The Leader News
BREAKING
Top Ad
Opinion

නූතන තරුණයා සහ තරුණිය ලෝකය දකින්නේ තමාගේ පුද්ගල ස්වරූපයෙනි..| එරන්ද ගිනිගේ

T

The Leader Desk

August 13, 2025 • 6:18 AM

නූතන තරුණයා සහ තරුණිය ලෝකය දකින්නේ තමාගේ පුද්ගල ස්වරූපයෙනි..| එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශාල වීදුරු බිත්ති තුළින් ඇතුළේ ක්‍රියාවලිය එළියට පෙනෙන ආකාරයට ඒවා සකසා ඇත.
  • විශේෂයෙන් ම සතියෙන් දෙකෙන් සුදු වෙන, කෙට්ටු වෙන, උස යන, දික් වෙන, තද වෙන නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බව පෙනේ.
  • සාමාන්‍යයෙන් ගෝලීය උතුරේ සමාජ ප්‍රවණතාවයන් ගෝලීය දකුණට එන්නට වසර තිහක් පමණ ගත වන බව කලකට පෙර අපි ඉගැන්නුවෙමු.
  • නමුත් ඇමරිකානු සමාජයේ මෙයට වසර දහයකට පහළොවකට පෙර තිබූ ලයිපෝ සක්ෂන් සහ ප්ලාස්ටික් සැත්කම් උන්මාදය ලංකාවට ඒ ආකාරයට ප්‍රචලිතව පැමිණෙන්නේ දැන් බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විශාල වීදුරු බිත්ති තුළින් ඇතුළේ ක්‍රියාවලිය එළියට පෙනෙන ආකාරයට ඒවා සකසා ඇත. මේ වෙමින් තිබෙන්නේ කුමක් ද?

 

පියුමි හංසමාලි

ලංකාව දැන් පැමිණ සිටින්නේ පුද්ගල ස්වරූපකාම සමාජයකට ය. මෙය පෙර නොදුටු තත්ත්වයකි. දැන් ලංකාවේ පාරිභෝගිකයා වැඩිපුර වියදම් කරන්නේ තමන්ගේ රූපය වෙනස් කර ගැනීම වෙනුවෙනි. පියුමි හංසමාලි වැන්නවුන්ට හම සුදු කරන ක්‍රීම් අධික මිලකට විකිණිය හැකිව තිබෙන්නේ ඒ නිසා ය. ඔබ ව්‍යවසායකයෙකු නම් කළ යුත්තේ වහා ම මෙම වෙළඳපොළට අවතීර්ණ වීම ය. තමන්ගේ රූපය වෙනුවෙන් දැන් ලාංකික තරුණ තරුණියන් ඕනෑම මුදලක් වියදම් කිරීමට කැමති ය. විශේෂයෙන් ම සතියෙන් දෙකෙන් සුදු වෙන, කෙට්ටු වෙන, උස යන, දික් වෙන, තද වෙන නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බව පෙනේ. 

සාමාන්‍යයෙන් ගෝලීය උතුරේ සමාජ ප්‍රවණතාවයන් ගෝලීය දකුණට එන්නට වසර තිහක් පමණ ගත වන බව කලකට පෙර අපි ඉගැන්නුවෙමු. එම කාලය ක්‍රමයෙන් කෙටි වී තිබේ. නමුත් ඇමරිකානු සමාජයේ මෙයට වසර දහයකට පහළොවකට පෙර තිබූ ලයිපෝ සක්ෂන් සහ ප්ලාස්ටික් සැත්කම් උන්මාදය ලංකාවට ඒ ආකාරයට ප්‍රචලිතව පැමිණෙන්නේ දැන් බව පෙනේ.

 

narsis
නොඑසේ නම් මෙය ඉන්ස්ටග්‍රෑම් ආචරණය විසින් නිර්මාණය කළ කල්පිත පෞරුෂ සමාජය විය හැකි ය. එනම් බාහිර රූපය පිළිබඳ ආන්තික ප්‍රමිතීන් නොනවත්වා බැලීමෙන් ඒවා උපාදානය වී හැදුණු සමාජයක එම කල්පිත ආදර්ශ බවට රූපාන්තරණය වීමට දඟලන මිනිසුන් දැන් බිහි වී තිබේ.

ලංකාව ඊළඟ දශකය තුළ බෙහෙවින් “සුදු-ලස්සන” මිනිසුන්ගේ පාරාදීසයක් වනු ඇත. සිංහලයන් මේ තරම් සුදු වෙන්න හදන්නේ ඇතැම් විට ඔවුන්ගේ ආදිතමයන් සුදට බර හමක් සහිත ආර්යයන් වූ නිසා විය හැකි ය. කොහොමත් සිංහලයා සුදු වුවහොත් ඔවුන් හා යුරෝපීයයන් හෝ නූතන උතුරු ඉන්දියානුවන් හෝ අතර බාහිර වෙනසක් නැති තරම් ය. නහය කට මුහුණ ආකෘති බොහෝ සෙයින් සමාන ය. එයට හේතුව වන්නේ ඔවුන් පැවත එන්නේ එක මුල් ගෝත්‍රයකින් නිසා ය.

hotelimage

නමුත් මා සිතන්නේ ඒවාට වඩා ප්‍රබල මානසික ආතතියක් මෙම නව ස්වභෝගිකවාදය එළවන බව ය. ඒබ්‍රහම් මාස්ලෝව්ගේ අවශ්‍යතා න්‍යායෙන් ඔබ්බට ගිය ක්ලේටන් ඇල්ඩර්ෆර් කීවේ ඉහළ අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වන විට පුද්ගලයා ක්‍රමයෙන් ඊට පෙර අවශ්‍යතාවයන් ම වැදගත් ලෙස දකිමින් ඒවා ම සපුරා ගැනීම ට උත්සාහ දරන බව ය. උදාහරණයකින් කිව හොත් රැකියාවක් කරන තරුණයෙකු ගන්න. ඔහු පළමුව උත්සාහ ගන්නේ ලස්සන ඇඳුම් ඇඳීමට ය. කොණ්ඩය ලස්සනට පීරා ඇතැම් විට මූණත් ටිකක් සුදු කර ගන්නට ය. නමුත් ඔහු සැත්කම් කරන්නට යන්නේ නැත. ක්‍රීම් එකකින් සෑහේ. එම අවශ්‍යතාවය සපුරා ගත් පසු ඔහු සිහින දකින්නේ කාර් එකක් ගන්නට ය. නමුත් වසර කිහිපයක් උත්සාහ කළත් කාරයක් මිලට ගැනීමට ඔහුට නොහැකි වේ. අවශ්‍යතාවය තැවේ. එවිට සිදු වන්නේ කාරයට ඇති අවශ්‍යතාවය හීන වී ඊට පෙර තිබූ ලස්සනට ඇඳීමේ අවශ්‍යතාවය ම නැවත වඩාත් වැඩියෙන් ඉස්මතු වීම ය. දැන් එය පෙරට වඩා තීව්‍ර හෙයින් ඔහු ජිම් එකට යයි. කායවර්ධනය කරයි. බොඩිය පෙනෙන්න ඇවිදියි. ටැටූ ගසයි. සෙල්ෆි ගසයි. එයිනුත් සැහීමකට පත් නොවන ඔහු ප්ලාස්ටික් සැත්කම් කරයි. ලංකාවේ තාරුණ්‍යය දැන් තිබෙන්නේ මෙතන ය.

mirrors

 

ලංකාව මෙයට වඩා ආර්ථික නිෂ්පාදන වශයෙන් මහලොකු දියුණුවක් ලබන්නේ නැත. කොහොමත් ලෝකය ම දැන් එක තැන පල්වෙමින් තිබේ. ලංකාවේ ඉහළ ම ආර්ථික වර්ධනය මහින්ද රාජපක්ෂ යුගයේ ඇති වී නැති වී ගියේ ය. දැන් සමාජය වෙනස් ම කාමභෝගී සමාජයකි. මෙම සමාජයට කාර් හෝ තට්ටු දෙකේ ගෙවල් හෝ උසස් රැකියා හෝ අවශ්‍ය නැත. නූතන තරුණයා සහ තරුණිය ලෝකය දකින්නේ තමාගේ පුද්ගල ස්වරූපය මගිනි. එනම් ඔවුන්ගේ ඇස් ඉදිරියේ සෑම විටම කැඩපතක් තිබේ. ඔවුන් බලන බලන අත පෙනෙන්නේ ඔවුන් ම ය. ධර්මය අපට මග වේවා!

eranda. ginige
(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

 


සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 අගෝස්තු 13
eranda.ginige@gmail.com


අවතරණය නවකථාව තුළ මෙම පුද්ගල අවශ්‍යතාවයන් සහ ඒවා සපුරා ගැනීමට නොහැකි වීමේ අර්බුදයට මුහුණ දෙනා චරිත ඔබට හමු වනු ඇත. ළඟම ඇති සරසවි පොත් මැදුරෙන් මිල දී ගන්න.


529879689 10163362185531171 4675649329563211780 n

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නූතන තරුණයා සහ තරුණිය ලෝකය දකින්නේ තමාගේ පුද්ගල ස්වරූපයෙනි..| එරන්ද ගිනිගේ | The Leader