ඔහු මෙම අදහස් පළ කළේ History with Nirmal - youtube නාලිකාව තුළ අදහස් දක්වමිනි.
වැඩි දුරටත් අදහස් දක්වමින් නිර්මාල් දේවසිරි පවසන්නේ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබුව ද මෙම චෝදනාව ඉදිරිපත් කරන මහින්ද පතිරණ ඇතුළු පාර්ශ්වය ඊට අදාළ තොරතුරු නිවැරැදිව, නිශ්චිත සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වසරක් ඇතුළත දි මිලියන 450ක් වටිනා අති සුඛෝපභෝගී නිවසක් මිලදී ගෙන ඇති නම් එය බරපතළ චෝදනාවක් බව නිර්මාල් දේවසිරි යළිත් අවධාරණය කළේ ය.
කෙසේවුවද එම චෝදනාවට එරෙහිව නියෝජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇති තත්ත්වයක් තුළ අදාල සාක්ෂි ඉදිරිපත් කිරීමේ වගකීම මහින්ද පතිරණ වැනි තොරතුරු ඉදිරිපත් කළ පාර්ශවයන්ට පැවරෙන බවද නිර්මාල් අවධාරණය කරයි.
මතු පළවන්නේ මහාචාර්ය නිර්මාල් දේවසිරි අදාළ කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වන සම්පූර්ණ විඩියෝව යි.
සබැඳි පුවතක් :
'සිනමන් ලයිෆ් සුපිරි නිවස ගැන චෝදනාවට' එරෙහිව ඇමති වටගල CIDයට !




