BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Opinion

මගේ නන්දා - චින්තන ධර්මදාස

T

The Leader Desk

August 22, 2026 • 2:47 PM

මගේ නන්දා - චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරුෂ කේන්ද්‍රීය පාරිශුද්ධ ප්‍රේමයේ අල්තාරය ගීතයෙන් ඔසවා තැබූ නන්දාගේ රොමාන්තික ලෝකයෙන් මිදී, සැබෑ මිනිස් ආශාවන් හඳුනාගත් අයුරු.
  • මට ලියන්නට ඇති දේ තරමක් වෙනස්.
  • නමුත් ඇයට අගෞරවයක් නොවේවා යන ප්‍රාර්ථනය ඇතුව එය ලියා තබන්න සිතුවා) නන්දා මාලිනිය තරම් මගේ ජීවිතේ ප්‍රේමයට බලපෑම් සහගත වූ කාන්තාවක් තවත් නැතුව ඇති.
  • වැදගත්ම දේ වෙන්නෙ ඇය නිර්මාණය කලේ අහස බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නන්දා මාලිනියගේ විරෝධාකල්ප හා ප්‍රේම ගීත අපේ පරම්පරාවේ සංස්කෘතික ජීවිතය හැඩගැස්වූ ආකාරය පිළිබඳ චින්තන ධර්මදාසගෙන් ස්වයං-විවේචනාත්මක ආවර්ජනයක්.


(නන්දා මාලිනිය තමන්ට දැනුනු විදිහ ගැන බොහෝ දෙනෙක් රසවත් දේ ලියනවා. මට ලියන්නට ඇති දේ තරමක් වෙනස්. ඒ හින්දම එය නොලිවිය යුතුදැයි කීපවරක්ම කල්පනා කළා. නමුත් ඇයට අගෞරවයක් නොවේවා යන ප්‍රාර්ථනය ඇතුව එය ලියා තබන්න සිතුවා)

නන්දා මාලිනිය තරම් මගේ ජීවිතේ ප්‍රේමයට බලපෑම් සහගත වූ කාන්තාවක් තවත් නැතුව ඇති. සෑම ප්‍රේමයකම අහස නිර්මාණය වුනේ ඇගේ ගීතවලින් කියන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නෙ ඇය නිර්මාණය කලේ අහස බවයි. ඇගේ නිර්මාණවලින් ප්‍රේමයේ පොලොව නිර්මාණය වුනේ නෑ. (කලාකාරිනියක් මේ සියල්ලක් කළ යුතු යැයි නියමයක් නැහැ)

නන්දා ගැයුවේ සුනිලුන් විසින් ලියූ ආදර ගීත. ඒ ගීතවල තිබුනේ බොහෝ විට කාන්තාවක් අතින් පුරුෂයෙන් වර්ණනා නොවන තරම් ඉහලින් තැබූ ප්‍රේමයේ අල්තාරය. ‘ඔබයි රම්‍ය සඳ කිරණ’ හෝ ‘අහස සේ ඔබ අනන්තයි’ හෝ ‘ඔබ තනිකඩ කුරුළු රජෙකි’ වැනි ගීත අරන් බලන්න. ඒ ගීතවල ප්‍රේමයේදී පුරුෂයා ඉහලින් තබන තරම් වෙනත් කිසිම ගීතයක අපිට ඇසෙනවාද මට සැකයි. ඒ සිංදු අපිට කියන පෙම්වතියන් හොයමින් අපි රස්තියාදු ගැහුවා. ප්‍රේමය තුල අපිව ඒ තරම් විශාලව දකින ගැහැණුන් මුනගැසෙන තුරු පාරමිතා පිරුවා.


පිරිමි ආශාවන්ගේ අල්තාරය සහ සිහිනමය ප්‍රේමයේ රස්තියාදුව

නන්දාගේ විරෝධාකල්ප ගීතවලින් උද්දීපනය නොලැබූ කෙනෙක් අපේ පරම්පරාවල නැතුව ඇති. අපි හැමෝටම උවමනා වුනේ යදමින් බැඳ විලංගු ලා රැගෙන යන පුතා බවට පත්වෙන්න. ඒක බලයට, ආධිපත්‍යයට එරෙහි විරෝධයක් මිස දේශපාලන මතවාදී විරෝධයක් නෙමෙයි. කවර හෝ ආකාරයෙන් බලවත් වන ආණ්ඩුවකට ‍එරෙහිව නැගී සිටීමේ අදටත් මා තුල පවතින අරාජිකවාදී නැඹුරුව නන්දාගේ ගීතවලින් ආස්වාදයක් ලැබුවා.


සුනිල්-නන්දා සුසංයෝගයේ පිවිතුරුවාදයට එරෙහිව නැගී සිටීම

පස්සෙ දවසක නන්දාගේ ගීත ගැන පේරාදෙනි සරසවියෙ පැවැත්වුනු සාකච්ඡාවකදි මම නන්දා විසින් ගැයූ, සුනිලුන් විසින් ලියූ රොමාන්තිකවාදයට එරෙහි වුනා. කඩමණ්ඩියේ දොළ අයිනේ විතරක්ද ආදරය පවතින්නෙ, නගරයේ කොන්ක්‍රීට් කනු අතරේ පවතින ආදරය ගීතයක නොගැයෙන්නේ ඇයිද කියල මම ප්‍රශ්න කළා. විය යුතු පරිද්දෙන්ම එදත් මම හොඳවැයින් අහගත්තා.

පසුකාලෙක මම නන්දාගේ ගීතවලට විරුද්ධ වුනා. ප්‍රේමය නම් රාගයෙන් තොර යැයි සම්මතයක් පැනවූ තැන පටන් සියලු ආදර ගීතවල සැඟවුනු පිරිමි ආශාව දකින්න පටන් ගත්තා. නන්දාගේ ප්‍රේමයේ යුගය අවසන් කිරීම තමයි මම හිතන්නෙ මම සිහිනමය ප්‍රේමයෙන් සැබෑ ප්‍රේමයට අවතීර්ණ වුනු යුගය. දිව්‍යමයභාවයට පමුනුවන්නේ නැතුව ආශාවන්ගෙන් කිළිටි වුනු, දෝෂ සහිත, අඩුපාඩු සහිත, අලංකාර රහිත සාමාන්‍යබවෙහි ප්‍රේමය මම දකින්න උත්සාහ කළා. නන්දාගේ ප්‍රේමය විසින් පිටුදකින රාගය නැවත කැඳවන්න වෑයම් කළා.

 

සුරුවමක් වෙනුවට සංස්කෘතික පදනමක් ලෙස සාකච්ඡාවට ගත යුතු නන්දා

මං හිතන්නෙ මගේ සමස්ත සංස්කෘතික ජීවිතයම ගොඩනැගෙන්නෙ නන්දා සහ සුනිලුන් විසින් නිර්මාණය කළ ‍රොමාන්තික පිවිතුරුවාදී ලෝකයට එරෙහිව. ඒ කියන්නෙ ඒ ගීත තුලින් සහ සංස්කෘතික කතිකාව තුලින්  මා තුලම නිර්මාණය කළ ප්‍රේමයේ ආකෘතීන්ට එරෙහිව.  

ඉතින් නන්දා මට විශාල වන්නේ ඒ නිසයි. ඇය විසින් නිරූපණය කළ ආශාවේ ස්වරූපය කවරේද? ඇය විසින් ගායනා කළ ගීත පිටුපස තෘප්තිමත්වන පිරිමි ආශාව කුමක්ද? නන්දා මාලිනිය විසින් නිර්මාණය කළ අපගේ ප්‍රේම කතා තුල අපි අත්විඳපු යතාර්ථය කුමක්ද? මං හිතන්නෙ නන්දා මාලිනිය අපේ සමාජයේ සංස්කෘතික පදනමක් විදිහට සාකච්ඡාවට ගත යුතුයි කියලයි. ඒ වෙනුවට ඇය සුරුවමක් බවට පත් නොවිය යුතුයි.

මගේ අතීත ප්‍රේමය සදා නිවී සැනසෙනු දැකීම මගේ පැතුමයි

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

dddrterter

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...