BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
Opinion

ජනමාධ්‍යයේ අනුල්ලංඝනීය වගකීම සහ සැබෑ මාධ්‍යකරණය ගැන සරෝජ් පතිරණගෙන් සටහනක්!

T

The Leader Desk

August 11, 2026 • 12:35 PM

ජනමාධ්‍යයේ අනුල්ලංඝනීය වගකීම සහ සැබෑ මාධ්‍යකරණය ගැන සරෝජ් පතිරණගෙන් සටහනක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය රැල්ලට ගසාගෙන නොගොස් තිත්ත ඇත්ත ඇති සැටියෙන් සමාජයට පෙන්වා දීමේ තීරණාත්මක අවශ්‍යතාව
  •     මට මතක් වෙනව ජෝර්ජ් ඕවල් කියපු කතාවක්.
  •   "Journalism is printing what someone else does not want printed; everything else is public relations." - George Orwell මාධ්‍යකරණය කියන්නේ වෙනත් අයෙක් දකින්න අකමැති දෙයක් ප්‍රකාශයට පත්කිරීම කියල ඔහු කිවුව.
  • (සටහන | සරෝජ් පතිරණ) බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක sarojpathi@gmail.com (Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...) 2026 අගෝස්තු 11  
අකුරු ප්‍රමාණය (Font Size):


"ජෝර්ජ් ඕවල්ගේ" ප්‍රසිද්ධ කියමනක් සිහිපත් කරමින් මහජන සම්බන්ධතා සහ සැබෑ ජනමාධ්‍යවේදය අතර වෙනස හෙළි කරයි



කොයි තරම් නීරස වුණත්, කොයි තරම් තිත්ත වුණත්, තිත්ත ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දීල, සමාජයට සත්‍යය පහදා දීම සැබෑ ජනමාධ්‍යවේදියෙකුගෙ අනුල්ලංඝනීය වගකීම කියල මම දැඩිව විශ්වාස කරනවා. ඒ වගේම සැබෑ ජනමාධ්‍යවේදියෙක් කළ යුත්තේ වර්තමානයේ අද දවසේ අපේම හැසිරීම් නිසා අපි හැමෝගෙම අනාගතය විනාශ විය හැකි ආකාරය ගැන අනතුරු ඇඟවීම.  

කොටින්ම සැබෑ (genuine) මාධ්‍යවේදියෙක් විවේචනවලට බයෙන් හෝ ජනප්‍රිය වීම සඳහා හෝ රැල්ලත් (trend එක) එක්ක ගසාගෙන යන පුද්ගලයෙක් නොවිය යුතුයි. සැබෑ ජනමාධ්‍යවේදියා ජනතාවට වඩා ඉදිරියෙන් ගමන් කරමින් ඔවුන්ට මග පෙන්වන පුද්ගලයෙක් විය යුතුයි.

මානව ශිෂ්ඨාචාරය බිහිවෙලා තියෙන්නේ ඒ විදියට. ලෝකය ඉදිරියට ගිහින් තියෙන්නේ ඒ වගේ දිරිය මිනිස්සු කියපු, ලියපු, දේශනා කරපු, මග පෙන්නපු දේවල් නිසා. 


කිසියම් මොහොතක මුළු ලෝකයම අදහාගෙන හිටපු මායාකාරී සත්‍යය අසත්‍යයක් කියල පෙන්නලා දීපු බොහෝ දෙනෙකුට අත්වුණ අවාසනාවන්ත ඉරණම මානව ශිෂ්ඨාචාරය පුරාම අපි දැකල තියෙනව. ඔවුන් කියපු දේ සත්‍යයි කියල ලෝකය වටහා ගන්න මොහොත වෙන කොට ඒ බොහෝ දෙනෙක් ජීවතුන් අතරත් නැහැ.    

මට මතක් වෙනව ජෝර්ජ් ඕවල් කියපු කතාවක්.
 
"Journalism is printing what someone else does not want printed; everything else is public relations." - George Orwell
මාධ්‍යකරණය කියන්නේ වෙනත් අයෙක් දකින්න අකමැති දෙයක් ප්‍රකාශයට පත්කිරීම කියල ඔහු කිවුව. ඕවල් කියන විදියට අනිත් කිසිවක් මාධ්‍යවේදය නෙවෙයි; අනිත් සියල්ල මහජන සම්බන්ධතා.
සත්‍යය වටහා ගන්න ආණ්ඩුව හෝ ඔබ කිසිවෙක් තවමත් ප්‍රමාද නැහැ.
හිතන්න.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)

බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 අගෝස්තු 11

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...