BREAKING
ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●
Top Ad
Opinion

මැතිවරණ කොමිසමේ හිටපු සභිකයන් සියල්ල හරිනම් දැන් ඉන්න ඕනේ හිරේ | කුසල් පෙරේරා

T

The Leader Desk

August 13, 2026 • 8:17 AM

මැතිවරණ කොමිසමේ හිටපු සභිකයන් සියල්ල හරිනම් දැන් ඉන්න ඕනේ හිරේ | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර අටකට වැඩි කාලයක් ජනතා පරමාධිපත්‍ය අහෝසි කළ පළාත් සභා මැතිවරණ අර්බුදයේ දේශපාලන ඇත්ත
  • එයට ඔවුන්ද හවුල් බව එනමුත් ඔවුන්ට අමතක වී ඇත.
  • පළමුවෙන්ම නැගෙනහිර, සබරගමුව සහ උතුරු-මැද පළාත් සභා 03 ඒවායේ ධූර කාලය සම්පූර්ණ වූයෙන් 2017 ඔක්තෝම්බරයේදී විසිරුවා හැරුණි.
  • ඒ පළාත් 03 හි ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කළ පළාත් සභා නැතිව දැනට අවුරුදු 09 ට ආසන්නය.
අකුරු ප්‍රමාණය (Font Size):


2017 අංක 17 පනතේ නීතිමය මුලාව සහ 1988 අංක 02 පනත යටතේ මැතිවරණ පැවැත්වීමේ නෛතික බලය



පළාත් සභා සඳහා නොසෑහෙන කාලයක් මැතිවරණ පවත්වා නැතැයි විපක්ෂයේ දේශපාලන නායකයින්ට හිටි අඩියේ මතක් වී ඇත. එයට ඔවුන්ද හවුල් බව එනමුත් ඔවුන්ට අමතක වී ඇත. අපගේ ආණ්ඩු පාලනයෙහි පළාත් සභා 09 සඳහා පැවැත් විය යුතු මැතිවරණ නොපවත්වා, එනම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I වන පරිච්ඡේදයේ ව්‍යවස්ථා අංක 03 යටතේ සහතික කර ඇති ජනතා පරමාධිපත්‍ය සහමුලින් උල්ලංඝණය කර දැනට කොතරම් කාලයක් ගොසින් තිබේදැයි ඔබ දන්නේද?

පළමුවෙන්ම නැගෙනහිර, සබරගමුව සහ උතුරු-මැද පළාත් සභා 03 ඒවායේ ධූර කාලය සම්පූර්ණ වූයෙන් 2017 ඔක්තෝම්බරයේදී විසිරුවා හැරුණි. ඒ පළාත් 03 හි ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කළ පළාත් සභා නැතිව දැනට අවුරුදු 09 ට ආසන්නය. ඊළගට 2018 වසරේ ඔක්තෝම්බරයේදී මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් විසුරුවා හැරුණි. ඒ මීට අවුරුදු 08 ට ආසන්න කාලයකට පෙරාතුව ය. ඉතිරි පළාත් සභා 03 - බස්නාහිර, දකුණ සහ ඌව පළාත් විසිරුවා හරිනු ලැබුණේ මීට අවුරුදු 08 කුත් මාස 05 ට ඉහතින් 2019 මාර්තු වලදීය.

 

පළාත් සභා සියල්ල විසිරුවා හරිණු ලැබුවේ යහපාලන ආණ්ඩුව යටතේ ය. පළමු පළාත් සභා විසුරුවා හැරුණු මුල් දිනවල එදා ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවූ මහින්ද දේශප්‍රිය කියුවේ, ඇමතිවරයා තීන්දු කරන දින සිට මාස 03 ක් ඇතුළත පවතින නීතියට අනුව මැතිවරණ පැවැත්විය හැකි බවය. ඇමතිවරයාගෙන් එවැනි තීන්දුවක් නොවුනු අතර, 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ පනත සංශෝධනය කිරීමේ 2017 අංක 17 දරණ පනත් කෙටුම්පත ජුලි මස 26 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මෙම සංශෝධනය සම්මත කිරීමෙන් පසු එය බලාත්මක කිරීම සඳහා එහි අන්තර්ගතව (entrenched) ඇති පියවර වන ජනාධිපති විසින් පත් කරනු ලබන මැතිවරණ කොට්ඨාශ නිර්ණය කිරීමේ කොමිසමෙහි වාර්තාව පාර්ලිමේන්තුව විසින් 2/3 ක ඡන්දයකින් සම්මත කළ යුතුය. එය සාමාන්‍ය බහුතරයකින් සම්මත කෙරුණහොත් කතානායක විසින් අගමැතිගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත් කළ යුතුය. 2017 අංක 17 දරණ පන සඳහා 2/3 ක ඡන්දයක් නොලැබුණි. එනිසා පත් කෙරුණු විමර්ශන කමිටුවෙහි වාර්තාව දෙමසක් ඇතුළත, එනම් 2018 ඔක්තෝම්බර අවසානයට පෙර අගමැති වික්‍රමසිංහ විසින් ජනාධිපති සිරිසේන වෙත බාර දිය යුතුව තිබිණ. පනත බලාත්මක කිරීමට එහි ඇතුළත් නිර්දේශ සමග නව මැතිවරණ කොට්ඨාශ නිර්ණ අනතුරුව සම්පූර්ණ කළ යුතු විය. 2017 අංක 17 දරණ පනත බලාත්මක කිරීමට අවශ්‍ය ඒ සමස්ථ ක්‍රියාදාමය මෙතෙක් සම්පූර්ණ නොවුනකි.

අප තවමත් සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු විමර්ශන කමිටුවෙහි වාර්තාවට සිදු වූයේ කුමක්දැයි නොදැන ය. අගමැති පාර්ශවයෙන් ඒ ගැන කිසිවක් නොකියවුනේ පළාත් සභා මැතිවරණයකට යාමට එ.ජා.ප නායක වශයෙන් වික්‍රමසිංහ සූදානම් නොවුනු නිසා ය. අදටත් අපට ඇත්තේ බලාත්මක කළ නොහැකි 2017 අංක 17 දරණ පනත් කෙටුම්පතකි. අගමැති වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ සන්ධීය පාලනයක් සමග වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ හැකි යැයි දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන බලධාරි වූ සුමන්තිරන් අනුවණ විශ්වාසයක එල්බ සිටි හෙයින් දෙමළ නායකයින්ද පළාත් සභා මැතිවරණ ඉල්ලා සිටියේ නැත. පළාත් සභා මැතිවරණ ඉල්ලා සිටියහොත් අගමැති වික්‍රමසිංහ අමනාපවී නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ගැනීමට නොහැකිවේ යැයිවූ සුමන්තිරන්ගේ දේශපාලන වශයෙන් අථාර්කික සිතීම විය. විපක්ෂයේ බොහෝ අය පළාත් සභා මැතිවරණය නොඉල්ලා සිටියේ ප්‍රතිඵල ගැන විශ්වාසයක් ඔවුන්ට නොවූයෙනි.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ආණ්ඩුව හා විපක්ෂය සමග අති බාල, සම්මුතිවාදී පැවැත්මක් නඩත්තු කර ගැනීම වෙනුවෙන් මේ දේශපාලන හෙයියම්මාරුව සඳහා නෛතික ආවරණයක් ලබා දුන්නේය. ඔහු මාධ්‍යයට කියුවේ, පාර්ලිමේන්තුව විසින් 2017 අංක 17 දරණ පනත සම්මත කිරීමෙන් එතෙක් වූ 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත අහෝසිවී ඇති නිසා පාර්ලිමේන්තුව විසින් නව පනත බලාත්මක කෙරෙන තෙක් මැතිවරණ පැවැත්විය නොහැකි යැයි කියාය.  

 

image cb19d200a0මහින්ද දේශප්‍රිය
එකල ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු 2019 ජනවාරි 17 වන දින මැ.කො සභාපති මහින්ද දේශප්‍රිය හමුවී තිබූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන කතා කරන්නට ය. එහිදී දේශප්‍රිය ඔවුන්ට කියා තිබුණේ නීතිමය ගැටළුව විසඳා දිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් යැයි කියා ය. අධිකරණ තීන්දුවක් ලබා දෙන්නේ නම් වඩාත් පහසු යැයිද ඔහු විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියා තිබුණේ එසේ වුවහොත් අධිකරණයේ නිර්දේශ අනුව කටයුතු කිරීමෙන් ගැටළු විසඳා ගැනීම පහසුවන්නේ යැයි කියා ය. ඒ සාකච්ඡාවේදී පැරණි නීතියට අනුව මැතිවරණය පැවැත්විය නොහැකිදැයි දයාසිරි ජයසේකර අසා තිබූ අතර දේශප්‍රිය ඊට පිළිතුරු නොදුන් බව මාධ්‍ය වාර්තාවක සඳහන් විය.

එම හමුවෙන් දෙදිනකට පසු ජනවාරි 19 වන දින මැතිවරණ කොමිසමේ සභාපති වශයෙන් දේශප්‍රිය එහිදී ගනු ලැබූ ස්ථාවරය නීති උල්ලංඝණය කිරීමක් යැයි මම ඔහුට ලිඛිතව දැනුම් දුන්නෙමි. එම ලිපියෙහි මා ඔහුට දන්වා සිටියේ, “.....පැහැදිලිව කිව යුත්තේ, විපක්ෂ මන්ත්‍රීවරුන් සමග වූ හමුවේදී ඔබගේ පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන් වැරදි යැයි කියා ය. බොහෝවිට එය සියල්ලන් නොමග යැවීමට දැනුවත්ව ගනු ලැබූ උත්සාහයක්ද විය හැක. පවතින නීතියක් සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට පාර්ලිමේන්තුව නීති සංශෝධනයක් හෝ නව නීති කෙටුම්පතක් සම්මත කළ වහා පවතින නීතිය එසැණෙන් හා නිතැතින්ම නිශ්ක්‍රීය නොවන බව ඔබ ඉතා හොඳින් දන්නා කාරණයක් යැයි මම විශ්වාස කරමි. එය බලාත්මක නීතියක් වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නීතය බලාත්මක කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කිරීමෙනි. නව නීතියක් සම්මත කිරීම සඳහා පවතින නීතියක් අහෝසි කිරීමේ සම්ප්‍රදායක් ඇත්තේ නැත. එබැවින් මැතිවරණ නීතියක් නොමැති මොහොතක් රටේ තිබිය නොහැක” යනුවෙනි.

 

1738591370
එහි මා වැඩි දුරටත් සඳහන් කෙරුවේ, 2017 අංක 17 දරණ පනත බලාත්මක කිරීම සඳහා ජනාධිපති විසින් මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමේ සියලු පියවර ගත යුතු වූවත් මෙතෙක් එවැන්නක් සිදුව නැති හෙයින් නව නීති කිසිත් බලාත්මක නොවන බවය. ඒ සමග මැතිවරණ කොමිසම වෙනුවෙන් ඔහු නොකියන්නේ 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත තවමත් බලාත්මක බව යැයිද මම ඔහුට චෝදනා කළෙමි.

ලිඛිත නීති සශෝධන ගැන සහ නීති අහෝසි කිරීම සම්බන්ධයෙන් “අර්ථකතන සංග්‍රහයේ” 06 වන වගන්තියේ 02 වන අනු වගන්තියෙන් ඉතාම පැහැදිලිව කියන්නේ “ලිඛිත නීතියකින් පවතින නීතියක් සහමුලින් අහෝසි කරන්නට හෝ ඉන් කොටසක් සංශෝධනය කරන්නට, අලුත් ප්‍රතිපාදනයක් ඇතුළු කරන්නේ නම්, පැරණි නීති ප්‍රතිපාදන අහෝසි වන්නේ අලුත් ප්‍රතිපාදන බලාත්මක කළ පසුවය” යනුවෙන් ය.  

එබැවින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නැවත පාර්ලිමේන්තු විසඳුම් අවශ්‍ය නැත. තවමත් බලාත්මකව පවතින්නේ 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත ය. ඒ යටතේ සියලු පළාත් සභා සඳහා දේශපාලන පක්ෂ කැමති වූවත් අකමැති වූවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෂ වන පරිච්ඡේදයේ ව්‍යවස්ථා අංක 03 යටතේ සහතික කර ඇති ජනතාවගේ පරමාධිපත්‍ය අර්ථ ගන්වන ඡන්ද අයිතිය සුරැකීමේ වගකීම බාර ගනිමින් මැතිවරණ කොමිසම විසින් ඉදිරි මාස කිහිපයේ මැතිවරණ පැවැත්විය යුතුය. ජනතාවගේ පරමාධිපත්‍ය උල්ලංඝණය කළ මැතිවරණ කොමිසම් සභාපතිවරුන්ට හා සභිකයින්ට එරෙහි නඩු පැවරීමට හැකි බැව්ද ඒ සමග කිව යුතුය. ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණය කිරීම හිරේ විලංගුවේ වැටීමට සිදුවන්නක් යැයි අමුතුවෙන් කිව යුත්තක්ද නොවේ.


Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 අගෝස්තු 13 වන දින

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...