The Leader News
BREAKING
Top Ad
Opinion

විනිසුරු අභිමතය හා වගකීම | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 15, 2026 • 12:39 PM

විනිසුරු අභිමතය හා වගකීම | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාධිකරණ විනිසුරුවරයෙකු සාක්ෂි කූඩුවට කැඳවීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පසුගියදා වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් විය.
  • මෙම කැඳවීම සිදු කර තිබුණේ, සහන් මාපා බණ්ඩාර මහතා නුගේගොඩ දිසා විනිසුරුවරයා ලෙස සේවය කළ සමයේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන “ඩේසි ආච්චි” සම්බන්ධ නඩුවකදී දුන් නියෝගයක් ගැන කරුණු විමසීම සඳහාය.
  • නීතියේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ විනිශ්චයකරුවෙකු ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඔහුව අධිකරණයට කැඳවීමේ සිරිතක් නොමැති බවයි.
  • මෙම නියෝගය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිවේදීන් පිරිසක් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා සාක්ෂිකරුවෙකු ලෙස අධිකරණයට කැඳවීමට නියෝග කර තිබුණි. මෙම කැඳවීම සිදු කර තිබුණේ, සහන් මාපා බණ්ඩාර මහතා නුගේගොඩ දිසා විනිසුරුවරයා ලෙස සේවය කළ සමයේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන “ඩේසි ආච්චි” සම්බන්ධ නඩුවකදී දුන් නියෝගයක් ගැන කරුණු විමසීම සඳහාය.

නීතියේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ විනිශ්චයකරුවෙකු ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඔහුව අධිකරණයට කැඳවීමේ සිරිතක් නොමැති බවයි. යම් තීන්දුවකට එකඟ විය නොහැකි නම්, නීත්‍යානුකූලව කළ යුත්තේ ඊට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීම මිස විනිසුරුවරයා සාක්ෂි කූඩුවට කැඳවීම නොවේ.

මෙම නියෝගය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිවේදීන් පිරිසක් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවෙකු වශයෙන් නො කැඳවන බවට නීතිපතිවරයා සහතික වූ අතර, විනිසුරු උදේශ් රණතුංග දුන් නියෝගය නිවැරදි නො වන බව පිළිගනිමින් අභියාචනාධිකරණය විසින් එම විභාගය අත්හිටුවීමට තීන්දු කරන ලදි.

මෙම නඩුව පාදක කරගෙන පුරවැසියකු ලෙස විනිසුරු අභිමතය පිළිබඳ අදහසක් පළ කිරීමට සිතුවෙමි. එයට හේතුව, විනිසුරු අභිමතය යනු අසීමිත බලයක් ලෙස සලකන තත්වයක් ද දැකීමට හැකි වීමයි. එය පුරවැසියන්ට ප්‍රශ්න ඇති කරයි.

 

going to court
විනිසුරු අභිමතය (Judicial Discretion) යනු නීතියේ රාමුව තුළ සිටිමින් යුක්තිය ඉටු කිරීම සඳහා විනිසුරුවරයෙකුට ඇති නීත්‍යානුකූල නිදහසයි. එය අත්තනෝමතික බලයක් නොවේ.

අධිකරණය ඉදිරියේ විනිසුරු අභිමතය ප්‍රශ්න කිරීමට හෝ සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමට නොහැකි වීම යන්නෙන් අදහස් වන්නේ විනිසුරුවරයා නීතියට ඉහළින් සිටින බව නොවේ. අභිමතය යනු වගවීමකින් තොර කරුණක් නො වන බව අපගේ අදහසයි. විනිසුරුවරයෙකු සිය අභිමතය භාවිත කළ යුත්තේ පෞද්ගලික මත හෝ බාහිර බලපෑම් මත නොව, නීතිය සහ යුක්තිය පදනම් කරගෙනමය.

මෙම තත්ත්වය තුළ පහත දැක්වෙන කරුණු කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු විය යුතු බව අපේ අදහසයි. විනිසුරුවරයෙකුට නීතියෙන් ලැබෙන මෙම ස්වාධීනත්වය නිසි ලෙස භාවිත කිරීම සඳහා, එම අභිමතය නිවැරදිව ගොඩනැගෙන විධිමත් පුහුණුවක් විනිසුරුවරුන්ට ලබා දීම අත්‍යවශ්‍ය වේ.

විනිසුරුවරයෙකු යනු අතිශය වගකීම් සහගත පුද්ගලයෙකි. ඔහු හෝ ඇය සෑම විටම විෂමාචාරවලින් තොර, මහජන ගෞරවය දිනාගත් අයෙකු විය යුතුය.

r88hg
සමස්ත විනිසුරු සේවයම ඉහළ වෘත්තීය ප්‍රමිතියක් ප්‍රදර්ශනය කිරීම රටක නීතියේ ආධිපත්‍යය සුරැකීමට අත්‍යවශ්‍ය වේ.

මින් පෙර අප රටේ අසන්නට ලැබුණු අල්ලස් ගැනීම් වැනි නින්දිත සිදුවීම්වලදී වරදකරුවන් වන ඕනෑම විනිසුරුවරයෙකුට තරාතිරම නො බලා දැඩි දඬුවම් පැමිණවිය යුතු වන්නේ එහෙයිනි.

අවසාන වශයෙන්, ජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය කිසිවිටෙකත් පලුදු වීමට ඉඩ නො තැබිය යුතුය. අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම කොතරම් වැදගත් ද, ඒ හා සමානවම එම බලය හසුරුවන දෑත් පිරිසිදු සහ වගකීම් සහගත විය යුතුය.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...