The Leader News
BREAKING
Top Ad
Opinion

ස්පා වැටලීම හෙවත් කුහකබවේ ප්‍රදර්ශනය | චින්තන ධර්මදාස

T

The Leader Desk

June 21, 2026 • 4:24 PM

ස්පා වැටලීම හෙවත් කුහකබවේ ප්‍රදර්ශනය | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තලවතුගොඩ ස්පා වගයක් වැටලීමෙන් කාන්තාවන් හතලිස් ගණනක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ස්පා මුවාවෙන් ගණිකා සේවය ලබා දීම තමයි
  • ඒක ඉතාම ප්‍රගතිශීලී තත්වයක් බව කියන්න ඕන.
  • මේ තත්වය ඇතුලෙ නිතර පොලිසිය විසින් මේ ස්ථාන වැටලීම් කරනවා.
  • සදාචාරය ආරක්ෂා කරන බව කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වරදක් විදිහට මතු කරන්නෙ.

ලංකාවෙ නීතියෙන් ගණිකා සේවය වරදක් නෙමෙයි. ඒක ඉතාම ප්‍රගතිශීලී තත්වයක් බව කියන්න ඕන. නමුත් ගණිකා සේවය නැත්නම් ලිංගික ශ්‍රමික වෘත්තිය කළමනාකරණය කිරීම, සේවයේ යෙදවීම වරදක් වෙනවා. ඒ කියන්නෙ තමන්ගේ කැමැත්තෙන් කෙනෙකුට ලිංගික ශ්‍රමය ලබා දිය හැකි වුවත් එය ආයතනගතව හෝ ව්‍යාපාරයක් වශයෙන් හෝ පවත්වාගැනීමට අවකාශ නැහැ.

මේ තත්වය ඇතුලෙ නිතර පොලිසිය විසින් මේ ස්ථාන වැටලීම් කරනවා. කාන්තාවන් අත්අඩංගුවට ගන්නවා. සදාචාරය ආරක්ෂා කරන බව කියනවා. සමාජය ඉදිරියේ මේ රැකියාවෙ යෙදෙන කාන්තාවන් අසරණ කරමින්, අපහාසයට පත් කරමින්, තවත් පීඩනයට ලක් කරනවා.

ලිංගික ශ්‍රමය වෘත්තියක් හැටියෙන් පිලිගැනීමත්, එයට ව්‍යාපාරයක් වශයෙන් පැවතීමේ හැකියාව ලබාදීමත් කළ යුතුයි. රජයකට කිසිදු සදාචාරමය අයිතියක් නැහැ ලිංගික සේවා සැපයීමේ වෘත්තියක් තහනම් කිරීමට. එම සේවාවන් අවශ්‍ය බොහෝ පිරිසක් ඉන්නවා. සමාජයේ ලිංගික ආතතිය සමනය කිරීමටත්, පුද්ගල ආස්වාද කලාපයන් පවත්වා ගැනීමටත් එම සේවාවන් නීතිගත කිරීම වැදගත්.

ඒකට විරුද්ධ වන වාමාංශික නැඹුරුවක් ගන්නා ප්‍රගතිශීලීන් මතු කරන කාරණයක් තමයි මේවා තුල සිදුවන හියුමන් ට්‍රැෆිකින් කියන කාරණය. නැත්නම් සූරාකෑම කියන කාරණය. මේ කාරණා දෙකම ඇත්තටම පදනමක් නැති කතන්දර. යම් ව්‍යාපාරයකට වෘත්තීමය තත්වයක් ලබා දීම මගින් සිදුවෙන්නෙම මෙවැනි අසාධාරණ තත්වයන් වළක්වා ගැනීමයි. එයින් වෘත්තියේ යෙදෙන අයට වැඩි බලයක් සහ අයිතියක් ලැබෙනවා. නීතිමය රැකවරණයක් ලැබෙනවා. ලිංගික ශ්‍රමික වෘත්තිය හා සම්බන්ධ අවකල් ක්‍රියාවන්ට මූලිකම හේතුව වන්නේ එම වෘත්තිය අඳුරේ පවතින වෘත්තියක් වීමයි.

ලිංගික ශ්‍රමික වෘත්තිය කියන්නෙ කාන්තාවකට ලංකාවෙ විශාල මුදලක් උපයා ගත හැකි වෘත්තියක්. ඒ වගේම අද වෙනකොට එම වෘත්තිය කිසිදු රජයක උදව්වකින් තොරව ශිෂ්ටත්වය කරා බොහෝ දියුණුවක් ලබා තියෙනවා. නමුත් එම වෘත්තිය අතිශය අසීරු වෘත්තියක්. ප්‍රායෝගිකව ශරීරය මෙහෙයවා එම වෘත්තියේ යෙදීමේ වෙහෙසකර බව වගේම සදාචාරයේ අපවාදයේ සහ නීතියේ වෙහෙසත් ඔවුන් මත පැටවෙනවා. ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා.

මේ සියල්ලට කළ හැකි වඩාත්ම දියුණු විවෘත ශිෂ්ට විසදුම වන්නේ ලිංගික ශ්‍රමික වෘත්තිය අන් හැම වෘත්තියක් සමානවම ගරුත්වයකින් සහ නීතිමය පදනමකින් බාරගැනීමයි. කාන්තාවන් අත්අඩංගුවට ගැනීම වෙනුවට පාරිභෝගිකයන් අත්අඩංගුවට ගැනීම වැනි ක්‍රියාවන් වුනත් හිංසාකාරී අසාධාරණ ක්‍රියාවන්. එයින් අවසානයේදී සිද්ද වෙන්නෙ අර කාන්තාවන් වඩාත් අසීරු අප්‍රකට තත්වයන් යටතේ සේවා සැපයීමට සහ නැත්නම් තවත් පීඩිතව ජීවත් වීමට තල්ලු කිරීමයි.

අපි ඊනියා සදාචාරය පසෙකින් තියමු. ලිංගික ආස්වාදය විවෘත කලාපයක් බවට පත් කරමු. එහි යෙදෙන අයගේ ගරුත්වය සහතික කරමු. ලිංගික ශ්‍රමික වෘත්තිය නීතිමය පදනමකින් නිදහසේ කළ හැකි රැකියාවක් ලෙස පිලිගනිමු. අවශ්‍ය සෞඛ්‍ය නියාමනයන් මගින් රැකියාවේ යෙදෙන අයත්, සේවය ලබන අයත් ආරක්ෂා කරන්නට පියවර ගනිමු.

සැබෑ සදාචාර සමාජයක් යනු එයයි.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්පා වැටලීම හෙවත් කුහකබවේ ප්‍රදර්ශනය | චින්තන ධර්මදාස | The Leader