The Leader News
BREAKING
Top Ad
Opinion

පැනික් බයියෝ සහ චූන් කොල්ලෝ | එරන්ද ගිනිගේ

T

The Leader Desk

September 8, 2025 • 8:43 AM

පැනික් බයියෝ සහ චූන් කොල්ලෝ | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ඔවුන් එම ජයග්‍රහණය ඔවුන්ගේ කර ගැනීමට නොදනී.
  • ඔවුන් නොදමන්නේ නාමල් වැසිකිලියට යන එක පමණී.
  • ඒවා දකින ජනතාවට හිතෙන්නේ නාමල් හෙන ආතල් එකේ ඉන්නා බවය.
  • විශේෂයෙන් ම රටෙන් බාගයකට වඩා පවුල් හරි හැටි නොකා නොබී ජීවත් වන විට, සතුටින් සිටින මිනිසුන් කෙරෙහි ඔවුන් තුළ වෛරයක් ඇති වීම ස්වභාවික ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඔවුන් එම ජයග්‍රහණය ඔවුන්ගේ කර ගැනීමට නොදනී. තමන්ගේ ජයග්‍රහණයටත් රාජපක්ෂලා ගාවා ගනී. අවසානයේ වෙන්නේ එම ජයග්‍රහණයේ වාසිය පැත්තකට වී රාජපක්ෂලාට වැඩිපුර මාධ්‍ය අවකාශය ලැබීම ය. හරියට ගත්තොත් එය අපට වාසියකි. ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවතාවෙ ම ජයග්‍රහණය කළේ තමන් වෙත එන එවැනි සෘණාත්මක අවදානය හැකි තරම් උපරිමයෙන් පවත්වා ගැනීමෙනි.

නමුත් අපට එන එම වාසියෙන් උපරිම ඵල නෙලා ගැනීමට නොහැක්කේ අපේ පැත්තේ සිටින පැනික් බයියන් නිසා ය. ඔවුන් සුළු දෙයකින් පවා වහා කලබලයට පත් වේ. ඔවුන්ට තිබෙන්නේ ඉතාම දුර්වල විශ්වාසයකි. නාමල් රාජපක්ෂට චෝදනාවක් එල්ල කළ විගස ම ඔවුන්ට නාමල්ව එපා වේ. පොහොට්ටුවත් එපා වේ. තුන් ලෝකයම එපා වේ. සියල්ල එපා වේ. නිලන්ත සත්සර ගමගේ, මනෝජ් විජේසේකර සහ මහින්ද පතිරණ වැනි අතලොස්සක් හැරෙන්න අනෙක් ෆේස්බුක් බයියෝ බහුතරය එවැනි පැනික් බයියන් ය.

සුනිල් වටගල මාධ්‍ය සාකච්ඡාවක් තබා නාමල්ගේ පින්තූර පෙන්වමින් කළ සංදර්ශනය සැබැවින්ම ඔවුන්ට අවාසිදායක ය. එය හරියට බස් එකේ යන විට ඔබගේ පොකට් එකට විද්ද හොරා, සියලු දෙනාට පෙර “හොරෙක්… හොරෙක්…” කියමින් දිවීම වැනි ය. කුල්ල කුජීත වෙන්න පැරදී හොම්බ බිම ඇනී රීම් එකෙන් යන පොහොට්ටුව සමග අන්තර්ජාතික කුඩු ජාවාරම්කාරයන් වැඩ කරනවා යැයි කීම අන්තිම ගොන් කථාවකි. සාමාන්‍ය දැනුම තිබෙන මිනිස්සු එය පිළිගන්නේ නැත. එයින් වෙන්නේ සුනිල් වටගල සහ ආණ්ඩුව කෙරෙහිත් සැකයක් නිර්මාණය වීම ය. දැන් වෙමින් තිබෙන්නේ එයයි.

නමුත් නාමල්ගේ සෝබන වැඩකිඩ නිසා ඔහුටත් සැකය එල්ල වේ. නාමල්ගේ වටේ සිටින චූන් කොල්ලන් ටික දන්නේ එක දෙයකි. එනම් නාමල් යන එන කියන කරන සියල්ල සිය අතරැඳි ජංගම දුරකථනයෙන් රෙකොර්ඩ් කර සිංදුවක් දමා බුකියට දැමීම පමණී. ඔවුන් නොදමන්නේ නාමල් වැසිකිලියට යන එක පමණී. ඒවා දකින ජනතාවට හිතෙන්නේ නාමල් හෙන ආතල් එකේ ඉන්නා බවය. එයින් වෙන්නේ නාමල් ගැන ඊර්ෂ්‍යාවක් නැවත ජනතාව තුළ නිර්මාණය වීම ය. විශේෂයෙන් ම රටෙන් බාගයකට වඩා පවුල් හරි හැටි නොකා නොබී ජීවත් වන විට, සතුටින් සිටින මිනිසුන් කෙරෙහි ඔවුන් තුළ වෛරයක් ඇති වීම ස්වභාවික ය. නමුත් නාමල් ඉන්නේ ගිනි ගොඩක් උඩ ය. ආණ්ඩුව ඉන්නේ නාමල්ව සිර ගත කරන්නේ කොයි මොහොතේ ද කියා බලා ගෙන ය. ජනාධිපති වෙනවා තබා 2029 නාමල්ට ඡන්දය ඉල්ලන්න ඉඩ දුන්නොත් ලොකු දෙයකි.

 

කොහොමත් නාමල්ව සිර ගත කළොත් ඔය වටේ සිටින උන් එකෙකු පළාතේ එන්නේ නැත. ඒ නිසා ආසන්නත ම චෝදනාවට පිළිතුරු දීමට නාමල් ම තනිවම ඉදිරිපත් වීම හොඳ ය. එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රමය යි. ඔහුට එන සියලු චෝදනාවලට ඔහු සෘජුව මාධ්‍ය ඉදිරියේ පිළිතුරු දෙයි. හැමදාම චෝදනා එනවා නම් ඔහු කැමති ය. එවිට ඔහු හැමදාම ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වේ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් ගොල්ෆ් ගැසීමට හෝ බාල් නැටීමට නොයා යුතු ය. ඇමරිකාවේ ඒවාට ආස විශාල පිරිසක් සිටියත් ලංකාවේ දරිද්‍ර සනුහරේ ඒවාට කැමති නැත. එමෙන් ම එපමණින් නොනැවතිය යුතු ය. සුනිල් වටගල පාර්ලිමේන්තුවෙන් පිටත දී කළ එම චෝදනාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගත් ගත යුතු ය. දිස් ඉස් පොලිටික්ස්!

ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 සැප්තැම්බර් 7
eranda.ginige@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...