් බඳවා ගත යුතුව ඇත. 6% කෙසේ නමුත්, 4% ක්වත් අධ්‍යාපනයට දිය යුතුව ඇත. තැටිය රත්වී ඇති විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රොටිය පුච්චා ගැනීම ජාතික අවශ්‍යතාවයකි.  

රජ‍ය දැන්වත් 'දෙව් ලොව හෝ අපාය' තෝරාගත යුතු ය | රජිත් කීර්ති තෙන්නකෝන්(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka
rajith_tennakoon@yahoo.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...