ඔහු මෙම අදහස් පළ කළේ CARBON TV Youtube නාලිකාව සමග ''අවතරණය'' කෘතිය පිළිබඳ කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් එරන්ද ගිනිගේ සඳහන් කළේ තමන් එම අත්දැකීම් අළලා කෘතියක් නොලිව්ව ද ගෝඨාභය රාජපක්ෂ, විමල් වීරවංශ ඇතුළු කිහිප දෙනෙක් අරගලයේ අත්දැකීම් අළලා කෘති කිහිපයක් ම රචනා කළ බවයි.
මෙම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ අපගේ පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය වන ඥානය එක් මොහොතක දී සත්‍ය යැයි මිනිස්සු පිළිගත් බවයි. නමුත් කාලයක් ගත වීමේ දී එය එසේ නොවන බව මිනිස්සු ම වටහාගත් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
ඒ සමග ම ''අවතරණය'' කෘතියෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දීප්ති පැවසුවේ ජාතිකවාදින්ගේ පරණ තාලයේ වැඩ අත්හැර නව මාවතකට පිවිසෙන ලෙස මෙම කෘතියෙන් ආරාධනා කර ඇති බවයි.
මතු පළ වන්නේ එරන්ද ගිනිගේ සහ දීප්ති කුමාර හුවමාරු කරගත් අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ රුවන් හපුආරච්චි විසිනි.
'අවතරණය' ලියන්න අරගලය පාදක වුණා - එරන්ද ගිනිගේ (වීඩියෝ)
T
The Leader Desk
September 9, 2025 • 6:03 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ CARBON TV Youtube නාලිකාව සමග ''අවතරණය'' කෘතිය පිළිබඳ කළ සාකච්ඡාවක දී ය.
- එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් එරන්ද ගිනිගේ සඳහන් කළේ තමන් එම අත්දැකීම් අළලා කෘතියක් නොලිව්ව ද ගෝඨාභය රාජපක්ෂ, විමල් වීරවංශ ඇතුළු කිහිප දෙනෙක් අරගලයේ අත්දැකීම් අළලා කෘති කිහිපයක් ම රචනා කළ බවයි.
- මෙම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ අපගේ පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය වන ඥානය එක් මොහොතක දී සත්‍ය යැයි මිනිස්සු පිළිගත් බවයි.
- නමුත් කාලයක් ගත වීමේ දී එය එසේ නොවන බව මිනිස්සු ම වටහාගත් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



