BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
Opinion

රනිල්ට නඩු පවරන්නට සූරසේන යනකං බලං ඉන්න නීතිපති සහ සූරසේන එලවන්නට 'ඇපපිට – සැකපිට' කඳවුර මෙහෙයවන රනිල්

T

The Leader Desk

July 28, 2026 • 3:55 PM

රනිල්ට නඩු පවරන්නට සූරසේන යනකං බලං ඉන්න නීතිපති සහ සූරසේන එලවන්නට 'ඇපපිට – සැකපිට' කඳවුර මෙහෙයවන රනිල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විශ්‍රාම යන තෙක් නීතිපතිවරයා රනිල්ට එරෙහි අධිචෝදනා පමා කරනවාද?
  • සූරසේන හිටියොත් නීතිපති උප්පරවැට්ටිය අර්බුදයට ආණ්ඩුව දැන් අගවිනිසුරු ඇතුළු ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නට කටයුතු කරමින් සිටී.
  • එය සිදු වුවහොත් වත්මන් අගවිනිසුරු සූරසේනගේ පදවි කාලය තවත් වසර දෙකකින් දිගුවනු ඇත.
  • රැස්වීම කැඳවූ සජිත් වැලමිටෙන් පැත්තකට තල්ලු කර එහි මූලාසනය තමන් බව ද මවාපෑවේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දූෂිත දේශපාලකයන්ගේ මැදිහත්වීම නිසා ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ප්‍රයත්නයට ලැබුණු නොසිතූ බලශක්තිය


තිත්තම තිත්ත ඇත්ත කෙටියෙන්

රනිල්ට අදටත් අධිචෝදනා නොලබා සිටින්නේ නීතිපති අතිශය ප්‍රශ්නකාරී ලෙස අධිචෝදනා ගොනුකිරීම පැහැර හරින බැවිනි.

නීතිපති රනිල්ට එරෙහි අධිචෝදනා පමා කරන්නේ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන්සේ සූරසේන විශ්‍රාම යන තුරු ය. මේ අගවිනිසුරුවරයා යටතේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටිමින් අධිචෝදනා ගොනුකරනවා කියන්නේ, රනිල්ගේ තත්ත්වය ඉතාම බැරෑරුම් අවදානමකට ඇදදැමීමක් ය යන්න නීතිපතිවරයාගේ ගණන් බැලීම යි.

සූරසේන හිටියොත් නීතිපති උප්පරවැට්ටිය අර්බුදයට

ආණ්ඩුව දැන් අගවිනිසුරු ඇතුළු ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නට කටයුතු කරමින් සිටී. එය සිදු වුවහොත් වත්මන් අගවිනිසුරු සූරසේනගේ පදවි කාලය තවත් වසර දෙකකින් දිගුවනු ඇත.

‍එවිට රනිල් බේරාගැනීමට සූරසේන යනකං කල්මැරීමේ නීතිපති උප්පරවැට්ටිය දරුණු අර්බුදයක වැටේ.

එනම්, රනිල් පාර්ශ්වයට අනුව නීතිපතිගේ උපරිම සහාය තිබියදීත්, සූරසේනගේ අගවිනිසුරු නිල කාලය තුළ ම තමන්ට එරෙහිව අධිචෝදනා ගොනුවීමේ දරුණු අවදානමකට රනිල්ට මුහුණපාන්නට සිදුවේ.

රනිල් ‘අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය’ නමින් බියකරු වෙස්මුහුණක් පළඳවා ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව පසුගිය දා ‘ඇපපිට හෝ සැකපිට ඉන්නවුන්ගේ’ විපක්ෂ එකමුතුවෙන් යුතු රැස්වීමකට සහභාගී විය. රැස්වීම කැඳවූ සජිත් වැලමිටෙන් පැත්තකට තල්ලු කර එහි මූලාසනය තමන් බව ද මවාපෑවේ ය. රනිල් ගාම්භීර ලෙස කියවන විට රැස්වීම කැඳවූ, බැඳුම්කර හොරුන් සමඟ කිසිදා ඩීල් නැතැයි සියක් වාරයක් ප්‍රතිඥා දුන් සජිත් එකත්පස්ව හිඳ ‘නෝට්ස්’ ලියාගත්තේ ය‍.

සූරසේන ගියොත් නීතිපතිත් සතුටින් - රනිලුත් සතුටින් - දූෂිත කඳවුරමත් සතුටින්‍

රනිල්ලාගේ සටන ජයගතහොත් ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාද වන්නේ ය. එවිට අගවිනිසුරු සූරසේනට නුදුරේදී ම විශ්‍රාම යන්නට සිදුවන්නේ ය.

එහෙම වුණෝතින් රනිල්ට එරෙහි අධිචෝදනා ගැන නීතිපති සතුටෙනි. නීතිපති සතුටෙන් යනු අනිවාර්යයෙන් ම රනිල් සතුටෙනි. රනිල් සතුටෙන් යනු, ගංගාවකින් අබ පියල්ලකට ගත් දියත්තක් බඳු වූ ද, දේශපාලන වශයෙන් නියත වඳවීමකට මුහුණ පා රතු දත්ත පොතට ඇතුළත්වන්නට සිටින්නා වූ ද රනිල් සරණං ගච්ඡාමියෝ සතුටිනි.

රනිල්ගේ නඩුව ගොඩ ගියොත් රනිල්ගේ එකත්පස්ව සිටි ‘සැකපිට නැතිනම් ඇපපිට’ ඉන්නා අති බහුතරයක් දේශපාලන දූෂිතයන්ටත් තම තමන්ගේ නඩු ගැන කණ කැස්බෑ නෙත වියසිදුරෙන් අහස බලන තරමවත් බලාපොරොත්තුවක් තබාගත හැකිය යි ඔවුහු සිතති.

මේ කෙටි කතාන්තරයේ අවසානය ලෙස අන්තිම කෙටියෙන් කිව හැක්කේ මෙය යි.

ඇපපිට හෝ සැකපිට හෝ සැකකරුවන් - සිරකරුවන් වන්නට නියමිතව හෝ සිටින අර දේශපාලන වශයෙන් අන්ත දූෂිතයන් අහිනක් විස්සයි විස්සේ කාමරයකට ගාල්කරගෙන කරන ලද සාකච්ඡාවෙන් සිදුවූයේ, ආණ්ඩුව කරන්නට අදිටන් කරගෙන සිටි, එහෙත් කෙබඳු වූ ප්‍රතිචාරයක් ඒදැයි කිසියම් විචිකිච්චාවකින් කල්මරමින් සිටි මේ ව්‍යවස්ථා සංශෝධනය නිල වශයෙන් ඉදිරියට දමන්නට ආණ්ඩුවට මහා දෑවැන්ත ශක්ති ඩෝස් එකක් ඉන්ජෙක්ට් කිරීම පමණි.

කරන්නට ගිහින් නාගන්නට වේදැයි මුලින් තමන්ටමත් සැක සංකා ඇතිවුණු තීරණය විසින්, ආණ්ඩු විරෝධී කඳවුරට ම අසූචි බාල්දි පිටින් සියතින් ඇදගෙන නාගන්නට සිදුකළ තත්ත්වයක් උද්ගත වීම තුළ ආණ්ඩුව එතෙක් නිශ්චිතව එළිදක්වා නොතිබූ සිය යෝජනාව ප්‍රසිද්ධ කරමින් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව කීවේ ය.

ඉර හරියට ම ගැසෙයි - දෙපිළ පැහැදිළිව බෙදෙයි

ඉර හරියට ම ගැසුණේ ය. දෙපිල හරියට ම බෙදුණේ ය. විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනයට පක්ෂවුන්ට එරෙහිව කඳවුරු බඳින්නේ මොන තරම් දූෂිත දේශපාලකයන් පිරිසක්දැ’යි පැහැදිළිව හෙළිදරවු වුණේ ය. ඔවුන්ගේ ඇත්ත භීතිය කුමක්දැයි පැහැදිළිව හෙළිදරව් වුණේ ය. ආණ්ඩුවට සිය කැම්පේන් එකට AI වලින්වත් හදාගන්නට බැරි තරම් අනර්ඝ පින්තූරයක්, නාමල්ගේ ඉල්ලීමෙන්, සජිත්ගේ කැඳවීමෙන්, රනිල්ගේ සහභාගීත්වයෙන්, අන්ත දේශපාලන දූෂිතයන් අහිනකගේ සම්මාදමෙන්, තත්‍ය අවකාශයේ ම සාදා දුන්නේ ය.

ඇතැම් දේශපාලන ගේම් අතිශය භයංකාර ය. ත්‍රාසජනක ය. ලොමු දැහැ‌ගැන්වෙන සුළු ය.

ඇතැම් දේශපාලන ගේම් අතිශය සියුම් ය. වැඩේ වෙනකං නොදැනෙනා සුලු ය. දියරෙද්දෙන් බෙල්ල කපන ගානට ආතල් ය.

ඇතැම් දේශපාලන ගේම් අනෙකාට දමාගසන්නට පෙර තමන් අත ම පුපුරා යන අසූචි බණ්ඩාර ලකුණ දරන අසූචි බෝම්බ හා සමාන ය.

මේකත් ඉතාම ගොං මෝඩ තකතීරු දේශපාලන ගේමක් බවට පත්වූයේ, යෂ්ඨිය තමන්ගේ ම කැමැත්තෙන් ගෙන තමන්ගේ ම පශ්චාත් භාගයෙන් තියාගැනීමක් බවට අවසන පත්වීමෙනි.‍

පළමු වතාවට රාජ්‍ය බලය අභ්‍යාස කරන තමන් වැනි කණ්ඩායමකට මේ වගේ විපක්ෂයක් ලැබීම මහත් ම වූ භාග්‍යයක් බවට ආණ්ඩුව නෙළුම් කුලුන හෙල්ලෙන තරම්, පෝට් සිටිය පැද්දෙන තරම් සැනසුම් සුසුම් හෙළන බවට අපට නම් කැට තබා කිව හැකි ය.

Sanath Balasooriya(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com

උපුටා ගැනීම - Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
2026 ජුලි 28
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...