BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Opinion

දණ්ඩනය, ලේබල්කරණය වෙනුවට මානුෂීය තේරුම් ගැනීමක් දක්වා... | චින්තන ධර්මදාස

T

The Leader Desk

September 1, 2026 • 2:55 PM

දණ්ඩනය, ලේබල්කරණය වෙනුවට මානුෂීය තේරුම් ගැනීමක් දක්වා... | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ ශෝධක තහංචි වෙනුවට මිනිස් ආශාවන්ගේ මනෝවිද්‍යාත්මක හා බෞද්ධ මූලයන් දෙස විවෘත මනසකින් බැලීමක්.
  • (ආන්දෝලනාත්මක තේමාවක් වන අතර මෙය ප්‍රකාශනයේ නිදහස සහ විවෘත සංවාදයක් වෙනුවෙන් තැබූ සටහනකි) මෑත කාලයේ මව දෙස ලිංගික ආශාව පිරුනු ඇසකින් බැලීම ගැන ලොකු සංවාදයක් යනවා.
  • සමාජය මේ කිළිටි ආශාවන්ගෙන් මුදවාගෙන පිරිසිදු බවට පත් කිරීමේ සමාජ ශෝධක වෑයමක් පේනවා.
  • සමාජ ශෝධනය සහ ආශාවේ මනෝවිද්‍යාත්මක මූලය මව සහ පුතා අතර ලිංගික ආකර්ශනය කියන්නෙ මේ ලෝකයේ සියලු ආශාවන් ඇතිවීමේ මූලය.
අකුරු ප්‍රමාණය (Font Size):


ෆ්‍රොයිඩියානු ඊඩිපස් සංකල්පය සහ අංගුත්තර නිකායේ මාතාපුත්ත සූත්‍රය ඇසුරින් ආශාවේ ස්වභාවය විමසා බැලීමක්.

(ආන්දෝලනාත්මක තේමාවක් වන අතර මෙය ප්‍රකාශනයේ නිදහස සහ විවෘත සංවාදයක් වෙනුවෙන් තැබූ සටහනකි)

මෑත කාලයේ මව දෙස ලිංගික ආශාව පිරුනු ඇසකින් බැලීම ගැන ලොකු සංවාදයක් යනවා. ඒ වගේ ආශාවන් වෙනුවෙන් නිර්මාණය වුනු ෆේස්බුක් පිටු තහනම් කරන්න කියලා ඉල්ලීම් කරනවා. සමාජය මේ කිළිටි ආශාවන්ගෙන් මුදවාගෙන පිරිසිදු බවට පත් කිරීමේ සමාජ ශෝධක වෑයමක් පේනවා.

සමාජ ශෝධනය සහ ආශාවේ මනෝවිද්‍යාත්මක මූලය

මව සහ පුතා අතර ලිංගික ආකර්ශනය කියන්නෙ මේ ලෝකයේ සියලු ආශාවන් ඇතිවීමේ මූලය. ඒක පුරාතන ආශාවක් මිස නූතන ෆේස්බුක් පිටුවක් නෙමෙයි. මේ ලෝකයේ සියලු ආශාවන්ගේ මූලය වන්නේ අපට මවගේ පියයුරු ගැන ඇතිවන ආශාවයි. ඔය ආශාවෙහි ඇලී සිටීම වගේම, ඒ ආශාව බාරගැනීමට බැරිවීම කියන්නෙත් ෆ්‍රොයිඩියානු භාෂාවෙන් ඊඩිපස් සංකීර්ණයේ අවුල්.

අංගුත්තර නිකායේ මාතාපුත්ත සූත්‍ර විවරණය

අංගුත්තර නිකායේ මාතාපුත්ත සුත්‍රය කියලා එකක් තියෙනවා. ඒක සරලව සිංහලට දැම්මොත් මෙහෙමයි.

‘එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපයේ අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමයේ වැඩවසමින් සිටි සේක.

එකල මවක් සහ පුතෙකු දෙදෙනාම සැවැත් නුවර වස් විසීම සඳහා පැවිදිව සිටියහ. මව භික්ෂුණියක ලෙසද, පුත්‍රයා භික්ෂුවක ලෙසද පැවිදිව සිටියහ. ඔවුන් දෙදෙනාට නිතර නිතර එකිනෙකා දැකීමට අවශ්‍ය විය. මවට තම පුත්‍රයා නිතර දැකීමට අවශ්‍ය වූ අතර, පුත්‍රයාටද තම මව නිතර දැකීමට අවශ්‍ය විය.

එසේ නිතර එකිනෙකා දකිමින් සිටි ඔවුන් දෙදෙනා අතර සමීපත්වයක් ඇති විය. සමීපව ඇසුරු කිරීම නිසා ඔවුන් එකිනෙකා කෙරෙහි හුරුපුරුදු වූහ. එසේ හුරුපුරුදු බව තුල ඔවුන්ගේ සිත් තුළ රාගය හටගත්තේය. රාගයෙන් යටපත් වූ සිතින්, පැවිදි ශික්ෂාව  තමන්ට තවදුරටත් එය රැකගත නොහැකි බව ප්‍රකාශ නොකරම, ඔවුහු ලිංගික සම්බන්ධතාවයකට පැමිණියහ.

පසුව භික්ෂූහු කිහිපදෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේට වැඳ, එක් පසෙක හිඳ, සිදුවූ සියල්ල දන්වා සිටියහ. (මුං ටික නියමම බඩු ටික. හරියටම අද ඕවා තහනම් කරන්න ඕනා කියන අය වගේ)

“භික්ෂූනි, ඒ පෘතග්ජන මිනිසා කෙසේ සිතන්නද? මවකට තම පුත්‍රයා කෙරෙහි රාගයක් ඇති නොවන්නේ යැයිද, පුත්‍රයෙකුට තම මව කෙරෙහි රාගයක් ඇති නොවන්නේ යැයිද ඔහු කෙසේ සිතන්නද?

ස්ත්‍රියකගේ රූපය දැකීම තරම්, රාගය උපදවන, කාමසුව ඇති කරන, මත් කරවන, සිත් ඇදගන්නා, මෝහයට පත් කරවන, දැහැන් බිඳවන,  උතුම් නිවන් සරණ වෙත පැමිණීමට බාධා කරන වෙනත් එකදු දර්ශනයක්වත් මම දැක නැත.

සත්වයෝ ස්ත්‍රී රූපයට රාගයෙන්, ලෝභයෙන්, බැඳීමෙන්, මෝහයෙන් හා ඇලීමෙන් යුක්ත වෙති. ස්ත්‍රියකගේ රූපය කෙරෙහි ඇති ඇල්මට යටත්ව ඔවුහු දිගු කලක් දුක් විඳිති.

ස්ත්‍රියක් ඇවිදින විට ඇය පුරුෂයෙකුගේ සිත බැඳ ගනී. ඇය සිටින විටද, හිඳින විටද, වැතිර සිටින විටද, සිනාසෙන විටද, කතා කරන විටද, ගී ගයන විටද, හඬන විටද, තුවාල වී සිටින විටද ඇය පුරුෂයෙකුගේ සිත බැඳ ගනී.
 
ස්ත්‍රියක් මියගිය පසුව පවා ඇය පුරුෂයෙකුගේ සිත අල්ලා ගනී.

යම් දෙයක් ‘මාරයා දෙසටම බැඳ තබන උගුලක්’ යනුවෙන් නිවැරදිව හැඳින්විය හැකි නම්, ඒ ස්ත්‍රීහුමය.
අතෙහි පිහියක් ඇති කෙනෙකු සමඟ ඔබට කතා කළ හැකිය. යක්ෂයෙකු සමඟ පවා ඔබට කතා කළ හැකිය.
දෂ්ට කළහොත් ජීවිතය නැතිවන විෂ සර්පයෙකු අසල පවා ඔබට හිඳිය හැකිය.
එහෙත් කිසිවිටෙකත් ස්ත්‍රියක් සමඟ දෙදෙනෙකු පමණක් තනිව කතා නොකළ යුතුය.
 
සිහි නැති අයගේ සිත් ඔවුහු
එක් බැල්මකින්ද, සිනහවකින්ද වශී කරති.
නැතහොත් අඩුවෙන් ඇඳ පැළඳ,
සිත් ඇදගන්නා වදන් කතා කරති.
එවැනි කෙනෙකු සමඟ හිඳීම යහපත් නොවේ—
ඇය තුවාල වී සිටියත්,
මියගොස් සිටියත්.
ස්ත්‍රියකගේ ශරීරය තුළ
කාම ඉන්ද්‍රියයන්ට අදාළ මේ පංච කාමගුණයන් ප්‍රකට වේ:
රූප, ශබ්ද, රස, ගන්ධ
සහ ඉතා මිහිරි ස්පර්ශයන්ය.
කාමසැප නැමැති සැඩ පහරට ගසාගෙන යන,
එහි ස්වභාවය නොතේරුම්ගත් අය,
සංසාරයේ ගමන් කරති—
කාලයෙන් කාලයට,
තැනින් තැනට,
ජීවිතයෙන් ජීවිතයට.
එහෙත් කාමසැපය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය
කිසිදු දිශාවකින් කිසිවකට බිය නොවෙති.
ඔවුහු ලෝකයෙහි
කෙලෙස්වල අවසානයට පැමිණ,
සංසාරයෙන් එතෙර වූ අය වෙති.”

පෘතග්ජන නිදහස සහ මානුෂීය ප්‍රවේශය
මම නම් එහෙම කෙලෙස් නසා සසරින් එතෙර වන්නට කල්පනා නොකරන පෘතග්ජනයෙක් නිසා සියලු ආශාවන් දෙස සම සිතින් බලන අතර, සියලු ආශාවන්ට අනෙකාට පුද්ගලිකව කායික මානසික හිංසාවක් නොවී පැවතීමට ඇති නිදහස බාරගන්නවා. ඒ වගේම ඒවා මිනිස් හැගීම් සහ කලාවන් හැටියට රස විඳිනවා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...