ඕනම වයසකදි මනුස්සයෙක් ස්වභාවිකව හෝ අනතුරකින් මැරෙන්න පුළුවන්. ඒකෙ යුක්තිය අයුක්තිය මිනිස් සමාජයට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපරාධ නොකළ මිනිස්සුත් මැරෙනවා.
මනුස්සයෙක් කළ වැරදිවලට සාධාරණ නඩු විභාගයකින් යුක්තිය ඉටු කරන්න බැරි වුනා නම් ඒක ඒ මිනිස් සමාජයේ අසමත්කමක් විදිහට බාරගන්න ඕන. නැතුව ඒ මිනිහා නිකං මැරෙනකං බලන් ඉඳලා ඒ ගැන ආඩම්බර වෙන එකේ තියෙන්නෙ හිරිකිත බෙලහීනකමක්. ස්වභාවික මරණයක් බාරගන්න වෙන්නෙ නිදොස් කොට නිදහස් කිරීමක් විදිහට කියලයි මට හිතෙන්නෙ.
පසුලිවීම;

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




