BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
Opinion

ගෑනු නිරුවත ලැජ්ජාවක් වෙන්නේ ඇයි?: උමාරියාගේ සිද්ධිය ගැන චින්තන ධර්මදාසගෙන් දැඩි සමාජ විග්‍රහයක්!

T

The Leader Desk

August 10, 2026 • 10:15 AM

ගෑනු නිරුවත ලැජ්ජාවක් වෙන්නේ ඇයි?: උමාරියාගේ සිද්ධිය ගැන චින්තන ධර්මදාසගෙන් දැඩි සමාජ විග්‍රහයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ප්‍රසංග වේදිකාවේ අහම්බ නිරාවරණයන් හමුවේ මතු වන පරපීඩක කාමුකත්වය සහ සමාජ මාධ්‍ය විකෘති තෘප්තිය
  • ඒක සමාජ මාධ්‍යවල විශාල ලිංගික උද්දීපනයක් ඇති කරලා තියෙනවා.
  • ඇමන්ඩාගෙ ted talk එක මිලියන ගණන් ජනතාව නරඹන්න පටන් ගත්තා.
  • Kickstarter එකේ විශාල සහයෝගයක් ඇතිව ඇය ඇගේ අලුත් ඇල්බමය නිකුත් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

*ඇමන්ඩා පාමර් සහ මැඩෝනාගේ ආදර්ශ පෙන්වමින් ස්ත්‍රී ශරීරයේ අභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳ චින්තන තැබූ සටහන

 

ප්‍රසංගයකදි උමාරියාගෙ පියයුරක් නිරාවරණය වෙලා. ඒක සමාජ මාධ්‍යවල විශාල ලිංගික උද්දීපනයක් ඇති කරලා තියෙනවා. සාමාන්‍යයෙන් නිරුවත කැමැත්තෙන් ප්‍රදර්ශනය කිරීමට වඩා වැරදීමකින් හෝ අහම්බයකින් නිරාවරණය වීම ප්‍රමෝදයකින් සමරන වග පේන්න තියෙනවා. මොකද ඒ වරද තුලින්, වසා තිබූ යමක් අනවසරයෙන් දැකීමෙන්, කෙනෙකුට පුළුවන් වෙනවා ඇයට බලහත්කාරයක් කරන්න. ඒක පරපීඩක කාමුකත්වයක්. ඇයව ලැජ්ජාවට, අපහසුතාවයට පත් කිරීමෙන් ලබන විකෘති ලිංගික තෘප්තියක්.

 

මේක ලංකාවට විතරක් පොදු තත්වයක් නෙමෙයි. බ්‍රිතාන්‍යයේ ගැලැස්ටන්බරි ප්‍රසංගයකදි ඇමන්ඩා පාමර්ගෙ පියයුරක් පිටතට පැනීම ගැන ‘ඩේලිමේල්’ ටැබ්ලොයිඩයේ අතිරේකයක්ම පළ කරලා තිබුනා. ‍ඩේලිමේල් එකට ඇගේ ප්‍රසංගයේ වෙන කිසිම දෙයක් වාර්තා කරන්න තිබුනෙ නෑ. ඔවුන්ට පෙනී තිබුනෙ ඇගේ පියයුර විතරයි.

 

ඇමන්ඩා කියන්නෙ ළඳබොළඳ ගැහැණියක් නෙමෙයි. නිරුවත කියන්නෙ ඇයව මෙල්ල කළ හැකි දේකුත් නෙමෙයි. ඇය ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ දරුණු ක්‍රියාකාරිනියක්. ඇගේ ඩේලිමේල් එකට බෝම්බයක් වුනා. ඇය ඩේලිමේල් එකට ලියුමක් ලිව්වා. ඒ ලියුම ප්‍රසංගයකදි ගීතයක් වගේ ගායනා කළා. ඒ ගීතය වීඩියෝ කරන්නත්, නිදහසේ බෙදා හරින්නත් රැස්ව සිටි රසිකයන්ට කිව්වා. (මේ ගීතය යූටියුබයෙන් නරඹන්න පුළුවන්)

 

හිතවත් ඩේලිමේල්,
මම දැක්කා ග්ලැස්ටන්බර්ග් උළෙලේ
මගේ ඉදිරිපත් කිරීම ඔබේ අවධානයට ලක්වෙලා තිබුනා
මම වේදිකාවේ බොහෝ දේ කළා
ඒත් ඔබ ඒ සියල්ල නොදුටුවා වගේ
මගේ පියයුර ගැන අතිරේකයක්ම ලියා තිබුනා..

(දුර්වල පරිවර්තනය මගේ)

 

 ඇය ගීතය අවසානයේදී ඈ හැඳ සිටි කිමෝනාව ලිහා දැමුවා. නිරුවතින් ගීතය ගායනා කරගෙන ගියා. මේ බිහිසුනු ප්‍රතිචාරය හමුවේ ඩේලිමේල් නිරුවත් වුනා. ඇමන්ඩාගෙ ted talk එක මිලියන ගණන් ජනතාව නරඹන්න පටන් ගත්තා. Kickstarter එකේ විශාල සහයෝගයක් ඇතිව ඇය ඇගේ අලුත් ඇල්බමය නිකුත් කළා.

 

 

මේ වගේම කාලයකට ඉහතදි මැඩෝනා විසින් වේදිකාව මතදි උඩුකය වැස්ම පහලට ඇදීමෙන් ඇගේ ඉතා ළාබාල fan කෙනෙක් නිරුවත් කළා. මේ ගැන විශාල කැළඹීමක් ඇති වුනා. අර යුවතිය වෙනුවෙන් පෙනී සිටිමින් මැඩෝනාට පහර දෙන්නට ස්ත්‍රීවාදීන් ඉදිරිපත් වුනා. ඇය මෙයින් ආතතියටත්, අපහාසයටත් පත්වූ බව ඔවුන් ඇය වෙනුවෙන් කිව්වා. මෙතනදි ඒ අවුරුදු 17 කෙල්ල පුදුම කතාවක් කිව්වා.

‘මගේ ශරීරය මට ලැජ්ජාවක් හෝ අපහාසයක්ද කියන එක මම තීරණය කරන්නම්. ඔබලා ඒ ගැන මට කියන්න අවශ්‍ය නෑ’

 

උමාරියාගේ පියයුර නිසා ඇතිවුනු කැළඹීමෙදි උමාරියා ඇය පියයුර ආවරණය කරගෙන සිටි ආකාරය කියන්නට උත්සාහ කළා. එයින් ඇය වෙත පරපීඩකකාමීන් එල්ල කරන අපහාසය ඇය විසින්ම බාරගත්තා. ඒක ඇත්තටම කණගාටුවට කාරණයක්.

 

 

ඇගේ පියයුර ආඩම්බරෙන් බාරගන්න ඇයට තිබුනා. කුඩා ලිංගේන්ද්‍රියන් සහිත අසහනකාරී පිරිමින් ඉදිරියේ ‍යෝධ පියයුරක්ව නැගී සිටින්නට ඇයට හැකියාව තිබුනා. ඒ ඇමන්ඩා පාර්මර් එළඹුම නිර්භීත වැඩි නම් ඇයට නිශ්ශබ්ද වෙන්න තිබුනා. රෝගීන් ‍රෝගය තුලින්ම නිරාවරණය වීමට ඉඩ හරින්න තිබුනා. කෙසේ වෙතත් තමන්ගේ පියයුරක් නිරාවරණය වීම ගැන නිදහසට කරුණු කියන්නට යන්නෙ මොකටද?

 

පිරිමියෙකුගේ නිරුවතක් වේදිකාව මත නිරාවරණය වීම ආඩම්බර‍යකින් කෙලවර වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. නමුත් ගැහැණු නිරුවතක් අපහාසය, ලැජ්ජාව තුල ගිලෙන්නෙ ඇයි?

 

තමන්ගේ ගීතයක, තමන්ගේ කලාවක අභිමානයට වඩා ඉහලින් ගැහැණියක් තමන්ගේ ශරීරයෙහි, නිරුවතෙහි අභිමානය බාරගන්න උවමනායි කියල මම හිතනවා.

 

Chinthana D

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

 

 

සබැඳි පුවත :

සමාජ මාධ්‍ය කට කතාවලට උමාරියාගෙන් සැර පිළිතුරක් !

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...