BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Opinion

නන්දලාල්ට නොපෙනෙන අපට පෙනෙන දේ... | විපුල කරුණාතිලක

T

The Leader Desk

September 1, 2026 • 3:09 PM

නන්දලාල්ට නොපෙනෙන අපට පෙනෙන දේ... | විපුල කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ බැංකුවේ සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන ජයග්‍රහණ පෙන්වද්දී, බදු බරින් හෙම්බත් වූ මහපොළොවේ ජනතාව මුහුණ දෙන සැබෑ K-හැඩයේ ආර්ථික ඛේදවාචකය.
  • ඔහුට අනුව මේ වන විට රටේ ආර්ථික අර්බුදය විසඳී ඇත.
  • මේ වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයට සාපෙක්ෂව 16% ක් දක්වා ඉහළ ගොස් ඇත.
  • රටේ ඩොලර් සංචිත මේ අවුරුද්ද අවසන් වන විට ඩොලර් බිලියන 08 දක්වා වර්ධනය වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිරාජ්‍යයාගේ අලුත් ඇඳුම වැනි සුබවාදී ආර්ථික පුරෝකථන සහ සංඛ්‍යාලේඛනවලට යටපත් වූ බිම් මට්ටමේ සැබෑ අර්බුදය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ ළඟදි පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක් අපි හැමෝම දුටුවෙමු. ඔහුට අනුව මේ වන විට රටේ ආර්ථික අර්බුදය විසඳී ඇත. මේ වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයට සාපෙක්ෂව 16% ක් දක්වා ඉහළ ගොස් ඇත. රටේ ඩොලර් සංචිත මේ අවුරුද්ද අවසන් වන විට ඩොලර් බිලියන 08 දක්වා වර්ධනය වනු ඇත. 2028 වර්ෂයේ සිට සියලුම ප්‍රතිව්‍යුහගත  කරන ලද දේශීය විදේශීය ණය ගෙවිය හැකි මට්ටමේ ඇත. උද්ධමන අනුපාතයද  ප්‍රශස්ත මට්ටමක ඇත.

මෙම පුරෝකතනවල අභ්‍යන්තර හෝ බාහිරව ඇතිවන දේශපාලන හා ආර්ථික තෙරපුම් ගැන සාකච්ඡා නොකරයි. දැඩි ලෙස අවිනිශ්චිත කාලගුණ හෝ භූ දේශපාලන තත්ත්වයන් සලකා නොබලයි. මේ කාලය තුළින් ආර්ථික පුරෝකතන මත කටයුතු කිරීම ඉතා භයානකය. ඇමෙරිකානු හා කැනේඩියානු ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් කෙනත් ගැල්බ්‍රිත් ( John Kennath Galbraith) ආර්ථික පුරෝකතන ගැන කියන්නේ "ආර්ථික පුරෝකතන වල එකම කාර්යය වනුයේ ජෝතිර්වේදයට වටිනාකමක් දීම පමණි" යනුවෙනි.

අධිරාජ්‍යයාගේ අලුත් ඇඳුම සහ ආර්ථික මායාව

මහ බැංකු අධිපතිතුමාගේ පුරෝකථන කෙසේ වෙතත් ඔහු ආර්ථිකය දක්වන අදහස් සමාජයේ ප්‍රක්ෂේපණය වන්නේ කෙසේද යන්න විමසිය යුතුය. ඔහු කියන උද්ධමන පාලනය හා ආර්ථික වර්ධනය රටේ සියලුම ක්ෂේත්‍ර වලින් නිරූපණය විය යුතුය. ආර්ථිකයක් ස්ථාවර වීම යනු ආණ්ඩුවේ මූල්‍ය ඉලක්ක මත ගිණුම් ක්‍රියාවලිය තුලනය වීම පමණකින් සෑහීමකට පත් විය නොහැකිය.  ආණ්ඩුවේ ආදායම යනු ආණ්ඩුවේ මූල්‍ය අවශ්‍යතාවය අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව හා සුරා බදු දෙපාර්තමේන්තුවත්යොදාගෙන බදු එකතු කර ගැනීමයි. මෙම බදු අයකර ගැනීමේදී ඇති සමාජ පිරිවැය සලකා බලන්නේ නැත. ආණ්ඩුවේ බඳු ක්‍රියාවලිය හමුවේ විශාල වශයෙන් ඉහළ මධ්‍යම පංතිය පහළ මධ්‍යම පංතිය ගොවියන් හා කම්කරුවන්ගේ ජන ජීවිතය විශාල ලෙස කඩා වැටී ඇත. මේ නිසා මහ බැංකු අධිපතිතුමා කියන ආර්ථික කතන්දරය කිසි කෙනෙකුට තේරෙන්නේ නැත. එය සමාන වනුයේ හන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්  සුරංගනා කතාවකටය.

එම කතාව වනුයේ අධිරාජ්‍යගේ අලුත් ඇඳුමයි. එම කතාවට අනුව එක්තරා අධිරාජ්‍යයකුට ලෝකයේ කිසිම කෙනෙකුට නොමැති අලංකාර ඇඳුමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විය. මේ සඳහා අධිරාජ්‍යයා ඇඳුම් නිර්මාණකරුවන්ට පැමිණෙන ලෙස ආරාධනා කළේය. කපටි පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇඳුමක් නිර්මාණය කරන බව  රඟපාමින් අලුතින් නිර්මාණය කළ ඇඳුම් බවට මවා පාමින් අධිරාජයා රවටා එම ඇඳුම පෙනෙන්නේ බුද්ධිමතුන්ට බව පවසා අධිරාජයා වීථි සංචාරය කිරීමට සැලසුවේය. බොහෝ දෙනෙක් අධිරාජයා නිරුවතින් සිටියත් එය පවසා නොසිටියේ තමන් බුද්ධිමතුන් බව පෙන්වීමටයි. වීදියේ සිටි කුඩා දැරියක් සිනහ වෙමින් කියා සිටියේ අධිරාජයා නිරුවතින් සිටිනා බවයි. අධිරාජයා නිරුවතින් බව අවබෝධ වන විට කපටි මිනිසුන් තෑගි බෝගද රැගෙන පලා ගොස් තිබුණි. මහ බැංකු අධිපතිතුමාගේ රටේ ආර්ථිකය ගැන විචාරයත් ඒ වගේය. එය තේරෙන්නේ රටේ බුද්ධිමතුන්ට පමණය.

K-හැඩයේ ආර්ථිකය සහ හැකිලෙන ජනජීවිතය

ඇත්තට රටේ පවතින්නේ කොයිවගේ ආර්ථික තත්වයක්ද? දැන් ලංකාවේ පවතින්නේ K ස්වරූපයේ ආර්ථික තත්ත්වයකි. K ස්වරූපයේ ආර්ථිකයක් යනු ආර්ථිකයේ ක්ෂේත්‍ර  ස්වල්පයක් පමණක් උත්තේජනය වී ක්ෂේත්‍ර බහුතරයක් අඩපණ වීමයි. දැනටමත් ආර්ථික ක්ෂේත්‍රයන් බහුතරයක් අඩපණ වී ඇත. එම ක්ෂේත්‍ර තවමත් පවතින්නේ 2022 පැවති තත්ත්වය තුළය. මහා පරිමාණ ව්‍යාපාරිකයන් දස දෙනෙක් සාර්ථක වී ඇත. විදේශ රැකියා වලින් ලැබෙන ප්‍රේෂණ ඉහළ මට්ටමට ගොස් ඇත. සමස්ත අපනයන කුඩා වර්ධනයක් පෙන්නුම් කරයි. සංචාරක ක්ෂේත්‍රයේ ත් යම් කුඩා වර්ධනයක් පෙන්නුම් කරයි. එසේ වූවත් මෙම වර්ධනයන් කිසිවක් ස්ථාවර නැත කුඩා අභ්‍යන්තරහෝ බහිර තෙරපුමකින් මේ සියල්ල කඩා වැටිමේ විශාල ඉඩක් ඇත. අවම වශයෙන් රට 2018 වර්ෂයේ තත්ත්වයට තවම පැමිණ නැත.

රටේ අනෙකුත් සියලුම ආර්ථික ක්‍රියාවලීන් හැකිලෙමින් ඇත. ක්ශුද්‍ර, සුළු හා මධ්‍යම  ප්‍රමාණයේ අවිධිමත් රැකියා සැපයූ ක්ෂේත්‍ර වේගයෙන් හැකිලෙමින් ඇත. මේ හැකිලෙන ආර්ථිකයන් සඳහා අවශ්‍ය උත්තේජනයක් මේ දක්වා ආණ්ඩුවෙන් ලැබී නැත. ගොවියන්, කම්කරුවන් පහළ මධ්‍යම පන්තිකයන් හා ඉහළ මධ්‍යම පංතිකයන් වක්‍ර හා සෘජු බදු මගින් ලබන ආදායමෙන් 40% වැඩි ප්‍රමාණයක් නැවත ආණ්ඩුව උදුරා ගනිමින් ඇත. මෙහි ප්‍රතිඵලයන් ලෙස ග්‍රාමීය ආර්ථික, නාගරික ආර්ථික හා නාගරික ප්‍රදේශවල ජනතාවගේ ද්‍රවශීලතාවය සීග්‍රයෙන් පහළ ගොස් ඇත. මෙම නිසා මෙම පිරිස් ඉලක්ක කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයන් විශාල අමාරුවක වැටී ඇත.

නිල සංඛ්‍යාලේඛන සහ පොළොවේ යථාර්ථය අතර පරතරය

ලංකාවේ මේ ආර්ථික අර්බුදය ප්‍රතිපත්තිසම්පාදකයන්ට අවබෝධ වන්නේ නැත්තේ ඇයිද යන්න ගැටලුවකි. මේ ලියුම්කරුට අනුව ලංකාවේ දැනට පවතින දත්ත නිවැරදි නොවේ. මහ බැංකුව, මූල්‍ය කොමිසම  කැබිනට් මණ්ඩලය දත්ත ලබාගන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙනි. එම දත්ත කොතරම් සත්‍ය ද යන්න කවුරුත් ප්‍රශ්න නොකරයි. රටේ ආර්ථික වර්ධන වේගයද දළ දේශීය නිෂ්පාදනය ගැන පෙන්වන්නේ සත්‍ය දත්තද? මෙම දත්ත වැරදි වුවහොත් වැරදි දත්ත මත පදනම්ව හදන ප්‍රතිපත්ති හා කරනුලබන ප්‍රකාශන කොතරම් වැරදිද. ඒ අනුව දත්ත සකස් කරන ආයතන වල දත්ත නිර්වාදයතාවය ගැනද සැලකිලිමත් විය යුතුය.

මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශයන් කරනු ලබන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත පදනම් වෙමින් විය හැකිය. නමුත් ලංකාවේ දැනට ප්‍රකාශිත පාරිභෝගික මිලදර්ශක ආදිය දෙස බැලීමෙන් පෙනී යන්නේ ඒවා කුමන බර තැබීම් මත සකස් කරනවාද යන්නයි. මහපොළොවේ පවතින ආර්ථික ක්‍රියාවලිය හා පොත් වල පෙන්වන ක්‍රියාවලිය අතර ඇත්තේ විශාල පරතරයකි. මෙම පරතරය මහ බැංකු අධිපතිතුමාට නොපෙනුනත් ජනාධිපති ඇතුළු කැබිනෙට්ටුවට නොපෙනෙන්නේ ඇයිද යන්න මහජනතාවට දැන් ඇති  ගැටලුවකි.

Vipula Karu(සටහන | විපුල කරුණාතිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
wipulakarunathilake@gmail.com


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...