The Leader News
BREAKING
Top Ad
Opinion

විනිසුරු විශ්‍රාම වයස උසස් කිරීම ස්වාභාවික යුක්තිධර්මයට පටහැණියි: "හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්!" - ප්‍රවීණ නීතිඥ අනුර හෑගොඩ

T

The Leader Desk

July 23, 2026 • 6:46 AM

විනිසුරු විශ්‍රාම වයස උසස් කිරීම ස්වාභාවික යුක්තිධර්මයට පටහැණියි: "හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්!" - ප්‍රවීණ නීතිඥ අනුර හෑගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *පුරප්පාඩු 8ක් තබාගෙන සිටින අයගේ කාලය වැඩිකිරීමේ තර්කනය නීතිඥ හෑගොඩ ප්‍රශ්න කරයි
  • ආණ්ඩුවේ තර්ක සහ ඉන්දීය ආදර්ශය   අධිකරණවල පවතින අධික නඩු ප්‍රමාණය (Workload) කඩිනමින් අවසන් කිරීමටත්, විනිසුරුවන් සතු පරිණතභාවයෙන් වැඩි ප්‍රයෝජන ගැනීමටත් මෙම සේවා කාලය දීර්ඝ කිරීම උපකාරී වන බව රජයේ පාර්ශ්වය පෙන්වා දෙයි.
  • ඇමෙරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය වැනි රටවල විනිසුරුවරුන්ට වැඩි සේවා කාලයක් පවතින බවට කෙරෙන ප්‍රකාශයන් පිළිබඳව ද නීතිඥවරයාගේ අවධානය යොමු විය.
  • නඩු ප්‍රමාදය සහ පුරප්පාඩු නොපිරවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් පවතිද්දී, එම පුරප්පාඩු නොපුරවා දැනට සේවයේ සිටින අයගේ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීමේ තර්කනය ප්‍රශ්නකාරී බව නීතිඥ හෑගොඩ අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*නීතිඥ සංගම් සහ විනිසුරුවරුන්ගේ දැඩි විරෝධය හමුවේ ව්‍යවස්ථාපිත සංශෝධනය ජනමත විචාරණයකට යා යුතු බවට මත පළවෙයි


ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස හෙවත් සේවා කාලය දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට සූදානම් වන යෝජනාව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළත්, ජාත්‍යන්තර මට්ටමිනුත් දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලන්ඩනයේ වෙසෙන ප්‍රවීණ නීතිඥ අනුර හෑගොඩ පෙන්වා දෙන්නේ, මෙම ව්‍යවස්ථාපිත වෙනස්කම සිදුකිරීමට ආණ්ඩුව ඉදිරිපත් කරන තර්ක ප්‍රායෝගික නීතිමය පදනමකට පටහැණි බවයි.

ආණ්ඩුවේ තර්ක සහ ඉන්දීය ආදර්ශය

 

court in office 1

අධිකරණවල පවතින අධික නඩු ප්‍රමාණය (Workload) කඩිනමින් අවසන් කිරීමටත්, විනිසුරුවන් සතු පරිණතභාවයෙන් වැඩි ප්‍රයෝජන ගැනීමටත් මෙම සේවා කාලය දීර්ඝ කිරීම උපකාරී වන බව රජයේ පාර්ශ්වය පෙන්වා දෙයි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය වැනි රටවල විනිසුරුවරුන්ට වැඩි සේවා කාලයක් පවතින බවට කෙරෙන ප්‍රකාශයන් පිළිබඳව ද නීතිඥවරයාගේ අවධානය යොමු විය.

නමුත් ශ්‍රී ලංකාව බොහෝ විට නීතිමය තීන්දු සහ ආදර්ශ ලබාගන්නා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විශ්‍රාම යන්නේ වයස අවුරුදු 65න් බව පෙන්වා දෙන නීතිඥ හෑගොඩ, වෙනත් රටවල ආදර්ශයන් මෙරටට ආදේශ කිරීමේදී එහි පවතින සැබෑ තත්ත්වය තේරුම් ගත යුතු බව සඳහන් කරයි.

නඩු ප්‍රමාදය සහ පුරප්පාඩු නොපිරවීම

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් පවතිද්දී, එම පුරප්පාඩු නොපුරවා දැනට සේවයේ සිටින අයගේ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීමේ තර්කනය ප්‍රශ්නකාරී බව නීතිඥ හෑගොඩ අවධාරණය කරයි.

නඩු ගොඩගැසීමට හේතුව විනිසුරුවන්ගේ සේවා කාලය අඩුවීමම නොවන බවත්, ඇතැම් නීතිඥවරුන්ගේ කාර්යබහුලත්වය, සාක්ෂිකරුවන් සම්බන්ධ ප්‍රමාදයන් සහ පොලිසියේ පවතින අඩුපාඩු ද ඊට බලපාන බවත් ඔහු පෙන්වා දෙයි.

"තමන්ගේ නඩුව තමන්ටම ඇසීමට නොහැක"

 

lowyer court 260710
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමට නැවතත් එම ශ්‍රේෂ්ඨාධිකරණයටම යොමු කිරීමට සිදුවීම ස්වාභාවික යුක්ති ධර්මයේ මූලධර්මවලට (Nemo judex in causa sua) පටහැණි වන බව නීතිඥවරයා පෙන්වා දෙයි. ඔහු මෙය උපමා කරන්නේ "හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි" තත්ත්වයකටයි.

හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා ගේ මතය උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, විශ්‍රාම වයස දීර්ඝ කළ ද එය අනාගතයේ පත්වන අයට මිස දැනට තනතුරුවල සිටින අයට අදාළ නොවිය යුතු බවත්, තමන් පත් වූ අවස්ථාවේ තිබූ විශ්‍රාම වයසට අනුව විශ්‍රාම යා යුතු බවත්ය.

නීති ක්ෂේත්‍රයේ විරෝධය සහ දේශපාලනමය බලපෑම

මෙම යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ඉන්දියානු සහ නවසීලන්ත නීතිඥ සංගම්වල නියෝජිතයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් ද විරෝධය පළ කර ඇති අතර, මෙරට විනිසුරුවන් 65 දෙනෙකුගෙන් යුත් සංගමයක් ද රැස්වී මෙම යෝජනාවට විරුද්ධව එකමතිකව අදහස් පළ කර තිබේ.

මෙවැනි සේවා කාලය දීර්ඝ කිරීමක් සිදු කරන්නේ නම් එය විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයටම බලපාන පරිදි සිදු විය යුතු මිස විනිසුරුවන් කිහිපදෙනෙකුට පමණක් විශේෂ නොවිය යුතු බව ද මෙහිදී ප්‍රකාශ විය.

ආණ්ඩුවකට ජනතාව ජන්දය දුන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම වැනි ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන සඳහා මිස මෙවැනි සංශෝධන සඳහා නොවන බවත්, මෙවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය විය හැකි බවත් පෙන්වා දෙන නීතිඥ අනුර හෑගොඩ, මෙවැනි පියවර ගැනීමෙන් ආණ්ඩුව ස්වේච්ඡාවෙන්ම තමන්ටම දේශපාලනික හානියක් (Volenti non fit injuria) සිදු කර ගන්නා බවට අවසාන වශයෙන් අනතුරු අඟවයි.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...