The Leader News
BREAKING
Top Ad
Opinion

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

T

The Leader Desk

July 19, 2026 • 11:32 AM

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් ජනාධිපති වී අයි.එම්.එෆ්. පළමු වාරිකය අනුමත කරගන්න දඟලද්දී ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවයේ ලොක්කා හොර රහසේ ලංකාවට ආවේය.
  • ලොක්කාට පැහැදිලි කිරීමක් කරන ලෙස කීවේය.
  • රනිල් හිතන්න ඇත්තේ ජවිපෙ බලයට එනවා කියා සී.අයි.ඒ.
  • ‘විජේවීර සී.අයි.ඒ.කාරයෙක්…’ 1970 දශකයේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ‘ඇත්ත’ පත්තරය මේ හෙඩ් ලයින් එක පළකරන විට රනිල් ජේ.ආර්.ගේ ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමැතිය.
අකුරු ප්‍රමාණය (Font Size):

රනිල් ඔහු හමුවීමෙන් පසු බුද්ධි අංශවලට ලංකාවේ තත්ත්වය ගැන සී.අයි.ඒ. ලොක්කාට පැහැදිලි කිරීමක් කරන ලෙස කීවේය. ඉදිරි ජාතික මැතිවරණයකදී වාමවාදී පක්ෂයක් වන ජවිපෙ බලයට ඒමට තිබෙන අවස්ථාව බුද්ධි අංශ ප්‍රධානීන් පැහැදිලි කළේය. බුද්ධි අංශ ප්‍රධානීන් එය පැහැදිලි කළේ රනිල්ගේ වුවමනාවට විය යුතුය. රනිල් හිතන්න ඇත්තේ ජවිපෙ බලයට එනවා කියා සී.අයි.ඒ. ලොක්කාව බය කළාම ඇමෙරිකාව රනිල්ව දිනවන්න උදව් කරයි කියා විය යුතුය.

11 1 11

‘විජේවීර සී.අයි.ඒ.කාරයෙක්…’

1970 දශකයේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ‘ඇත්ත’ පත්තරය මේ හෙඩ් ලයින් එක පළකරන විට රනිල් ජේ.ආර්.ගේ ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමැතිය. කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය විජේවීර සී.අයි.ඒ.කාරයෙක් කියලා කිව්වේ 1971 කැරැල්ල ගහපු වෙලාවේය. ඔවුන් කීවේ ලංකාවේ පළමුවරට මහජන ඡන්දයෙන් තේරී පත්වූ වාමාංශික සන්ධාන ආණ්ඩුව වට්ටවන්න විජේවීර කැරැල්ලක් ගැහුවේ සී.අයි.ඒ. වුවමනාවට කියාය.

image c8dc3f20c5

 

1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව විජේවීර කැරැල්ලක් ගහන වෙලාවේත් ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය පමණක් නොව විජය කුමාරතුංගගේ මහජන පක්ෂයත් කීවේ සෝවියට් හිතවාදී ඉන්දියාවේ මැදිහත් වීම සී.අයි.ඒ. නොඉවසන බවත්, ගිවිසුම කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුව සී.අයි.ඒ. විජේවීරට භාරදී ඇති බවත්ය.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවද විජේවීර පෙනී සිටියේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිවය. විජේවීර 1971 කැරැල්ලට තරුණ තරුණියන් ආකර්ෂණය කරගත්තේ චේගුවේරාව පෙන්නලාය. එකල ජවිපෙ වීරයා වූයේ චේගුවේරාය.

විජේවීර හිරෙන් නිදහස් වී ඇවිත් දෙවැනි විප්ලවයට තරුණ තරුණියන් ආකර්ෂණය කරගන්න පාවිච්චි කළේ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කොමෙයිනිවය. ඇමෙරිකානු රූකඩ ආණ්ඩුවක් වූ ෂාගේ ආණ්ඩුවට එරෙහිව කොමෙයිනි දියත් කළ විප්ලවය පන්නයේ විප්ලවයක් ගැන විජේවීර සිය දේශනවලදී කතා කළේය.

 

xfgdfser

විජේවීරගේ ඒ විප්ලව සාර්ථක නොවුණත් අද ලංකාව ආණ්ඩු කරන්නේ ජවිපෙය. පසුගියදා ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ දෙවැනි ආධ්‍යාත්මික නායක අලි කොමෙයිනි ඝාතනය විය. ඔහුගේ අවමඟුල පසුගියදා මහ ඉහළින් පැවැත්විණි. ඒ අවමඟුලට ලංකාවේ ජේ.වී.පී. ආණ්ඩුව නියෝජනය කළේ නියෝජ්‍ය කතානායකවරයාය.

පසුගියදා කටාරයේ එමීර්වරයා මරණයට පත්විය. කටාරය මැදපෙරදිග ඇමෙරිකානු පක්ෂපාතී රටක් ලෙස ප්‍රකටය. එමීර්වරයාගේ අවමඟුලට සහභාගි වෙන්න ලංකාවෙන් ගියේ අගමැතිනි හරිනිය.

‘ජවිපෙ ඒ තරමට ඇමෙරිකාවට බයද…?’

 

76i67inriujru
බයවෙන්න හේතුවක් නැත. ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයෙක් නොසිටි දීර්ඝතම කාලය මේ කාලයය. ඒත් ලංකාවට ප්‍රශ්නයකුත් නැත. ඇමෙරිකාවට ප්‍රශ්නයකුත් නැත. හේතුව දැන් ඇමෙරිකාවට ලංකාව ගැන බයවෙන්න දෙයක් නැත.

‘ඒ කියන්නේ ඇමෙරිකාව ජේ.වී.පී. ආණ්ඩුවට කැමැතිද..?’

ඇමෙරිකාව ලංකාව ගැන ඇහැ ගහගෙන සිටියේ රාජපක්ෂලා ලංකාව ආණ්ඩු කරද්දීය. එයට ප්‍රධානතම හේතුව රාජපක්ෂලා චීනයට පක්ෂපාතී වීමත් ජාත්‍යන්තර භූ දේශපාලනයේ ඇමෙරිකානු විරෝධී සන්ධානයේ හවුල්කරුවකු වීමත් නිසාය. ඇමෙරිකාව මෙය ඉවසුවේ නැත. 2015 තමාව පරාජයට පත්කළේ විදේශ බලවේග යැයි මහින්ද ප්‍රසිද්ධියේ කීවේ ඒ නිසාය.

2015 මහින්දව පරාජය කරන්න ඇමෙරිකාවට ලොකු වුවමනාවක් තිබුණේය. එහිදී ඇමෙරිකාවට ලොකුම බාධාව වුණේ රනිල්ය. හේතුව රනිල්ට දිනන්න බැරිවීමත් ඇමෙරිකා හිතවාදී යූ.ඇන්.පී.ය රනිල් විනාශ කර තිබීමත් නිසාය. ඒ වෙලාවේ ඇමෙරිකාවේ පිහිටට ආවේ ජවිපෙය. රාජපක්ෂවරු පරාජය කරන්න 2015 ජවිපෙ විශාල වැඩකොටසක් කළේ අපේක්ෂකයකු ඉදිරිපත් නොකරමින් ලංකාව වටේ වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් රාජපක්ෂලාව පතුරු ගහන ගමන් වහෙන් ඔරෝ භාෂාවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීව දිනවීමෙනි.

‘ඉතින් ඇමෙරිකාව 2024 ජවිපෙට සෙට් වීම පුදුමයක්ද…?’

 

Mangala Samaraweera, Minister of Foreign Affairs of Sri Lanka ( Concerned Country ) during of the 32nd session of the Human Right Council. 29 June 2016. UN Photo / Jean-Marc Ferré
නැත. ඇත්තටම ජවිපෙ සහ ඇමෙරිකාව අතර පාලම හැදුවේ මංගලය. 2015 ජනාධිපතිවරණයට අපේක්ෂකයකු නොදමන්න ජවිපෙ එකඟ කරවාගත්තේ මංගලය.

අනුර ජනාධිපති වීමෙන් පසු ඇමෙරිකාව අනුර ගැන ටෙස්ට් එකක් කළේය. ඒ අනුර චීන පර්යේෂණ නැව්වලට ලංකාවට ඇතුළු වීමට රනිල් පනවා තිබූ තහනම ඉවත් කරනවාද නැද්ද යන්නය. චීනය කොයි තරම් බලපෑම් කළත් අනුර ඒ තහනම ඉවත් කළේ නැත. අනුර ටෙස්ට් එකෙන් පාස් විය.

ඊළඟ ටෙස්ට් එක කළේ ඉරාන යුද්ධයේදීය. අනුරගේ ආණ්ඩුව ඉරානයට එල්ල කළ පහරදීම් හෙළාදැක්කේ නැත. දෙවැනි ටෙස්ට් එකත් පාස් විය.

දැන් ට්‍රම්ප් ලංකාව සහ ඉන්දියාව ඇතුළු දකුණු ආසියාව ගැන බලන්න එවලා තියෙන ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති ට්‍රම්ප්ගේ විශේෂ දූතයා සර්ජියෝ අනුරගේ මිත්‍රයාය. සර්ජියෝ ලංකාවට ඇවිත් කොළඹ වරාය වටේ රවුමක් ගිහින් දොඹකරවලට නැගලා වරාය තුළින් ඉන්දියානු සාගරය නිරීක්ෂණය කළේ ලංකාව ඇමෙරිකාවට අත්‍යාවශ්‍යම ආරක්ෂක මර්මස්ථානයක් බව දැනගෙනය.

 

56une57un67ur67mr68
‘ලෝකයේ තෙල්වලින් 75%ක් යන්නේ ලංකාවේ දකුණු මුහුදු තීරයට ආසන්නයේ. ලෝකයේ කන්ටේනර්වලින් හරි අඩක් යන්නේ ලංකාවේ සී ලයින් එකෙන්. ලංකාව ලෝක ආර්ථිකයට වගේම ඇමෙරිකාවේ ආරක්ෂාවටත් වැදගත් මර්මස්ථානයක්…’

මේ, පසුගියදා ලංකාවට ආ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර සහකාර ලේකම් කපූර් ඇමෙරිකානු විදේශ සබඳතා සෙනට් කමිටුවට කී කතාවය.

ඇත්ත කතාව නම් ඇමෙරිකාවට ලංකාව ගැන රසය ඇතිවෙලා තියෙන්නේ ඉරාන යුද්ධයත් සමගය. කලින් ලංකාව ගැන උනන්දු වූයේ චීන සෙල්ලම් මට්ටු කරන්නටය. ඒත් දැන් මැදපෙරදිග යුද්ධයකදී ඇමෙරිකාව ලංකාව දකින්නේ ඉන්දීය සාගරයේ ආරක්ෂක සම්පතක් ලෙසය.

ඉතින් ඇමෙරිකාවට අනුරව තරහා කරගන්න ඕනෑ නැත. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මානව හිමිකම් ගැන, මාධ්‍ය නිදහස ගැන දැන් ඇමෙරිකාවට වගේ වගක් නැත.

ඉතින් අනුර ඉරානයේ අවමඟුලට නියෝජ්‍ය කතානායක යවලා කටාර් අවමඟුලට හරිනි නොයවා ඉඳියිද?

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...