The Leader News
BREAKING
Top Ad
Opinion

අධිකරණයේ අර්බුදය: අනුර, ඉතිහාසයේ කළු පැල්ලමක් වෙන්න එපා!

T

The Leader Desk

June 6, 2026 • 5:32 AM

අධිකරණයේ අර්බුදය: අනුර, ඉතිහාසයේ කළු පැල්ලමක් වෙන්න එපා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න උත්සහ කරමින් ඉන්න ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ අතරේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් මාස ගාණක් තිස්සේ පුරවන්නේ නැතුව හිස්ව තියාගෙන ඉන්නවා.
  • කරල්ලියද්ද විනිසුරුතුමා ගිය අවුරුද්දේ අග භාගයේ මියගියා.
  • අනුර සහ අගවිනිසුරුවරයාගේ හැසිරීම ගැන එතුමා බොහොම කණගාටුවෙන් හිටපු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සංදේශයට කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):


විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කරන්න හදන්නේ නඩු ඉක්මන් කරන්න නම් අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොලට ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීමක් නොදී මීට ටික දිනකට කලින් විශ්‍රාම යන්න ඉඩ හැරියේ ඇයි? විනිසුරු ගනේපොල මහේස්ත්‍රාත්වරයෙක් විදියට අධිකරණ සේවයට අවතීර්ණ වෙලා අභියාචනාධිකරණයේ අවුරුදු පහකට වැඩි කාලයක් සේවය කරපු විනිසුරුවරයෙක්.

මේ වෙනකොට අභියාචනාධිකරණයේ ඉන්න ජ්‍යෙෂ්ඨම විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසේ විශ්‍රාම ගැනීමට නියමිතයි. හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු නිර්දේශ කරලත් ජනාධිපති අනුර විනිසුරු ගුරුසිංහටත් ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීමක් දීල නැහැ.

 prithi padman

නමුත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ නිර්දේශය යටතේ, ජනාධිපති අනුර ගිය අවුරුද්දේ විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන වෙලාවේ අභියාචනාධිකරණයේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරු අට දෙනෙක් සිටියා. ඒ වෙලාවේ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨම විනිසුරු කරල්ලියද්ද හිටියේ අසාධ්‍ය රෝගයකින් පෙළෙමින්. කරල්ලියද්ද විනිසුරුතුමා ගිය අවුරුද්දේ අග භාගයේ මියගියා. අනුර සහ අගවිනිසුරුවරයාගේ හැසිරීම ගැන එතුමා බොහොම කණගාටුවෙන් හිටපු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සංදේශයට කියා සිටියා. ඒ විනිසුරුවරුන්ට මේ විදියට සලකන්න හේතුව මොකක්ද?

ඒ වගේම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකා නාවික හමුදාව සේවය කළ කාලය ගැන කිසිම වාර්තාවක් නැත්තේ ඇයි? ඒ තොරතුරු මේ විදියට රහසිගතව තියාගන්න විශේෂ හේතුවක් තියෙනවද?

අධිකරණ ක්ෂේත්‍රයේ මේ මොහොතේ මතුවී තියන අර්බුදය ගැන විශේෂ විමසුමක් පහත වීඩියෝවෙන් නරඹන්න.

(සටහන | සරෝජ් පතිරණ)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...